Like us on Facebook

තාර්කික ද්වාර හෙවත් Logic Gates - 01



අපේ අප්පෝ.. ඕන්න එහෙනම් කාලෙකට පස්සේ අපි ආපහු වැඩ පටන් ගත්තා.. කස්ටියට අපිව අමතකද දන්නෙත් නැහැ..  : )

පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වෙලා හිටියේ තුන් කට්ටුවම.. ඒ නිසා පෝස්ටුවක් දාගන්නත් බැරිවුනා.. ඒ ගැන බොහොම බැහැපත්ව සමාව ඉල්ලා සිටිනවා..


අද එහෙනම් නිවාඩුවට විරාමයක් දෙමින් ආපහු වැඩ පටන් ගමු නේද..

හොඳයි.. අද අපි කතා කරන්න යන්නේ තාර්කික ද්වාර හෙවත් Logic Gates ගැන. මේක ඇත්තෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තොරතුරු තාක්ෂණය (O/L , A/L ICT) විෂය ඉගෙන ගන්න අයටත් ඉතාමත් වැදගත් වෙන පාඩමක්. ඉතින් එහෙම අයවත් මේ ලිපිය ගැන දැනුවත් කරන්නකෝ. මොකද එයාලටත් මේ ලිපියෙන් කරන පාඩම වැදගත් නිසා.

හොඳයි.. Logic Gates ගැන කියන්න කලින් මේවා ගැන මූලික තේරුමක් එන්නත් එක්ක පොඩි වටේ පිටේ විස්තර ටිකක් බලලම ඉමු.. එතකොට මෙව්වා ඉගෙන ගන්නේ මොන එහෙකටද කියලා තේරුම් යනවා. : )
හැබැයි ඒ මූලික දේවල් දන්නා කෙනෙක් නම් කෙලින්ම තාර්කික ද්වාර ගැන පටන් ගන්න කොටසම එකපාරම කියවන්න ගත්තත් කමක් නැහැ.

අපි මේ දන්නා කියන පරිගනකයේ හැම දේම කෙරෙන්නේ 0 සහ 1 පාදක කරගෙන කිව්වොත් සමහරු දන්නවත් ඇති, නොදන්නවත් ඇති..
(මොකක්ද බොලේ ඒ අපබ්‍රංශේ.. : o )
ඒ කියන්නේ මෙහෙමයි.. මේ පරිගණකයේ ඇත්තෙන්ම මූලිකව භාවිතා වෙන තාක්ෂණේ පදනම 0 සහ 1 කියන අවස්ථා දෙක යොදාගෙන ගණනය කිරීම් මගින් වැඩකටයුතු කිරීමයි.

කොහොමද එතකොට 0,1 යොදාගන්නේ.. ?
ඒක සරලව කිව්වොත් ලබාගන්නා විදුලිය යම් කොටසක් හරහා යැවීම (එනම් විදුලිය ගමන් කිරීම) 1 කියන අවස්තාව ලෙසත්, එම විදුලිය ගමන් නොකිරීමට සැලැස්වීම 0 යන අවස්තාව විදියටත් ගන්න පුළුවන්. 
(Hard Disk වගේ උපකරණයක් ගත්තොත් වෙනස් ක්‍රමේකට 0,1 පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. එත් මේ Logic Gates වලට අදාලව සරලව පැහැදිලි කරගන්නයි මම මෙහෙම කිව්වේ..)

ඉතින් මෙහෙම විදුලිය ගමන් කිරීම හෝ නොකිරීම පාලනය කරලා එකේ විවිධ අවස්ථා අරන් තමයි මේ පරිගණකය වැඩ කරන්නේ.. නැත්නම් ඇත්තෙන්ම පරිගණකය මේ අපි භාවිතා කරන ඉලක්කම්, අකුරු දන්නැහැ. ඒකට තේරෙන එකම දේ 0 හෝ 1. ඉතින් මේ අපිට තේරෙන දේවල් 0,1 බවටත් , 0,1න් පරිගණකය කරලා පෙන්වන දේවල් අපිට තේරෙන විදියටත් පරිවර්තනය කරගැනීම පරිගණකයේ වෙනත් උපාංග මගින් සිදුවෙනවා. ඒ නිසා අපි 0,1 ගැන නොදැනම පරිගණකයෙන් වැඩ කරගන්නවා.

ඉතින් මේ 0, 1 යන අවස්ථා 2 එක එක ආකාරයෙන් භාවිතා කරලා වැඩ කටයුතු කරගන්න අපිට යම් ක්‍රමයක් ඕනා වෙනවා. ඉතින් එහෙම එක එක ආකාරයේ Input අරන් Output ලබාදීලා වැඩ කටයුතු කරගන්න අපි විදුලි පරිපථ(Circuit) භාවිතා කරනවා. මේ පරිපථ වලදීත් ප්‍රමුඛවම අපි කතා කරන්නේ Transistors ගැනයි. මේ Transistors යොදාගෙන ද්වාර හෙවත් Gates නිර්මාණය කරගන්නවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ යම් තාර්කික ක්‍රමේකටයි. ඒවා තමයි තාර්කික ද්වාර හෙවත් Logic Gates කියලා හඳුන්වන්නේ.

ඉතින් මෙහෙම හදාගන්නා තාර්කික ද්වාර වර්ග කීපයක්ම තියෙනවා.. ඒ අතරින් ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. අපි මුලින්ම ඒ වර්ග 3 ගැන කතා කරමු.

