Like us on Facebook

SEO in Sinhala - SEO සිංහලෙන් - SEO Tools - 1 - Site Analyzing Tools - 1



අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..
SEO පාඩම් සියල්ලම..

අද මං මේ පොස්ට් එකෙන් කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ SEO කරන , ඉගෙනගන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතපු Analyzing Tools කිහිපයක් පිළිබඳවයි. මේවා මගින් ඔබට වෙබ් අඩවියක් Optimize කරන්න බැහැ. නමුත් මේවායින් යම් වෙබ් අඩවියක් ගැන වාර්තාවක් ලබාගන්න හැකියි. එම වාර්තාවන් සැකසෙන්නේ SEO පිලිබඳ විශේෂයෙන්ම සලකමින්. ඒ නිසා මෙම Tools මඟින් අපේ වෙබ් අඩවිය පිලිබඳ වාර්තාවක් ලබාගෙන, ඒකෙන් පෙන්නලා දෙන අඩු පාඩු හදාගෙන Site එක Optimize කරගන්න හැකියි. එත් මේ Tools භාවිතා කරාම ලැබෙන Report එක තේරුම් අරන්, ඒ අනුව අඩවිය Optimize කරන්න නම් SEO පිලිබඳ මූලික අවබෝධයක්වත් තිබිය යුතුයි. ඒත් කිහිප දෙනෙකුම මේ වගේ ප්‍රායෝගික දෙයක් ඉල්ලපු නිසා මං හිතුවා මේ වගේ පොස්ට් එකකුත් අපේ පාඩම් මාලාව අතරතුර දාන්න.


1. Google Webmaster Tools සහ Google Analytics



Google Analytics                :  
http://www.google.com/analytics/








Google Webmaster Tools   :  https://www.google.com/webmasters/



කරුණු කාරණා කොහොම වෙතත් මේ Google එකෙන් දෙන Tools දෙකේ වටිනාකම නම් ඉතාමත් ඉහලයි.. ඒ නිසාමයි මේ දෙක ලැයිස්තුවේ මුලටම දැම්මේ. කොහොමත් මූලික පාඩම් වලින් පස්සේ මේ Tools දෙක ගැන වෙනමම පාඩම් කිහිපයක් කරන්න තමයි මං හිතන් ඉන්නෙත්. මේ Tools දෙක ගැන නම් SEO කරන කෙනෙක් විදියට අනිවා දැනගෙන ඉන්න. ඒක ඒ තරමටම වාසියි. මේ Tools දෙක ගොඩාක් ප්‍රයෝජනවත් SEO කරන අයට. දැනට මේ දෙක ගැන මූලික අදහසක් සහ ඒවායෙන් සලසා දෙන පහසුකම් ගැන සාරාංශගතව විස්තර කරන්නම්.

Google Analytics
මූලිකවම ගත්තොත් මේක Google විසින් අපට සපයා ඇති අපේ වෙබ් අඩවි වල භාවිතාව පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඇති Tool එකක්. ඒ කියන්නේ මේ Tool එකෙන් අපේ වෙබ් අඩවි ඒවායේ භාවිතාකරුවන් සමග ගණුදෙණු වෙන විදිය සහ තවත් දේවල් ගැන වඩාත් හොඳ විශ්ලේෂණයක් ලබාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය වෙනස්කම් හෝ අවශ්‍ය දේවල් ටික කරන්නයි තියෙන්නේ.. ඇත්තෙන්ම ඒක මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි කෙටියෙන්.. එත් බයවෙන්නෙපා මේවා ගැන වෙනම  පොස්ට් දාන්නම්. කෙටියෙන් මේ Tool එකෙන් කළහැකි දේවල් කිහිපයක් මං කියන්නම්..

