Like us on Facebook

මොකක්ද මේ BUDDY Cricket ? - What is BUDDY Cricket ?



වසර හතරකට වරක් එළඹෙන 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුමත් සමග අපට දක්නට ලැබෙන නොයෙක් අන්දමේ වැඩසටහන් අතුරින් අන්තරජාලය හා වෙනත් ක්‍රම තුලින් මේ දිනවල අපට නිතරම පාහේ දකින්න අහන්න ලැබෙන ජනප්‍රිය මාතෘකාවක් තමයි Buddy Cricket කියන්නේ. මොකක්ද මේ Buddy Cricket කියන්නේ කියලා තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.


2015 ලෝක කුසලාන Cricket තරඟාවලිය වෙනුවෙන් දක්නට ලැබෙන වැඩසටහන් අතුරින් ඩ්‍රීම් විෂන් ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහනක් හඳුන්වා දීමට නියමිතය. මේ අපි අද කතා කරන Buddy Cricket කියන්නේ මේ ක්‍රීඩා වැඩසටහනට තමයි. තවද ඩ්‍රීම් විෂන් ආයතනය මගින් පසුගිය කාලය පුරාවට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යයන් කීපයක්ම සිදු කල අතර. එමගින් තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහල තැනක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනා.

Facebook සමාජ වෙබ් අඩවිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන හුදෙක් වැඩසටහනක්ම පමණක් නොව ක්‍රීඩාවක් යනුවෙන් ද හඳුන්වා දිය හැකිය. මෙම නව ආරේ විනෝදකාමී වැඩසටහන මගින් ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන් සතුව පවතින ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ දැනුම, තරඟ මාලාවේ ජයග්‍රාහී කණ්ඩායම් මොනවද යන බව, ඔවුන් රැස් කරන ලකුණු ගණන සහ තරඟයේ වීරයා කව්ද යන්න වැනි තවත් නොයෙකුත් ක්‍රියාකාරකම් මේ වැඩසටහන මගින් අත් විඳීමට හැකියාව ලැබේ.

ක්‍රීඩාවේ අතුරු මුහුණත් කීපයක්







ක්‍රීඩාවේ ස්වභාවය ගැන යමක් කියනවනම් නිත්‍ය ඕවරය යටතේ ප්‍රශ්න 06ක් ද, සුපිරි ඕවරය යටතේ ප්‍රශ්න 03ක් ද, තරඟ පදනම් කර ගත වීඩියෝ පට අනුසාරයෙන් අනුමාන ප්‍රශ්නයකටද පිළිතුරු සැපයීමටද අවස්ථාව පරිශීලකයින්ට උදාවේ. මෙම ක්‍රීඩාවේ ජයග්‍රාහකයින්ට මුල්‍යමය සහ ජංගම දුරකථන ත්‍යාග පිරි නැමීමට ඩ්‍රීම් විෂන් ආයතනය පියවර ගෙන ඇත. 

මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමේ එක් ප්‍රධාන බලාපොරොත්තුවක් නම් ක්‍රිකට් ලෝලිත්වය වැඩි කරමින් මෙවර ලෝක කුසලානය ලංකාවට හිමිකර දීමට ජනතාව උද්යෝගිමත් කිරීමට දායක වීම. කෙසේ වෙතත් Facebook රසිකයින් මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගනු නොඅනුමානයි. 



අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

1 comments :

https://supertechgadgets.com

December 21, 2017 at 9:28 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...