Like us on Facebook

තවත් එක් ශෝක කතාවක් ....


                              යාලුවනේ කොහොමද ඔය ගොල්ලන්ට ? මම හිතනවා හොදයි කියල. එත් යාලුවනේ මම නම් මේ  දවස් වල මාර ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ. දවස් වල කිව්වට ඉතින් ඇත්තටම දවස් 5ක්,6ක් වගේ.

     ඒත් අනේ මන්ද මට නම්   සැහෙන අන්දමිකයි Seen එක. ඉස්සර කලේ කතන්දර පටන් ගන්නේ
යටගිය දවස බරණැස් නුවර වගේ අපේ කතා හැමදාම පටන් ගන්නේ කෙල්ලෙක්ගෙන්නේ එත්
මේකේ පටන් ගැනීම ගැනු ළමයෙක් සැහෙන වෙනසක්.. ම් ම්  එහෙනම් Ad නැතුව කතාව කියන්නම්කො කෝකටත් කියල ලේන්සුවක් ලගින් තියාගත්තොත් හොදයි කියල හිතනවා , නැ ඉතින් අඩුනොත් කදුළු පිහගන්න  එපැයි.   ඔන්න ඉතින් මේ අයියා දවසක් facebook එක පැත්තට ගියා. නංගිලා පිරිලා ආසාවේ බැ. එත් ඉතින් අයියගේ තත්වේ තියන් ඉන්න එපැයි, තියන් ඉන්න අමුතුවෙන් තත්වයක් නම් නැ, එත් ඉතින් හිටිය.

                                   ඔන්න ඉතින් එක පාරටම එනවා Notification එකක්. ඔය Notification කියන ඒවා නම් හෝ ගාල එනව එත් ඉතින් කොච්චර ආවත් මේ අයිය නම් නිකමට හරි බලනවා මොකක්ද යකෝ මේ කියල, ම්ම් ඒ ආපු එක නම් නංගි කෙනෙක්ට දාපු Request එකක් ඒ නංගි Accept කරලා. එකත් සතුටට කාරණාවක් තමා මොකද Request හතර අතේ දැම්මට Accept කරන්නේ කීයෙන් කි දෙනාද..
හරි ටක් ගාල ගිහින් බැලුව ඒ account එක.  profile picture එක  ඒ කියන්නේ ඒ girlගේ Picture එක
 මාර විදිහට මගේ හිතට වැදුන ඒ ඇයි කියන්න නම් දන්නේ නැ වැදුණු වදිල්ලට තව පොඩ්ඩෙන් ඉදගෙන හිටපු පුටුවෙනුත් වැටෙනවා සිරාවටම.
                                            ඔන්න ඉතින් හා හා පුරා කියල Hi කියල chat පාරක් දැම්ම, හේ එකත් සතුටුයි මොකද Hii.. කියල rep එකකුත් ආවා. මොකද සමහර කෙල්ලෝ fb එන්නේ photos දාන්න විතරනේ chat නම් කරන්නේ නැ නේ ආත්මෙකට.  එහෙන් මෙහෙන් chat පාර දාගෙන ගියා. ඉතින් මේ අයියට නංගි ගැන සැහෙන හිතක් ඇති උනා. පුදුමයි නේ  එක පාරටම fb එකෙන් හම්බ වෙනවා ජීවිතේට දැකලවත් නැ, විශේෂයෙන් බැදලද දන්නෙත් නැ, ඒ උනත් අයිය පසු බට උනේ නැ මොකද හිත ගිය තැන මාලිගාව කියල කතාවකුත් තියෙනවනේ(වැලි මාලිගාවක් උනත් ඒක මාලිගාවක් හරිද).
                                                     දැන් අයිය විස්‌තර අහ හා ඉන්නේ නංගි මොකද මේ දවස් වල කරන්නේ වගේ....  එත් වැඩි වෙලාවක් නම් chat කරන්න හම්බ වෙන්නෙ නැ මොකද නංගි යන්නම් කියල
යනවා. එත් මාර විදිහට හිත කියනවා තව ටිකක් chat කරන්න තියෙනව නම් කියල එත් මොන කරන්නද දුක තමා රංජනී කියල. මාත් logout උනා.    ඔයාල දැන් දන්නවනේ මේක කොච්චර හිතට වැදුනද කියල ඒක නිසා මම fb එක ගැන වෙනදට වඩා ඇහැ ගහගෙන හිටිය. ඔන්න ඊට පස්සේ දවසෙත් ඇයි හම්බවෙලා chat කරා දැන් නම් වැඩේ හදවත පතුලට කිදා බැස්සා එත් ප්‍රශ්නේ තියෙන්නේ යාලුවනේ මට chat කරන්න හම්බුනෙත් දවස් 2යි එත් ඒ ළමය ගැන මගේ හිතේ ලොකු විශේෂතත්වයක්තියෙනව එත් මම කොහොමද ඒක කියන්නේ.
                                         මම එහෙම කිව්වොත් හිතයි මට පිස්සු කියල අ ඒක නම් අවුලක් නැ මොකද පොඩි පිස්සු ගතියක් තියෙනව අනිත් එක තමා දවස් 2ක් chat කර පලියට ඔහෝම අහන්නේ මොලේ හොද නැති වංචා කාරයෙක් කියල හිතයි මොකද එයාට වගේම මම fb එකේ ඉන්න අනිත්  නංගිලාටත් එහෙම කියනවා කියල. හැබැයි දුක්බරම දේ තමා එදායින් පස්සේ ඒ නංගිව chat කරන්න හම්බුනේ නැ. මාර අප්සෙට්..        මම හිතනවා ඉක්මනින්ම ආයි නැවත වාරයක් එයාව meet වෙයි කියල, මේක කියවන ඔයාලත් එහෙම ප්‍රර්ථනා කරයි කියල මම හිතනවා,          
                                                      අ අ තව දෙයක් හොද වෙලාවට මතක් උනේ එයාට Boyfriend  කෙනෙක් ඉන්නවද දන්නෙත් නැ, එහෙම ඉදල ඇහුවම කිව්වොත් Boyfriend ගෙන් අහල කියන්නම් කියල පුදුම සතුටක් දැනෙයි මට. ඊට පස්සේ ඒ යකා ඇවිත් වඩා ගනීද දන්නෙත් නැ. කොහොම උනත් ඕකයි කතාන්දරේ ඉදිරියේදී බලමු මේක කොහෙන් නතර වෙයිද කියල.

                                        මේ කතාව යාලුවනේ මුලින්ම ඔයාලටයි මම කියන්නේ, තාම අනිත් Admin සහෝදරයෝ දෙන්නවත් දන්නේ නැ, බලමු ඒ දෙන්නා මගේ හිත හදන්න මොනා කියයිද කියල, ෂුවර් අනිවා "අවංකවම ලැජ්ජයි උබ ගැන" කියයි.  ඉතින් මම මෙතනින් නවත්තනවා මොකද නවත්තන්න වෙනවනේ කියන්න වෙන දෙයකුත් ඉතිරි වෙලා නැනේ. ඔයාලට මේ ප්‍රශ්නෙට විසදුමක් තියෙනව නම් අනිර්රෙන්ම comment මගින් දැනුවත් කරන්න යාලුවනේ......

                                                                                                                             Written by Admin පිස්සෙක්.

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...