Like us on Facebook

පරිගණක පරම්පරා ... Computer Generations ...

Artificial_intelligence












Hi Boys....
කොහොමද කට්ටියම හොදින් කියල හිතනවා. CS Lessons කිහිපයකට පස්සේ අනම් මනම් ගොඩක් දානකොට කට්ටිය හිතුවද දන්නැහැ අපිට ප්‍රධාන කරණය අමතක වෙලා කියල :D නැ නැ එහෙම දෙයක් නම් නෙමෙයි, k දැන් අපි ඒ කාලයත් එක්කම අල්ලලා අපේ යාළුවන්ට CS Lessons ටිකක් එක දිගටම දෙන්න හිතුව අද දෙන්න හදන්නේ පරිගණක ආරම්බයේ සිට අද දක්වා පරිගණක පරම්පරා පිළිබද පොඩි වර්ගීකරණයක් එක්ක විස්තරයක් මොකද හැමදෙයකම ආරම්බය වැදගත්නේ k අපි වැඩේට බහිමු.



* 0th Generation (Earliest Computers)

පරිගණකය කියන්නේ ඇත්තෙන්ම ගණක යන්ත්‍ර හා යම් තරමක් සමාන(100%ක් නෙමෙයි.) යම් තරමක් සම්බන්ධ, ඒවාට සමගාමීව දියුණු වුනු යන්ත්‍ර විශේෂයක්. මුල් කාලීන පරිගණක බොහොමයක් භාවිතා වුනේ ගණනය කිරීම සඳහා තමයි. ඒවා අතරින් මූලිකවම ගැනෙන යන්ත්‍රයක් තමයි Abacus එක කියන්නේ. (Abacus එක හැබැයි chinese භාණ්ඩයක් තමයි. ඒ වුනාට හොඳට වැඩ කරනවලු. :D   හැබැයි ඒ වගේම රෝමේත් මේක භාවිතා වුනා)

Abacus

Abacus එක ගැන නම් මම හිතනවා ගොඩක් අය අහලා ඇති කියලා. එත් Antikythera Mechanism කියන එක ගැන නම් සමහරවිට අහලා නැතුව ඇති. ඇත්තෙන්ම මේක පරිගනකයක් විදියට හඳුනාගත්තෙත් බොහොම මෑතකදී ඇත්තෙන්ම 2006 දී. මේක නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රි.පූ. 100 හෝ ඊටත් පෙර කියලයි කාල නිර්ණය කරලා තියෙන්නේ.
ඊලගට තව වැදගත්ම යන්ත්‍රයක් තමයි බ්ලේස් පැස්කල් විසින් 1642 නිර්මාණය කල Pascaline Machine හෙවත් පැස්කල් යන්ත්‍රය. ඒවගේම අපට අමතක කල නොහැකිම පුද්ගලයෙක් නිර්මාණය කල තවත් යන්ත්‍ර 2ක් තියෙනවා. ඒ කෙනා තමයි චාල්ස් බැබේජ්. ඔහු තමයි පරිගණකයේ පියා විදියටත් හඳුන්වන්නේ.
1937 දී ඔහු Analytical Engine කියන යන්ත්‍රය නිර්මාණය කළා. ඊළඟට ඔහු Difference Engine නම් යන්ත්‍රය සැලසුම් කළා. එත් ප්‍රශ්නය වුනේ ඔහුගේ සැලසුම් වලට අනුව ඒ යන්ත්‍ර නිසිආකාරව නිර්මාණය කිරීමට ඒ කාලේ පැවති තාක්ෂනය ප්‍රමාණවත් නොවීම. ඒ නිසාම Difference Engine යන්ත්‍රය ඇත්තෙන්ම නිර්මාණය වුනේ චාල්ස් බැබේජ් ගේ කාලයට පසුවයි. කෙසේ වෙතත් ඔහුගේ සැලසුම ඉතාමත් සාර්ථක පරිගණකයක සැලසුමක් වුනා. ඒ නිසාමයි ඔහුව පරිගණකයේ පියා විදියටත් හඳුන්වන්නේ. මීට අමතරව තවත් යාන්ත්‍රික පරිගණක කිහිපයක්ම මුල් කාලයේ බිහිවුණා. ඒවා තමයි පළමුවන පරම්පරාවේ පරිගණක වලට අඩිතාලම දැම්මේ.

