Like us on Facebook

Pseudo Code ගැනත් දැනගනිමුද ?


යාලුවනේ මම අද Pseudo Code ගැන යම්තාක් දුරකට ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුව. ඒ වගේම යාලුවනේ අපි Flow Chart සම්බන්දව දාපු ලිපියක් තියෙනවා ( Flow Chart ) ඒ ලිපියෙන් Flow Chart ගැන සරල වගේම ගැබුරු අදහසක් ඉදිරිපත් කරල තියෙනවා. මම දැන් ඒ ගැන කිව්වේ මොකද කියල ඔයාල බලනවා ඇති.. හේතුව Flow Chart පිළිබද දැනීමක් තියෙනව නම් Pseudo Code දෙයක් නැ වගේ තමා ( හි හි ..).
                                          මෙය පරිගණක භාෂාවකින් යපෙන්නෙති සරල  භාෂාවකින් දක්වන්න පුළුවන්. මෙය ආකාර 3කින් ප්‍රකාශ කරන්න පුළුවන්.



1). Sequence Control Structure.
2). Selection Control  Structure.
3). Repetition Control Structure.
  මම මොකටත් කියල , Pseudo Code වල ගැටළු විසදද්දී ඒවම Flow Chart වලිනුත් කියල දෙන්නම්. එතකොට ඔයාලට පැහැදිලිවම පෙනෙයි මෙහි තියෙන සමාන හා අසමානකම්.



1). Sequence Control Structure.
                 මේ යටතේ තියෙන ගැටළු දැන් විසදමු හැබැයි ඉතින්  Sequence Control Structure කියන්නෙත් මොකක්ද කියල නොදැන වැඩේට බහින්න එපා එක නිසා කලින් ලිපිය කියවල එනව නම් තමයි හොද. මම මේ ගැටළු විසදන ගමන්ම Pseudo Code කියල දෙන්නෙම් ඒක ගොඩක් හොද ක්‍රමයක් Pseudo Code ඉගෙන ගන්න.

Q1
1). Number 2ක් Input කල විට Output එක සදහා Number 2හි එකතුව ලැබෙන සේ FlowChart එකක් හා Pseudo Code එකක් ලියන්න ??
( Write a Pseudo code and drow a FlowChart For the Programme to input 2 numbers and Output the Total ?)

A1









දැන් ඔය ගොල්ලන්ට FlowChart නම් තේරෙන්න ඕන. මම කියාදෙන්නම් Pseudo Code එක ලියන හැටි මුලින්ම FlowChart වල Start Symbol එක වගේ මේකෙදිත් Start යන්න Text කරන්න ඊට පස්සේ Variable Declare  කරන්න Space එකක් තියල Input යන්න Text කරල Input කරන Data ටික ඇතුලත් කරන්න ඕන. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ FlowChart වල Symbol ඇසුරෙන් කරන දේම තමා Pseudo Code වලින් Text මාර්ගයෙනුත් කරන්නේ කියල. දැන් තියෙන්නේ FlowChart එක තුල සිදුවුන Proccess එක මෙහි Text ආකාරයටම සටහන් කිරීමයි. හැබැයි මේ වගේ තැන් වලදී ගන්න variable මුලින් Space එකක් තියන්න කියපු තැන Declare කරන්න අමතක නම් කරන්න එපා. ඊට පස්සේ Output එක විදිහට Total කියන variable එක දෙන්න. මේ ගැටලුවේ විදිහට නම් අපි පිලිවලකට විසදලා ඉවරයි මතක් කරලා Pseudo Code එක End හරි Stop හරි කරන්න.



Q2.
2). Number 5ක් Input කල විට Output එක සදහා number 5හි එකතුව හා එහි සාමාන්‍ය අගය ලබා ගැනීම සදහා  FlowChart එකක් හා Pseudo Code එකක් ලියන්න ??
( write a pseudo Code and Draw a FlowChart for the Programme to input 5 numbers and Output total and Average. ?)


A2.






මේ ප්‍රශ්නයේදීත් මුලින් කරා වගේම පිලිවලකට Pseudo Code එක ලියන්න ඕන. මෙහි වෙනසකට තියෙන්නෙ Average එක හොයන එක විතරයි. දැන් කලින් ප්‍රශ්නේ විදිහට Output එකෙන් Total එක ගන්න තැනට එන්න එහි "Average is " කියල තියෙන්නෙ Text එකක් එකයි  "" ඇතුලත දමන්නේ. ඊළගට Total කියල තියෙන්නේ අපි ගත්තු Variable එක. Variable එකයි Text එකයි මැදින් තියෙන්නේ , ලකුණ. ඒ මගින් variable එකයි, Text එකයි සම්බන්ද කිරීමක් සිදුවෙනවා.  දැන් output එක විදිහට Average එක ගනිද්දී Pseudo Code වල මෙයට variable එකක් Declare කිරීම FlowChart වලදී අත්‍යවශය උවත් මෙහිදී  අත්‍යවශය වෙන්නේ නැ. Output එක විදිහට Average එක ගත්තට පස්සේ End කරන්න.


Mmm දැන් නම් මේ Post එකට ඇති වගේ යාලුවනේ ඉදිරියේදී  Selection Control  Structure , Repetition Control Structure ගැන කියල දෙන්නම්. දැනට මේ ටික Practice කරන්නකෝ.. Google සහය පතුවොත් තවත් ප්‍රශ්න හොයා ගන්න පුළුවන් ඔයාලට...  දුකට සැපට Google නේ...


Written By Admin Thisa.

4 comments :

niyamai machan, ithuru tikath danna.

Janaka
April 9, 2013 at 7:19 AM comment-delete

While ,for . Mata තේරෙන්නෑ

March 3, 2018 at 5:19 AM comment-delete

Pehedili madi ane

January 20, 2019 at 5:11 AM comment-delete

thawa wisthara Krnko,pehedili madi

June 22, 2019 at 10:52 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...