Like us on Facebook

මොකටද මේ Number Systems ..........??

Computer Number System


Hi යාලුවනේ ,
Computer Science subject එකට අදාලව පළමුවෙනි ලිපිය තමයි අද පලකරන්නෙ. Number Systems ගැන ( තොරතුරු සන්නිවේදන තාක්ෂණයේදී  ) වැදගත් වන හැමදේම වගේ ඔයාලට කියල දෙන්න අපි full try 1 දෙනවා. K දැන් කතා ඇති අපි වැඩේට බහිමු.


පරිගණක සංඛ්‍යාංකන දත්ත නිරුපණය කිරීම සදහා මෙය ඉතාමත් වැදගත් වෙනවා, ඉතින් අපි පළමුව සංඛ්‍යාංකන දත්ත නිරුපණය යන්න පැහැදිලි කර ගනිමු. වර්තමානයේ සංඛ්‍යාංකන දත්ත නිරුපණය කිරීම සදහා සංඛ්‍යා යොදා ගන්න බව අපි හැමෝම හොදින්ම දන්නා කරුණක් ඒ වගේම සංඛ්‍යා නිරුපනය සදහා ඊට නියමිත වූ සංකේත (ඉලක්කම් / සංඛ්‍යාංක) යොදා ගන්න  බවත් අපි දන්නවා. මෙය වර්ධනය වීමෙන් තමයි විශේෂ හේතු පදනම් කොට ගෙන සංඛ්‍යාංකන පද්දති ගොඩ නැගෙන්නේ. මේ විදියට ගොඩ නැගුන සංඛ්‍යා පද්දති කිහිපයක් නම් දශමක, ද්විමය, අෂ්ටක, ෂඩ් දශමක ....  ඉතින් මෙම සංඛ්‍යාංක පද්ධති තමයි කොල්ලනේ  අපිට පරිගණක භාෂවේදී  බෙහෙවින්ම වැදගත් වෙන්නේ. තවත් දෙයක් කියන්න ඕන මෙමෙ සංඛ්‍යාංකන පද්දති ගොඩනගල තියෙන්නේ ස්ථානීය අගයන් පදනම් කර ගනිමින් ඉතින් මෙම බාවිතා කරන සංකේතයන්හි වටිනාකම එම ස්ථානීය අගයන් මත රදා පවතින බවත් අපි හොදින්ම මතක තිය ගන්න ඕනේ.

සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගැනීමේදී අපි මුලිකවම දැනගන්න ඕන කාරනය වෙන්නේ මේ Number Systems අතර පරිවර්තනයි, (බ්ලොග් ලිපිය තුල මෙම ගණිතමය කොටස පැහැදිලි කිරීමට අපහසු බැවින් පහත  PDF 1 තුල එය අන්තර්ගත වෙයි)

K මෙතැන් සිට අපි අපිට වැදගත් වන ;-) සංඛ්‍යාංක පද්ධති ගැන පැහැදිලි කර ගමු.


1. Decimal Number System (දශමය සංඛ්‍යාංක පද්ධතිය)
මේක නම් හැමෝම දන්නවනේ අපි සාමාන්‍යයෙන් බාවිතා කරන Number System 1 තමයි මේ දශමය සංඛ්‍යාංක පද්ධතිය, තවත් විදියකට කියනවා නම් 10 පාදයේ සංඛ්‍යා පද්දතිය මේ පද්තියට සංඛ්‍යා 10ක් ඇතුලත් වෙනවා. ඒවානම් 0 1 2 3 4 5 6 7 8 9


2. Binary Number System (ද්විමය සංඛ්‍යාංක පද්ධතිය)
Binary Number System 1ට අදාල වෙන සංඛ්‍යා 2 වෙන්නේ 0 සහ 1 යන සංඛ්‍යා 2යි. මෙම 0 (Zero) සහ 1(One) කියන එකකට අපි කියනව bit 1ක් කියල මෙම bit සහ byte අතර සම්බන්දය සහ එහි විකාශනය ගැන ඔය ගොල්ලෝ දැනටමත් තරමක් දන්නවනේ, k කාටත් වැඩි වැඩියෙන් පැහැදිලි වෙන්න මන් කෙටියෙන් ඒ විස්තරෙත් පහලින් දාන්නම්


 8 bit           = 1 Byte
1024 Byte  = 1 KB  (Kilo Byte)
1024 KB    = 1 MB (Mega Byte)
1024 MB   = 1 GB  (Giga Byte)
1024 GB    = 1 TB  (Tera Byte)
1024 TB     = 1 PB  (Peta Byte)
1024 PB     = 1 EB  (Exa Byte)
1024 EB     = 1 ZB  (Zetta Byte)

k දැන් අපි බලමු මේකට උදාහරණ ටිකක්,
* 1010
* 11001
* 01000001 = A ( Capital A අකුරට අදාල ද්විමය අගය )