වෙබ් අඩවියට එන පිරිස පිලිබඳ තොරතුරු(ඔවුන්ගේ රටවල්, ඔවුන් වෙබ් අඩවියට එන්නේ මොන Device එකකින්ද වගේ තවත් දේවල්)
* ඔවුන් වෙබ් අඩවියට ඇවිත් කරන දේවල් පිලිබඳ තොරතුරු(වැඩියෙන්ම views තියෙන Pages, වැඩි දෙනෙක් හොයන දේවල් වගේ තවත් දේවල්)
* ඔවුන් වෙබ් අඩවියට එන්න මූලාශ්‍ර වෙන වෙබ් අඩවි ගැන තොරතුරු(Traffic Resources) 

වගේ තවත් බොහෝ දේවල්...

මේ පහතින් තියෙන්නේ Google Analytics ගැන පැහැදිලි කරන පොඩි ඇනිමේෂන් එකක්


Google Webmaster Tools
Google Webmaster Tools යනු Google මඟින් සපයන ලද SEO කරන අයට තවත් වටිනා Tool එකක්. මේක Tool එකක් කිව්වට Tools කිහිපෙකම එකතුවක් වගේ තමයි. ඇත්තෙන්ම මේක හරියට භාවිතා කලොත් Google Search එක අපේ අඩවිය දකින විදිය යහපත් විදියකට හදාගන්න පුළුවන්. ඒ කිව්වේ මේකෙන් නියම ප්‍රයෝජනේ ගත්තොත් Google එකට අපේ අඩවිය බොහොම හොඳ, වටිනා, නිසි ක්‍රමේකට සැකසුණු සහ නඩත්තුවන අඩවියක් බව අඟවන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ලබාදෙන පහසුකම් මඟින් අපේ අඩවියේ අඩුපාඩු හදාගෙන Google බලාපොරොත්තුවෙන විදියේ සෑහෙන හොඳ මට්ටමකට ගන්න පුලුවන්වෙනවා. මේ Tool එක ගැනත් ඉදිරියේදී පාඩම් කිහිපයක් දාන්න හිතන් ඉන්නේ. ඒවත් දැම්මම තවත් පැහැදිලි වෙයි මේ ගැන. දැනට කලින් වගේම සාරාංශයක් විදියට මේකෙන් අපිට මූලිකවම ලැබෙන දේවල් ගැන කියන්නම්කො.

  
* Search Queries - ඔබේ අඩවියට පැමිණි පිරිස එයට පැමිණියේ කුමන දේවල් Search කිරීම   හරහාද යන්න සහ එයට සම්බන්ධ තොරතුරු
* Links - ඔබේ අඩවියට සම්බන්ධ Links පිලිබඳ තොරතුරු
* Crawl Errors - ඔබේ අඩවිය Crawl කිරීමේදී ඇතිවූ ගැටළු සහ තවත් තොරතුරු
* Malware Alerts - ඔබේ අඩවියට යම් විධියකින් Malware සම්බන්ධ වූවොත් ඒ පිලිබඳ  තොරතුරු
* Sitemaps, Robots related things - ඔබේ අඩවියට Sitemap එකක් (Sitemap එකක්  කියන්නේ මොකක්ද කියලා ඉදිරියේදී කියාදෙනවා නොදන්නා අයට.) එක් කොට එය  Google Search එකට හඳුන්වා දීම, Google Spiders/Robots හා සම්බන්ධ සැකසුම් සිදු කර  හොඳින් Crawl වීමට සකසා ගැනීම හා ඒ සම්බන්ධ දේවල්

ඒවගේම තවත් බොහෝ දේවල් මේ Tool එකෙන් කරගන්න පුළුවන්... 

Google Webmaster Tools ගැන හැඳින්වීමේ වීඩියෝ එකක්

දැනටමත් SEO ගැන දන්නා අය නම් අනිවා මේ Tool දෙක ගැන දන්නවා ඇති. SEO අලුතෙන් ඉගෙනගන්නා සහ මේ පිලිබඳ නොදන්නා අයටත් දැනගන්න එක්කයි දැම්මේ. ඉදිරියේදී මේ Tool දෙක ගැනම කියා දෙන්නම්.