01. First Generation (1940-1956) Vacuum Tube
පළමු පරිගණකය සැදීමේදී රික්ත නලයක් බාවිතා කරලා තියෙනව ඒ වගේම මෙහි මතකය විදියට Magnetic Drum 1ක් බවිත කරලා තියෙනවා. 


Magnetic Drum Memory

ඒ වගේම මෙම පරිගණකය කාමරයක තරම් විශාලත්වයකින් යුක්ත උනා මෙය ක්‍රියාත්මක වීමේදී ඉතා විශාල විදුලි බලයක් අවශ්‍ය වෙලා තියෙනවා ඉතින් මේ සදහා ලොකු වියදමක්ද දරන්න සිදු  උනා, එලෙසම මෙය භාවිතා කරන අධික විදුලි බලය නිසා විශාල වශයෙන් තාපය ඉපදවීමද එමගින් පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වීමද ලොකු අවාසියක් වුනා.
Vacuum Tube

මේ අවදියේදී පරිගණකය සමග ක්‍රියාකිරීමට භාවිත කල භාෂාව Machine Language නම් වන අතර මෙය පරිගණක භාවිතයේදී යොදා ගනු ලැබූ පහල මට්ටමේ පරිගණක භාෂාවකි. එම නිසා මෙම පරිගණක මගින් වරකට විසදිය හැකි වුයේ එක ගැටළුවක් පමණි. මෙයට දත්ත ඇතුළු කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි බාවිතා කල අතර මෙහි විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගත්තා.
මෙම යුගයේ භාවිතා කල පරිගණක අතර UNIVAC සහ ENIAC යන පරිගණක හැදින්විය හැක.


02. Second Generation (1956-1963) Transistors
Vacuum Tube වෙනුවට Transistors බාවිතා කරමින් නිපදවන ලද පරිගණක මෙම යුගයේදී බිහිවිය. 
tubeandtransistor1947දී Transistors සොයා ගැනිමත් සමග මෙම අවදියේ නිපදවූ පරිගණක වල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු විය. පරිගනකයේ විශාලත්වය කුඩා වීම, කාර්යක්ෂම වීම, ලාබදායි වීම ඒ අතරින් ප්‍රදාන වේ. මෙය පළමු යුගයේ පරිගණක වලට වඩා විශ්වාස දායි වුවද Transistors මගින් නිපදවන තාපය පෙර පරිදිම විය. මේ නිසා පරිගනකයට සිදු වන හානියෙහි වෙනසක් සිදු නොවීය.
මෙම යුගයෙදීද දත්ත අතුලත් කිරීමට  Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි භාවිතා කල අතර විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගත්තා.
Transistor

තාක්ෂණයේ සිදුවූ වෙනසත් සමග පරිගණක භාෂාවේ වෙනසක් සිදු විය, එනම් සංකේත යොදා ගනිමින් පරිගනකය සමග ගනුදෙනු කල හැකි වූ අතර එයට ඇතුලත් කල විධාන වචන ලෙස ඇතුලත් කිරීමට හැකි වුනා. Cobol සහ Fortran යන පරිගණක භාෂාවන්ගේ මුලාරම්භය මෙය ලෙස සැලකිය හැකියි.
Magnetic Core Memory

මෙම පරිගනකද මුල් යුගයේ පරිගණක මෙන්ම දෙනු ලබන විධානයන් මතකයේ රදවාගන්නට සමත් වූ අතර  ඒ සදහා යොදා ගත් Magnetic Drum වෙනුවට  Magnetic Core යන තාක්ෂනය භාවිතා කරනු ලැබුවා.



