Like us on Facebook

Web Technology -1 - Introduction - වෙබ් තාක්ෂණය - 1 - හැඳින්වීම


අද අලුත් පාඩම් මාලාවක් පටන් ගන්නයි මේ යන්නේ. සමහරු නම් කැමති වෙයි මේකට ගොඩක්. සමහරුන්ට මේකේ හොඳ අධ්‍යාපනික වටිනාකමක් තියෙයි. ඒ වගේම ගොඩ දෙනෙක් මේ දේවල් ගැන දන්නවා වෙන්නත් පුළුවන්. Web Hosting, Web hosting වර්ග, Domains, Servers වගේ දේවල් ගැන තමයි මේ වෙබ් තාක්ෂණය කියන පාඩම් මාලාවේදී කතා කෙරෙන්නේ. මේකට තවම SEO පාඩම් මාලාවේදී වගේ කතා කරන කොටස් මේවයි කියල විස්තරයක් හදාගෙන නැහැ. දල වශයෙන් කතා කරන්නේ මේවයි කියලා මං කිව්වේ. SEO වලදී වගේ විස්තරේ හදාගත්තාම පහලින් මේක Update කරන්නම්.



පහතින් තියෙන ලින්ක් එකට ගියාම තියෙන ලිපියෙන් අපේ Admin Priya සහෝදරයා මේ කරුණු පිලිබඳ අපි කරපු Presentation එකක් සහ විස්තරයක් ලබා දීල තියෙනවා. ඒකත් බලන්නකෝ.
WEB TECHNOLOGIES IN 10 MINUTE.. වෙබ් තාක්ෂනයන් සාරාංශය...

---------------------------------------------------------------------------------------------------
ප.ලි. :
මෙම පාඩම් මාලාවේ පෙළගැස්ම පහත දැක්වේ. 
(යම් වෙනස්කම් අනුව මෙය වෙනස් විය හැකි බව සලකන්න.)

1. අන්තර්ජාලය සහ ලෝක ව්‍යාප්ත ජාලය, දෙකම එකද ?

2. Web Hosting
   2.1 Server
   2.2 Server Software
       2.2.1 Server Platform
       2.2.2 Web Server
       2.2.3 Database Server
       2.2.4 Mail Server
       2.2.5 File Server
       2.2.6 Application Server
   2.3 Hosting Control Panels
   2.4 Types of Hosting(හොස්ටින්ග් වර්ග)
       2.4.1 Shared Server Hosting
       2.4.2 Virtual Private Server(VPS) Hosting
       2.4.3 Dedicated Server Hosting
       2.4.4 Cloud Hosting
   2.5 What is a Data Center ?

3. Domains
   3.1 IP Address යනු කුමක්ද ? (What is an IP Address ?)
   3.2 Domain එකක් යනු කුමක්ද ?(What is a Domain ?)
   3.3 Top Level Domains(TLD)
   3.4 Country Code TLD
   3.5 Sub Domains
   3.6 DNS යනු කුමක්ද ? (What is DNS ?)



---------------------------------------------------------------------------------------------------


1. අන්තර්ජාලය සහ ලෝක ව්‍යාප්ත ජාලය, දෙකම එකද ?

අන්තර්ජාලය(Internet) සහ ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web-WWW හෙවත් Web) මේ දෙකම එකක්ද ? ඇත්තෙන්ම අපේ බ්ලොග් එක කියවන සහ අන්තර්ජාලය බොහොමයක් පාවිච්චි කරන අපේ සහෝදර සහෝදරියන් නම් මේක දෙකක් බව දන්නවා. ඇත්තෙන්ම වෙබ් එක කියන්නේ අන්තර්ජාලයේ එක කොටසක් පමණයි. ඉතින් මේ වෙබ් එක සඳහා භාවිතා වෙන තාක්ෂණයන් සහ තවත් කාරණා තමයි අපි මේ පාඩම් මාලාවෙන් මූලිකවම කතා කෙරෙන්නේ.

වෙබ් අඩවියක් පවත්වාගෙන යාම සඳහා පහත දේවල් අපිට ඕනා වෙනවා.
1 Domain Name
2 Web Hosting Service(Server Space හෝ Hosting Space කියලත් හඳුන්වනවා.)

මෙයින් Web Hosting කියන කාරණාවේදී තවත් දේවල් කිහිපයක්ම සම්බන්ධ වෙනවා.
Server(Physical Server)
Web Server Software(උදා:Apache)
Web Hosting Control Panel(උදා: cPanel)

මුලින්ම අපි මේ Web Hosting හා සම්බන්ධ කාරණා කතා කරමු.

2. Web Hosting

Web Hosting කියන්නේ වෙබ් අඩවියක් තැන්පත් කරලා තියෙන ඉඩ සහ එය කළමනාකරණය කිරීම සඳහා ලබාදෙන සේවාවට. ඇත්තෙන්ම මේ සේවාව ලබාදෙන්නේ Server පරිගණකයක් මඟින්.

2.1 Server 
Server එකක් කියන්නේ ඇත්තෙන්ම සාමාන්‍ය පරිගණකයකට වඩා ගොඩක් බලවත් පරිගණකයක්. ඒවායෙහි අති විශාල ප්‍රමාණයක ධාරිතාවක් ඇති Hard Disk(දෘඩ තැටි), Ram මෙන්ම බලසම්පන්න Processors භාවිතා වෙනවා. මෙම පරිගණක එකදිගටම ක්‍රියාත්මක වෙනවා පැය 24 පුරාම. ප්‍රධානම හේතුව වෙබ් අඩවියක් වුනාම හැම වෙලේම වැඩ කරන්න ඕනා දෙයක්නේ. කොයි වෙලාවේ කොයි රටකින් කෙනෙක් එයිද දන්නැහැනෙ. මෙහි රූපයේ දැක්වෙන්නේ එවැනි Server පරිගණක කිහිපයක් එකට අසුරා ඇති Server Room එකක්.



(image source: http://commons.wikimedia.org/wiki/File:A_view_of_the_server_room_at_The_National_Archives.jpg )

අද ලිපියෙන් පොඩි ආරම්භයක් ලබා දෙන්න විතරයි හිතුවේ. ඊළඟ ලිපියෙන් අපි Server Software කියන්නේ මොනාද කියලා හඳුනා ගනිමු.


අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

2 comments :

thank you very much brother, Wish you all the best !!!

July 18, 2018 at 10:46 AM comment-delete

Good luck

October 25, 2019 at 8:01 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...