2 Woorank  


මේකත් ඉතාම හොඳ Tool එකක්. එත් මේකේ අවුල වෙන්නේ සතියකට එක වතාවයි නොමිලේ මෙමගින් Analyze කරගන්න පහසුකම් දෙන්නේ. ඊට අමතරව අවශ්‍ය නම් ඔවුන්ගේ Subscription එකක් ගෙවලා ගන්න ඕනා. හැබැයි අපේ IP Address එක Dynamic නිසා බොහෝදුරට අන්තර්ජාලයට නැවත සමබන්ධ වුනාම අලුත් IP එකක් ලැබෙන නිසා මේකෙන් එම සේවාව ලබාගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් තාවකාලිකව මේකේ දින 7ක Trial එකක් නොමිලේ ගන්න පුළුවන් අමතර පහසුකමුත් එක්කම. Paypal Account එකකුත් ඕනාවෙනවා හැබැයි ඒ වැඩේට. අවශ්‍ය වැඩ ටික දින 7ක් ඇතුලත කරගෙන Paypal Payment එක Cancel කරලා දාන්න පුළුවන්. ඒ ගැන දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් Comment එකක් දාන්න මං කරන විදිය කියන්නම්. හොඳ Analyze Tool එකක් අවශ්‍ය වෙනවානම් එහෙම කලත් පාඩු නැහැ. අනික සල්ලි කැපෙන්නේ නැතිවෙන්න කරන්න පුළුවන්. මේක Subsription එකක් දාලා ගත්තොත් අපේ ව්‍යාපාරයේ තරඟකරුවන්ගේ වෙබ් අඩවි ගැනත් විශ්ලේෂණය කරලා තොරතුරු සපයනවා. එතකොට අපිට ඒ තොරතුරු මත ඔවුන්ගේ සහ අපේ තත්වේ තේරුම් අරන් ඔවුන්ට වඩා හොඳ මට්ටමකට යන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න පුළුවන්. මෙහිදී එක් එක් කොටස්වලට අදාලව යම් විස්තරයක්ද ලබාදෙනවා. එමගින් ඒ පෙන්වා දෙන දෝෂ අඩුපාඩු මග හරවා ගැනීමට අවශ්‍ය කරන උපදෙසුත් යම් ප්‍රමාණයකට සපයනවා. ඒවගේම Google Analytics එක්කත් සම්බන්ධ කරගන්න පහසුකම් මෙහි සපයා තියෙනවා.
මෙහි මූලිකව පහත දැක්වෙන අංශ යටතේ වාර්තාවක් ලබාදෙනවා.

* Optimize
 1. SEO - SEO හා සම්බන්ධ වන මූලිකම දේවල් පිලිබඳ අපගේ අඩවිය විශ්ලේෂණය කර ලබාගත් තොතුරු මේ යටතේ දැක්වෙනවා. (PageRank, Title, Keywords, Description වැනි දේ සම්බන්ධ තොරතුරු)
 2. Mobile - Mobile Devices වලින් පැමිණෙන Users ලා පිලිබඳ සලකා බලමින් ඒ හා සම්බන්ධ තත්වය ඇගයීමක් මේ කොටසින් ලැබෙයි.
 3. Usability - මේ යටතේ භාවිතාකරන්නගේ පහසුව පිණිස සිදු කල යුතු දේවල් පිළිබඳව සලකා බැලෙයි.
 4. Technologies - ඔබේ වෙබ් අඩවියේ භාවිතා වන තාක්ෂනයන් සහ ඒ සම්බන්ධ කරුණු පිලිබඳ තොරතුරු 

* Promote
 5. Backlinks - ඔබේ අඩවියට තිබෙන Backlinks සහ ඒ සම්බන්ධ තොරතුරු(Backlinks පිලිබඳ ඉදිරි පාඩමකින් කියා දෙනවා.)
 6. Social - Social Media Network තුල ඔබේ අඩවියේ Share වීම් සහ ඒ සම්බන්ධ තොරතුරු

* Measure
 7. Visitors - ඔබේ අඩවියට පැමිණෙන්නන්ගේ(Visitors) රටවල් සහ ඒ සම්බන්ධ තොරතුරු




මෙම Tool එක පිළිබඳවත් විස්තරාත්මකව වෙනමම ලිපියක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

මේ වීඩියෝ එකත් බලන්න..