03. Third Generation (1946-1971) Integrated Circuits
Integrated Circuits
සංගෘහිත පරිපත භාවිතත් සමග පරිගනක වල නව යුගයක් මෙම අවදියේදී ඇති විය. මෙය පරිගණක විකාශනයේ 3වන යුගය ලෙස හැදින්විය හැකියි. මීට පෙර භාවිත කල Transistors එකට එකතු කොට තවදුරටත් කුඩා වන සේ සකස් කල සංගෘහිත පරිපත මෙම යුගයේ පරිගණක සදහා යොදා ගන්න ලදී. එලෙසම මේවා එකතු කොට සාදන ලද Semiconductor පරිගණක නිපදවීමට භාවිතා විය. මෙම නව තාක්ෂණයත් සමග පරිගණක ඉතිහාසයේ සුවිසේසි අවධියකට මෙම යුගයේදී පිවිසුනා මෙතෙක් බාවිතා කල  Punch Card සහ මුද්‍රණ කටයුතු වෙනුවට Key board සහ Monitors භාවිතය ඇරබුනි.
Integrated Circuits

එසේම අතුරු මුහුණතක් (Interface) සහ ප්‍රදාන මෙහෙයුම් පද්ධතියක් (Operating Systemභාවිත පළමුවෙන්ම ඇරඹුනේ මෙම යුගයේදී වන අතර මේ නිසා වැඩ සටහන් කිහිපයක් සමග එකවර වැඩ කිරිමේ හැකියාව පරිගණකයට ලැබුණි. මෙම පරිගණක වල ප්‍රමාණය සහ මිලෙහි අඩු වීම වැඩි දෙනා අතර මෙම පරිගනක ප්‍රචලිත වීමටද හේතුවක් විය. 

k මෙතැන් සිට වර්තමානයේ අපි භාවිතා කරන පරිගණක දක්වා පරිගණක වල පරිණාමය සිදු වෙනවා අපි ඊලගට බලමු ඒ විස්තරය. ;-)


04. Fourth Generation (from 1971) Microprocessors
Intel core i7 Processor
තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග සංගෘහිත පරිපත දස දහස් ගණනක් එකට එකතු කොට තනි Silicon Chip 1ක් සාදන ලදී. මෙය වර්තමානයේ අප භාවිතා කරන Processor එක ලෙස හදුන්වයි. මෙම Microprocessor පරිගණක තාක්ෂණයට විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය. මුල් යුගයේ කාමරයක් තරම් වූ පරිගණකය අතේ ගෙන යාමට හැකි තරමේ කුඩාවට නිෂ්පාදනය කිරීමට මෙම තාක්ෂණයට හැකි විය.
Intel 4004 CPUමේ අතර වර්ෂ 1971දී නිපදවනු ලැබූ Intel 4004  Microprocessor එක ප්‍රධාන ස්ථානයක් ගනී.

ප්‍රථමයෙන් 1981දී IBM සමගම විසින් ගෘහස්ථ භාවිතය සදහා පරිගණකයක් නිපදවීය, මෙතැන් පටන් ක්‍රමයෙන් කුඩා වන ලෙසත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසත් පරිගණක නිෂ්පාදනය විය.
මේවා මුල් යුගයේ පරිගණක වලට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් පහසුවෙන් ජාල ගත කිරීමටද පුළුවන් විය.

05. Fifth Generation - Artificial Intelligence
පරිගණක විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැක. පරිගණකයටම වෙන්වූ බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත අවධිය දැක්වෙන  යුගය ලෙස මෙය සැලකේ.


Artificial_intelligence

වර්තමානයේ භාවිත වෙන Voice Recognition වැනි වැඩසටහන් භාවිත විම ඇරබීමත් Parallel Processor සහ Super Conductor වැනි පරිපථ පරිගණකයේ භාවිතා වන කෘතීම බුද්ධිය (Artificial Intelligence) වැඩි දියුණු කිරීමටත් හේතු විය.
Artificial_intelligence


අවසානයේ පරිගණක හැසරවීමට විධාන ලබා දිම සදහා සාමාන්‍ය භාවිත කරන භාෂාවන් භාවිතයට හැකි වී ඇති අතර මෙය Nature Language නම් වේ.