1. NOT Gate (Inverter)

සංකේතය(Symbol) :


මේ NOT Gate එකේදී අපි ලබාදෙන Input එකේ ප්‍රතිවිරුද්ධ දේ Output එක ලෙස ලැබෙනවා. මම කලින් කිව්වා වගේ මේ ද්වාර සඳහා අපි ලබාදෙන්නේ එක්කෝ 1 , නැත්නම් 0 යන Inputs. ඒ නිසා මේ Gate එකේදී 
0 Input කලොත් 1 Output වෙනවා.
1 Input කලොත් 0 Output වෙනවා.

0 -> 1
1 -> 0

මීළඟට අපි බලමු මේ Gate 1ට Input 1ක් ලබාදුන් පසු ලැබෙන Output 1 නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි සත්‍යතා වගු හෙවත් Truth Table කියන නිරූපන ක්‍රමය භාවිතා කරනවා. මෙමගින් ලබා දිය හැකි සියලුම Inputs සහ ඒවාට ලැබෙන Outputs වගුගත කරනවා.

NOT Gate සඳහා Truth Table
අපි දැන් අනෙක් Logic Gates ගැන බලමු.

2. AND Gate

සංකේතය(Symbol) :


මේ AND Gate එකේදී අපිට Inputs 2ක් ලබාදෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ හරියට ගුණකිරීම වගේ දෙයක්. නමුත් මේවායේදී ගුණ කිරීම කියලා දෙයක් නැහැ. එත් අපි දන්නා ගුණ කිරීමට සමාන දෙයක් තමයි වෙන්නේ.
ඒ නිසා මේ Gate එකේදී 
0 , 0 -> 0 (0 x 0 = 0)
0 , 1 -> 0 (0 x 1 = 0)
1 , 0 -> 0 (1 x 0 = 0)
1 , 1 -> 1 (1 x 1 = 1)

මේ Gate එකේදී Inputs 2ම 1 වුනොත් පමණක් Output එක 1 වෙනවා. අනෙක් හැම අවස්ථාවකම Output 1 ලෙස ලැබෙන්නේ 0.

AND Gate සඳහා Truth Table

3. OR Gate

සංකේතය(Symbol) :


මේ OR Gate එකේදීත් අපිට Inputs 2ක් ලබාදෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ හරියට එකතුකිරීම වගේ දෙයක්. 
ඒ නිසා මේ Gate එකේදී 
0 , 0 -> 0 (0 + 0 = 0)
0 , 1 -> 0 (0 + 1 = 0)
1 , 0 -> 0 (1 + 0 = 0)
1 , 1 -> 1 (1 + 1 = 1)

මේ Gate එකේදී Inputs 2න් 1ක 1 පමණක් 1 වීම ප්‍රමාණවත්. එතකොට  Output එක 1 වෙනවා. Inputs 2ම 0 වුනොත්, Output 1 ලෙස ලැබෙන්නේ 0.

OR Gate සඳහා Truth Table



හොඳයි. මේ තමයි මූලිකම Logic Gates 3. අනිත් වර්ග ගැන ඊළඟ පෝස්ට් 1න් ඉගෙන ගමු. එකත් ඉක්මනින්ම දානවා. මේකෙම ඔක්කොම කරන්නයි හිටියේ. එත් එහෙම කලොත් පෝස්ට් එක කියවන්න , scroll කරන්න අමාරු වෙන මට්ටමටම දිග වැඩිවෙනවා. ඒ නිසා දැනට මෙහෙම නවත්තනවා. Logic Gates දෙවෙනි පොස්ට් එකෙන් යළි හම්බෙමු. ජය වේවා..!!




Written by:  Admin Dila

15 comments :

thanks!

Anonymous
August 10, 2014 at 5:23 PM comment-delete

සහෝ සුළු වැරදීමක් වෙලා තියෙනවා . OR gate එකේ
0 , 0 -> 0 (0 + 0 = 0)
0 , 1 -> 1 (0 + 1 = 1)
1 , 0 -> 1 (1 + 0 = 1)
1 , 1 -> 1 (1 + 1 = 1)
ලෙස නිවැරදි විය යුතුයි නේද ?? දිගටම කරගෙන යන්න .. ඔබට යහපතක්ම වේවා ..

December 28, 2014 at 7:52 AM comment-delete

ow truth table eka nm hari type karala thiyen ekai waradi

July 6, 2015 at 1:32 AM comment-delete

I want a article about Sum of products and product of sum expressions

April 25, 2016 at 12:09 AM comment-delete

I want a article about Sum of products and product of sum expressions

April 25, 2016 at 12:10 AM comment-delete

එලම.. ගොඩක් වටිනවා .දෙයක් ඉගනගත්තා

July 4, 2016 at 9:20 AM comment-delete

niyamai supiriuyata theruna

July 23, 2016 at 6:58 AM comment-delete

Sir mata pos. sop gena notes tikak denna puluwanda

December 30, 2016 at 9:33 PM comment-delete

Mata pos,sop gana note tikak denna puluwanda

June 16, 2017 at 11:53 PM comment-delete

good job

March 13, 2018 at 2:01 PM comment-delete

niyamai! harima saralava kiyala thiyanava

ඊලග කොටස අනිවාරෙන්ම ඕන ❤️

October 22, 2018 at 12:20 AM comment-delete

👌

October 22, 2018 at 12:22 AM comment-delete

Good job������

March 11, 2019 at 11:06 AM comment-delete

spr

September 10, 2020 at 11:38 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...