3. Octal Number System (අෂ්ටක සංඛ්‍යාංක පද්ධතිය)
k දැන් කට්ටිය නමින්ම දන්නවනේ මේ සංඛ්‍යා පද්ධතියට සංඛ්‍යා 8ක් තියෙනවා කියල, අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.  0 1 2 3 4 5 6 7 මේවා තමයි ඒ සංඛ්‍යා 8 දැන් අහන්න එපා මොකද අෂ්ටක සංඛ්‍යාංක පද්ධතිය වෙලත් 7න් ඉවර වෙලා තියෙන්නේ 8 එන්නේ නැද්ද කියල :-D  කට්ටිය 0 ඉදන් 7ට ගණන් කලොත් ඒක තේරුම් ගන්න පුළුවන්, ඒ වගේම PDF 1න් ඒ පිලිබදව වැඩි දුරට පැහැදිලි කරන්නම් k.



4. Hexa Decimal Number System (ෂඩ් දශමය සංඛ්‍යාංක පද්ධතිය)
දහසයේ (16) පාදයේ සංඛ්‍යා පද්ධතිය, සංඛ්‍යා 16යි ඒවා නම් 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F මේ සංඛ්‍යා පද්ධතියේ අනිත්වට වඩා වෙනසක් තියෙනවා 9න් පස්සේ English Letters එකතු වෙලා තියෙනව. මෙකයි හේතුව අපි 9 වෙනකම් ගණන් කලානේ ඊට පස්සේ අපිට ගනින්න ඉලක්කම් නැ අපි 10 11 කියල ගැන්නොත් ඒක අදාල වෙන්නේ 10පාදයෙ සංඛ්‍යා පද්ධතියට ඉතින් ඒ ගැටලුව මගහරවා ගන්න තමයි අපි මෙතැනදී 9න් පස්සේ English Letters එකතු කරගෙන මේ සංඛ්‍යා පද්ධතිය නිර්මාණය කරන්නේ.

k දැන් මං හිතනවා සරලව යාළුවන්ට Number Systemස ගැන දල අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියල, මේ පාඩමේ වැදගත්ම කොටස වෙන්නේ Number Systems අතර පරිවර්තනය. ඒ කොටස PDF 1න්ම වඩාත් හොදින් පැහැදිලි කරන්නම් ඒ ටිකත් පිළිවෙලට අල්ල ගත්තම Number Systems ගේමක්ම නැති වෙයි ;-) {මෙම Lesson 1ට අදාල පහත වීඩියෝ PDF 1 හැදෑරීමෙන් අනතුරුව නරබන්න පාඩම වඩාත් හොදින් තේරුම් ගැනීමට එය උපකාරී වේවි.}

* දැන් මෙම බ්ලොග් අඩවියේ සියලුම Download සදහා Direct Link සපයා ඇත.
Number Systems PDF from 3idiots' Computer Science

පහල ලින්ක් 1 click කර ASCII table Full Screen බලන්න 


පරිගණකය අදුනන එකම දේ නම් විදුලිය ඇති නැති කියන දේ විතරයි තවත් විදියකට කියනව නම් අපි පරිගණකය ඉස්සරහට වෙලා එක එක සෙල්ලම් දැම්මට PC 1ට දස වද දීල වැඩ කරගත්තට :D ඔය යකඩ බඩු ටික දන්නේ නෑ අපි මේ මොනාද කරන්නේ කියල ඕක ඇතුලේ තියෙන hardware උපාංග ටික දන්නේ වැඩ කරන්න විදුලිය තියෙනවා හා නැත කියන එක විතරයි. ඔන්න ඔය  විදුලිය ඇත නැත කියන සිද්ධිය තමා අපි අපිට ඕන විදියට හරවාගෙන PC 1න් වැඩ ගන්නේ. මෙතැනදී මං මේ සදහන් කරපු දේවල හොදාකාරවම පැහැදිලි කරන්න නම් PC එකේ මතක කළමනාකරණය හා  ඒ සම්බන්ද කොටස් විස්තර කරන්න ඕන ඒකට මන් වෙනම ලිපියක් දාන්නම්කො. 

K එහෙමනම් අයෙත් අලුත් ලිපියකින් හමුවෙමු. PDF 1ත් බලල ප්‍රශ්න මොනාහරි තිබුනොත් Comment 1කින් හරි Facebook, Twitter, Goolgle+ page වලින් හරි අහන්නකො...  නැත්නම් e-mail 1ක් දාන්න අපි අනිවා පිළිතුරු දෙනවා.
ජයවේවා!! 







Written By Admin Priya.

2 comments :

thanks!

Anonymous
August 10, 2014 at 5:34 PM comment-delete

Thanks...

Anonymous
September 8, 2014 at 9:15 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...