Like us on Facebook

SEO in Sinhala - SEO සිංහලෙන් - SEO Tools - 2 - Site Analyzing Tools - 2


අප්පා.. සෑහෙන කාලෙකට පස්සේ ආයේ පෝස්ටුවක් දාගන්න හැකිවුණේ.. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඒ සම්බන්දෙන්.. විභාග සහ තවත් වැඩ කටයුතු තමයි මූලිකම හේතු.. හරි එහෙනම් අනං මනං නැතුව අද පාඩමට යමුකෝ.

අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..
SEO පාඩම් සියල්ලම..

අන්තිම පොස්ට් එකෙන් අපි Analyzing Tools - 1 යටතේ Tools කිහිපයක් හඳුන්වා දුන්නා.. 
SEO SINHALEN - SEO සිංහලෙන් - SEO TOOLS - 1 - SITE ANALYZING TOOLS - 1

අද එහි දෙවන කොටසෙන් තවත් Tools කිහිපයක් හඳුන්වා දෙනවා. SEO කරන , ඉගෙනගන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. මේවා මගින් ඔබට වෙබ් අඩවියක් Optimize කරන්න බැහැ. නමුත් මේවායින් යම් වෙබ් අඩවියක් ගැන වාර්තාවක් ලබාගන්න හැකියි. එම වාර්තාවන් සැකසෙන්නේ SEO පිලිබඳ විශේෂයෙන්ම සලකමින්. ඒ නිසා මෙම Tools මඟින් අපේ වෙබ් අඩවිය පිලිබඳ වාර්තාවක් ලබාගෙන, එකෙන් පෙන්නලා දෙන අඩු පාඩු හදාගෙන Site එක Optimize කරගන්න හැකියි. එත් මේ Tools භාවිතා කරාම ලැබෙන Report එක තේරුම් අරන්, ඒ අනුව අඩවිය Optimize කරන්න නම් SEO පිලිබඳ මූලික අවබෝධයක්වත් තිබිය යුතුයි. ඒත් කිහිප දෙනෙකුම මේ වගේ ප්‍රායෝගික දෙයක් ඉල්ලපු නිසා මං හිතුවා මේ වගේ පොස්ට් අපේ පාඩම් මාලාව අතරතුර දාන්න.

3 Lipperhey  

https://www.lipperhey.com/ 



මෙම Tool එකද ඉතා හොඳ මට්ටමේ එකකි. Woorank වල මෙන් නොව මෙහි සතියකට එකපාරක් වැනි සීමා නැත. අවශ්‍ය නම් මුදල් ගෙවා වැඩි පහසුකම් ලබාගැනීමටද හැකියි. එත් නොමිලේ ලබාදෙන පහසුකම් තුලින්ද අවශ්‍ය තොරතුරු අඩංගු වාර්තාවක් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. මේ යටතේ පහත දැක්වෙන කොටස් සමග සැකසුණු වාර්තාවක් අපට ලැබෙනවා.

* Visitors -
අඩවියට මාසයකට පැමිණෙන Visitors ගණන, Domain Age, Social Media හි Share වී ඇති ප්‍රමාණය වගේ තොරතුරු මෙහි අඩංගුයි.
* Indexability -
Robots.txt, Sitemap(මේවා ගැන ඉදිරියේදී වෙනමම කතා කෙරෙනවා.) පිලිබඳ මෙන්ම Search Engine මඟින් site එක index කිරීමේදී සම්බන්ධ වන කරුණු පිලිබඳ මේ කොටසින් දැක්වේ.
* Hosting -
Hosting එක, Server එක පිලිබඳ තොරතුරු
* Design - 
වෙබ් අඩවියේ Design එක හා සම්බන්ධ කරුණු
* On-Page SEO -
Title, Meta Description, Headings වැනි On-Page SEO සම්බන්ධ කරුණු පිලිබඳ තොරතුරු




4 Quicksprout  

http://www.quicksprout.com/ 

මෙම Tool එකද ඉතා හොඳ මට්ටමේ එකකි. Woorank වල මෙන් නොව මෙහිද සතියකට එකපාරක් වැනි සීමා නැත. අවශ්‍ය නම් මුදල් ගෙවා ඔවුන්ගේ සේවාව ලබාගැනීමටද හැකියි. එත් නොමිලේ ලබාදෙන පහසුකම් තුලින්ද අවශ්‍ය තොරතුරු අඩංගු වාර්තාවක් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. මේ යටතේ පහත දැක්වෙන තොරතුරු සමග සැකසුණු වාර්තාවක් අපට ලැබෙනවා.

මූලිකවම මෙම වාර්තාව කොටස් 3කට බෙදා දැක්වෙනවා..
Website Analyzer
Social Media Analysis
Competitor Analysis

ඒ යටතේ එක් එක් කොටසට අදාලව woorank මෙන්ම ඉතා හොඳ මට්ටමෙන් තොරතුරු සහිත වාර්තාවක් ලබාදෙනවා. මෙහි අනෙක් විශේෂත්වය woorank වල මෙන්ම අපේ වෙබ් අඩවියේ තරඟකරුවන්ගේ තොරතුරුද සමඟ සසඳා බලා වාර්තාව සකසා දීමයි. ඒ නිසා ලැබෙන තොරතුරු මඟින් කලයුතු වෙනස්කම් සහ වැඩි දියුණු කිරීම්(Improvements) පිලිබඳ අවබෝධයක් අපට ලැබෙනවා.





5 UpCity SEO Report Card  

http://upcity.com/free-tools/seo-report-card 


මෙම Tool එකද ඉතා හොඳ මට්ටමේ එකකි. Woorank වල මෙන් නොව මෙහිද සතියකට එකපාරක් වැනි සීමා නැත. අවශ්‍ය නම් මුදල් ගෙවා ඔවුන්ගේ සේවාව ලබාගැනීමටද හැකියි. එත් නොමිලේ ලබාදෙන පහසුකම් තුලින්ද අවශ්‍ය තොරතුරු අඩංගු වාර්තාවක් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. 
නමුත් මෙම Tool එකේදී කලින් සඳහන් කල Tools වල මෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් අදහසක් ගන්න අවශ්‍ය තොරතුරු ලැබෙනවා.





6 Eyeflow seozio  

http://www.eyeflow.com/seozio/ 

මෙම Tool එක මඟින්ද කලින් සඳහන් කල අනෙක් Tools වල මෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් අදහසක් ගන්න අවශ්‍ය තොරතුරු ලැබෙනවා.




අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


Written by:  Admin Dila

5 comments :

This is a local SEO tool that lets you build local citations in bulk to improve your local rankings. http://www.seorango.com/seo-price.html

February 29, 2016 at 2:28 PM comment-delete

H1 and H2 tag are really important regarding Google latest indications.Please continue to write more because it’s unusual that someone has something interesting to say about this. Will be waiting for more!

May 27, 2016 at 12:03 PM comment-delete

Thanks for sharing the tool. I will share this information with others now.

Try a new SEO suite WebmasterToys and share your views.

January 18, 2017 at 11:26 PM comment-delete

This comment has been removed by the author.

Anonymous
April 29, 2019 at 12:25 AM comment-delete

I also wrote an article on a similar subject will find it at write what you think. backlinks

December 30, 2019 at 6:58 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...