Like us on Facebook

Web Technology- 3 - වෙබ් තාක්ෂණය - 3 - Hosting Control Panels


කලින් පාඩමෙන් අපි Server Software ගැන දැනගත්තා. මේ එම පොස්ට් එක.
Web Technology- 2 - වෙබ් තාක්ෂණය - 2 - Server Softwares

අද කථා කරන්නේ Web Hosting සඳහා සම්බන්ධ වන Hosting Control Panels ගැනයි..


2.3 Hosting Control Panels
Hosting Control Panel යනු Server පරිගණකයකින් ලබාගන්නා Hosting ගිණුමකට අදාළ තාක්ෂණික දේවල් කළමනාකරණය කිරීමට Hosting සේවාව මඟින් ලබාදෙන වෙබ් අතුරුමුහුණතකි(Web Interface). මෙම Web Interface එක මඟින් අපේ Hosting Account එක සමඟ සම්බන්ධ කර ඇති වෙබ් අඩවියේ/අඩවි වල Domains(මේ පිලිබඳ ඉදිරි පාඩමකදී වෙනමම කියාදෙනවා.), Databases, Files වැනි සියලු දේ කළමනාකරණය කිරීමට පහසුකම් ලබාදෙයි. මේවා Hosting සේවා සපයන ආයතන මඟින් ඔවුන්ගේ Server පරිගණක වල ස්ථාපිත කර ඇත. 


පොදුවේ මෙම Hosting Control Panels මඟින් වෙබ් අඩවියට/අඩවිවලට අදාලව සිදු කරගත හැකි දේ පහත දැක්වේ.
* File කළමනාකරණය කිරීම.
* Database කළමනාකරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම.
* Domains/Sub-Domains කළමනාකරණය කිරීම.
* FTP Accounts සැකසීම සහ කළමනාකරණය.
* Email Accounts කළමනාකරණය කිරීම.
* Backup/Restore කටයුතු සඳහා පහසුකම් සැපයීම.
* Logs සහ ඒ සම්බන්ධ කරුණු
* Statistics සහ තොරතුරු බලාගත හැකිවීම(වෙබ් අඩවියට පැමිණි පිරිස සහ ඒ සම්බන්ධ තොරතුරු).


මෙවැනි ප්‍රමුඛම Hosting Control Panel එක ලෙස cPanel හැඳින්විය හැක. බොහොමයක් Hosting සේවා සපයන සමාගම් යොදාගන්නේ එයයි. ඊට අමතරව තවත් කිහිපයක් සමහර සමාගම් භාවිතා කරනවා. ඒවා පිලිබඳ කෙටි විස්තරයක් සහ ඒවායේ Screenshots පහත දැක්වෙනවා.

1. cPanel 

වැඩියෙන්ම භාවිතා වන ප්‍රමුඛම Hosting Control Panel එක ලෙස cPanel හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මෙහි Joomla වැනි CMS, WordPress වැනි Blog Platforms මෙන්ම Magento වැනි eCommerce Systems පවා ඉතා පහසුවෙන් Install කරගැනීමට පහසුකම් සපයා ඇති අතර එය අනෙක් ඒවාට වඩා පහසුවෙන් කරගත හැකිවීම විශේෂත්වයක්. මෙය Hosting සේවා සපයන සමාගම් විසින් මුදල් දී ලබා ගන්න එකකි.



Demo: http://cpanel.net/demo/


2. Plesk

cPanel වලට පසුව වැඩිපුර භාවිතා වන තවත් Hosting Control Panel එකක් ලෙස Plesk හැඳින්විය හැක. මෙයද Hosting සේවා සපයන සමාගම් විසින් මුදල් දී ලබා ගන්න එකකි. 




Demo: http://sp.parallels.com/products/plesk/hands-on-demos/



3. Sentora


තවත් හොඳ Hosting Control Panel එකක් ලෙස මෙය හැඳින්විය හැකි අතර මෙය Free & Open Source Hosting Control Panel එකකි. එනම් මෙය නොමිලේ ලබාගත හැකි එසේම තමන්ගේ අවශ්‍යතා අනුව වෙනස්කම් කරගත හැකි එකකි. මෙය මුල් කාලයේදී zpanel ලෙස හැඳින්වුන අතර අද වන විට Sentora බවට පත්ව ඇත.
  


Demo: http://sentora.ga/


තවත් මෙවැනි Hosting Control Panels කිහිපයක් පහත දැක්වේ.
4. ISPConfig
5. Ajenti
6. Kloxo
7. Froxlor
8. VestaCP
9. VHCS
10. EHCP


අදට මේ පොස්ට් එක අවසන් වෙනවා. බොහෝ විස්තර ලබාදීමට වඩා මේ පිලිබඳ යම් අදහසක් ලබාදීමයි මගේ අරමුණ වුණේ. ඊළඟ ලිපියෙන් අපි Hosting Control Panel පිලිබඳ දැනගනිමු.


අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

2 comments :

බොහොම ස්තූතියි අයියේ!! දිගටම ලියන්න! සුභ පැතුම්!

February 24, 2015 at 6:02 AM comment-delete

@NIPUNA LIYANAGE
අදහසට ස්තූතියි මල්ලි.. පෝස්ටුවක් වැටෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා වුණාට, වෙලාව ලැබෙන හැටියට මේවා ඉදිරියේදී දිගටම පළ කරනවා.. බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න..

March 10, 2015 at 3:30 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...