Like us on Facebook

Web Technology- 2 - වෙබ් තාක්ෂණය - 2 - Server Softwares


කලින් පාඩමෙන් අපි Server පරිගණක ගැන දැනගත්තා. මේ එම පොස්ට් එක.
Web Technology -1 - Introduction - වෙබ් තාක්ෂණය - 1 - හැඳින්වීම

අද කථා කරන්නේ Web Hosting සඳහා සම්බන්ධ වන Server Software ගැනයි..


2.2 Server Software
Server Softwares යනු Server පරිගණකයකින් යම් සේවාවක් ලබා දීමට එම Server පරිගණකය සමඟ ක්‍රියා කරන මෘදුකාංග වේ. මෙම Server Software වර්ග කීපයක් ඇති අතර ඒ ඒ වර්ගය අනුව ලබාදෙන සේවාවන්, ක්‍රියා කරන අයුරු සහ සම්බන්ධ වන Protocols වෙනස් වේ.
(Protocol - A set of rules-සම්මතයක් ලෙස භාවිතා කරන, නීති වල එකතුවක්. උදා: HTTP,FTP,TCP/IP)


එම ප්‍රධානම වර්ග
Server Platform
Web Server

Database Server
Mail Server
File Server
Application Server

2.2.1 Server Platform
Server Platform යනු යම් Server පරිගනකයක මෙහෙයුම් පද්ධතියයි(Operating System).
උදා: Windows Server, Linux, Solaris, Free BSD

2.2.2 Web Server
මෙම මෘදුකාංග වර්ගය මඟින් තමයි අප වෙත වෙබ් පිටු ලැබෙන්නේ. එනම් වෙබ් අඩවි වල වෙබ් පිටු භාවිතාකරුවන්ගේ ඉල්ලීම අනුව සකසා ලබාදීමයි මෙමඟින් වෙන්නේ. මෙහිදී සිදුවන්නේ මෙවැනි දෙයක්. යම් භාවිතාකරුවෙක්(User) වෙබ් අඩවියකට පිවිසෙන විට ඔහුගේ Browser එකෙන් අදාළ Server පරිගණකයටත්, එතනින් Web Server එකටත් එම වෙබ් අඩවිය හෝ වෙබ් පිටුව ඉල්ලා කරන ඉල්ලීමක්(Request) ලැබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් Web Server එක අදාළ වෙබ් පිටුවේ File එක Hard Disk එකෙන් සොයාගෙන කියවා බලා භාවිතකරුට අවශ්‍ය ප්‍රතිපලය සකසා නැවත එය ඔහුගේ Web Browser එක වෙත යවනවා. එම යවන ප්‍රතිපලය ප්‍රතිචාරය (Response) ලෙස හඳුන්වනවා. ඒක තමයි Web Server මඟින් සිදුවන්නේ.

උදා: Apache HTTP Server, Apache Tomcat, Microsoft IIS, Nginx, Lighttpd
Protocols : HTTP, HTTPS

2.2.3 Database Server
මෙම වර්ගය මඟින් Database කලමනාකරණය සිදු කරයි. එනම් Database හා සම්බන්ධ සියලු කටයුතු මෙය මඟින් සිදු කෙරේ.

උදා: MySQL, Oracle, Microsoft SQL Server, DB2, Postgre SQL, Sybabse
Protocols : SQL, ODBC, OLE-DB, JDBC

2.2.4 Mail Server
මෙම වර්ගය මඟින් කෙරෙනුයේ ඊමේල් යැවීම්, ලබාගැනීම් වැනි ඊමේල් කළමනාකරණ කටයුතුයි.
Protocols : POP3, SMTP, IMAP

2.2.5 File Server
Server එක තුළ තිබෙන File හැසිරවීම සහ කළමනාකරණය කිරීම සඳහා යොදාගන්නේ මෙම වර්ගයයි.
Protocols : FTP

2.2.6 Application Server
මෙම වර්ගය Middleware ලෙසද හඳුන්වයි. Server Software දෙකක් හෝ කිහිපයක් අතර හෝ Server Software සහ Server Platform(OS) අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගනිමින් යම් කටයුතු සිදු කරගැනීම සඳහා මෙම වර්ගය යෝදාගැනෙයි.

ඊළඟ ලිපියෙන් අපි Hosting Control Panels පිලිබඳ දැනගනිමු.


අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...