K එහෙමනම් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා, මෙහි අවශ්‍ය හැම තැනකම වැඩිපුර විස්තර සදහා අමතර links සපයා තියෙනවා. Video 2කුත් පහලින් දාල තියෙනවා එකත් බලන්න මේ පොස්ට් 1 cover photo 1 විදියට Artificial intelligence පිළිබද පින්තුරයක් භාවිතා කලේ ඒක මම ඉගෙන ගන්න අසම Subject එකක්  නිසා ;-) කොහොමද යාලුවනේ අවුලක් නෑනේ එක ගැලපෙනවා නේද ...  :D
k කට්ටියටම තව එක දෙයක් මතක් කරනවා මෙම article එක ගැන හෝ අපේ අනිත් බ්ලොග් පොස්ට් වල Lessons ගැන හො මොනහරිම ගැටළුවක් තියෙනව නම් Comment 1කින් හරි අපිට e-mail 1ක් එවල හරි අහන්න අපි අනිවාර්යයෙන්ම විසදුමක් ලබා දෙනවා. ඒ වගේම ඔයාලගේ යාලුවන්වත් අපේ බ්ලොග් 1ක ගැන දැනුවත් කරන්න මොකද දැනුම කියන්නෙ බදාගෙන කන්න ඕන දෙයක් නෙමේනේ ඉතින් අපි බෙදාගෙනම කමු  :D අපිත් මේ බ්ලොග් 1 පටන් ගත්තේ අපි ඉගෙන ගන්න දේ අපේ විදියට තවත් කෙනෙක්ට කියල දෙන්න සහ අපි ඉගෙන ගත්තු දේ හරි අපි තේරුම් ගත්තු දේ හරි වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවත් නිවැරදි කරගෙන  නොදන්නා දේවලුත් ඒ මගින් ඉගෙන ගන්න ඉතින් අපි කියා දෙන Lessons වල හරි ඕනෑම දෙයක වැරදි අඩු පාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා.


එහෙමනම් ජය වේවා !!







Links :
පරිගණක ඉතිහාසය - සිංහල විකිපීඩියා
History of Computing
5th Generation



Written By Admin Priya.

13 comments :

හොඳ ලිපියක් සහෝ!

බොහොමත්ම ස්තූතියි සහෝ කොමෙන්ටුවට. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියල ආරාධනා කරනවා.

3idiots CS
May 13, 2013 at 9:37 AM comment-delete

අඩෝ නිසනයා , තෝ මේක කියෙව්වේ නැතිව නේද හොදයි කිවේ , කියවපන් හරිය :D

:D බනින්න එපා බන් පොස්ට් 1ට වැටුන 1st Comment එක ඕක :D

3idiotCS
May 16, 2013 at 5:56 AM comment-delete

:D බනින්න එපා බන් පොස්ට් 1ට වැටුන 1st Comment එක ඕක :D

3idiots CS
May 16, 2013 at 6:00 AM comment-delete

Pattaaaaaaaaaaaa aaaaa akemma Veryyy Veryyyyyyyyy Thanks

Anonymous
October 4, 2013 at 2:09 AM comment-delete

අද එක්සෑම් ඕයි.පෝත අල්ලන්න හිතෙන්නෙම නෑ.අවුවටත් වැස්සටත් නෙට් එකනේ.තැන්කූ ඈ... අද දෙන්නම් වැඩේ..
http://www.syberlk.com

March 26, 2014 at 5:17 PM comment-delete

බලහන්කෝ ඒකෙත් හැටි. හෙට අයි ටී.. july 22, 2014

July 22, 2014 at 9:06 AM comment-delete

Meka download danna barida bn

November 14, 2016 at 8:14 AM comment-delete

This comment has been removed by the author.

January 23, 2018 at 8:49 AM comment-delete

super machoo..thankx godak

February 14, 2018 at 11:03 PM comment-delete

Tnx...bro...adatath Uba me dapu post eka wtniwa kollo 😃

April 2, 2018 at 10:41 AM comment-delete

Supiri bro

February 1, 2021 at 3:46 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...