පොස්ට් එක ටිකක් දිග වැඩිවුණා. ඒ නිසා අදට මේ Tool ටික හඳුන්වාදීලා මම පොස්ට් එක අවසන් කරනවා. මේකේ දෙවෙනි කොටසකුත් ඉතාමත් ඉක්මණින් දානවා. එකෙන් මේ වගේ තව Tools කිහිපයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඔයාලත් ඔයාලගේ වෙබ් අඩවිය මේ Tools වලින් Analyze කරලා බලන්න. 
මං උදාහරණයක් වශයෙන් Woorank එකේදී ගත්තේ linkedin.com වෙබ් අඩවියයි. ඔවුන්ගේ Competitors විදියට skillpages.com සහ opportunity.com යන අඩවි දැම්මා. Linkedin වෙබ් අඩවිය සඳහා ලැබුණු මුළු වාර්තාවම මං Images විදියට අරන් RAR file එකකට දාලා Upload කළා. පහල තියෙන්නේ ඒකෙ ලින්ක් එක. කැමති කෙනෙක්ට ඒක අරන් බලලා මේ Tool එක ගැන තවදුරටත් අදහසක් ගන්න පුළුවන්.

Screenshots of Woorank Report for Linkedin 

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

20 comments :

http://slmrudukanga.blogspot.com/2015/07/market-samurai-trail-version-expire.html
market samurai එක සල්ලි දීල ගන්න ඕනි නෑ මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

July 23, 2015 at 4:38 AM comment-delete

Godak hoda post ekak machn mulin thanx karnwa w wagema wish krnwa. SEO lankawe coz tiyenwada?

September 7, 2015 at 7:38 PM comment-delete

Dear friends our great More the 400 SEO Software and Plugins Pack 2013 offer for all of our dear friends. http://www.seorango.com/

February 29, 2016 at 3:01 PM comment-delete

ගොඩක් වැදගත් පෝස්ට් එකක් බ්‍රෝ තවත් පෝස්ට් දාන්න කියලා ආරාධනා කරනවා :)
අන්තර්ජාල අලෙවිකරණය ගැන දැනගන්න කැමතිනම් අපිත් එක්ක එකතුවෙන්න
Internet Marketing ගැන සිංහලෙන්ම

March 25, 2016 at 11:13 AM comment-delete

good post.do you want to boost your seo.please visit following site .

http://www.linkcollider.com

April 7, 2016 at 9:23 AM comment-delete

සියලුදේම එකම තැනක
මිතුරන්ට share කරන්න.
http://www.nalunilenews.com

June 17, 2016 at 12:23 PM comment-delete

I've been using AVG security for a couple of years now, I'd recommend this product to everybody.

December 29, 2016 at 11:41 PM comment-delete

thanikarama baila tikak gahala tiyennea.... anith unta ugannanna kalin uba iganagana hitaban

February 12, 2017 at 12:52 AM comment-delete

www.aluth.info

February 19, 2017 at 3:51 AM comment-delete

Financiables is the world's best source of financial related content on the web and mainly study and give knowledge about the fields of Banking,Insurance,Finance,Marketing,Forex and other financial related areas.
http://www.financiables.com

Anonymous
August 20, 2017 at 8:17 AM comment-delete

me blog akata post lyanne oyamada???

December 20, 2017 at 9:51 PM comment-delete

me blog akata post lyanne oyamada thaniyama???

December 20, 2017 at 9:53 PM comment-delete

ela

January 13, 2018 at 3:20 AM comment-delete

Sri lanka encyclopedia website.www.tweet.lk

Anonymous
July 24, 2018 at 3:20 AM comment-delete
February 26, 2019 at 9:07 AM comment-delete

https://www.aboutceylon.com free seo tips

April 12, 2019 at 3:15 AM comment-delete
April 12, 2019 at 3:16 AM comment-delete
April 12, 2019 at 3:17 AM comment-delete

godak watinnwa

May 14, 2019 at 9:14 PM comment-delete
September 11, 2019 at 5:16 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...