Like us on Facebook

SEO 4 - Search Engines ක්‍රියාත්මක වන අයුරු තව දුරටත් සහ Indexing, Ranking ගැන

search engines


මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා 4 වෙනි පාඩම දාන්න මෙච්චර කල් ගත්තට. Exams අරවා මෙව්වා අනේක විධ වැඩ සහ හේතු නිසා මේක දාන්න ගොඩාක් කල් ගියා. හැමෝම මට සමාවෙන්න ඒ ගැන. අපි වැඩේ නවත්තල කියල වරදවා හිතන්නෙපා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.

කලින් SEO ගැන ලිපිවල SEO කියන්නේ මොකක්ද කියන එක වැඩිදුරටත් පැහැදිලි කරගත්තා. ඒ වගේම SEO වල වැදගත්කම ගැනත් අපි ටිකක් කතා කලා. ඊට පසු Search Engine 1ක් වැඩ කරන විදිය ගැන මූලික දේවලුත් කතා කළා. ඒවා නොකියවපු කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් වලින් ගිහින් මුල් පාඩම් කියවන්න. : )


දැන් එහෙනම් SEO ගැන සහ Search Engines ක්‍රියාත්මක වෙන විදිය ගැන යමක් කමක් තේරුනානේ. අපි අද මේක තව පොඩ්ඩක් ඉදිරියට ඉගෙන ගමු. මුලින්ම එදා පොස්ට් 1න් ලාවට කියපු එක මම විස්තර කරලා තව අලුත් දෙයක් ගැන කියන්නයි ඉන්නේ.

හොඳයි. අපි එහෙනම් Search Engines වැඩ කරන විදිය ගැන වැඩිදුර කතා කරමු. 
මෙහිදී ප්‍රදාන වශයෙන්ම පියවර 3 කටයි වැඩ කටයුතු සිද්දවෙන්නේ.
1. Crawling
2. Indexing
3. Ranking

Crawling කියන දේ අපි කලින් පාඩමේ හෙවත් SEO Lesson 3 වල කතා කළා. Spiders(Spider bots) කියන Programes භාවිතා කරලා මේ Websites ගැන තොරතුරු එකතු කරගැනීමයි Crawling කියන්නේ. ඒ ගැන කලින් SEO 3 පාඩමේ කතා කල නිසා ආපහු පැහැදිලි කරන්නැහැ මම. 

Indexing කියන්නේ දැන් කලින් Crawling වලදී එකතුකරගත් තොරතුරු ක්‍රමවත්ව ගබඩා කරගැනීමයි. මේවා ගබඩා වෙන්නේ ඒ අදාළ Search Engine එකේ සමාගමේ Computers(Servers) වලයි. 

Ranking කියන්නේ මේ ලබාගෙන, ගබඩා කරගත් තොරතුරු භාවිතා කරලා Search Engine එකේ ඒ Websites පෙන්වන පිළිවෙල සැකසීමයි. ඒ කියන්නේ Search Results වල මුලින්ම පෙන්නන්න ඕනා කොයි Websites ද, ඊට පස්සේ කොයි එකද ආදී වශයෙන් පිළිවෙලක් සකසා ගැනීමයි. මොකද ඔක්කොම Websites එකපාර පෙන්නන්න බැහැනේ. මේ රූපේ බලන්න. පැහැදිලිව රූපේ බලන්න රූපේ උඩ Click කරන්න.


  

ඉතින් අපි Search කලාම Google 1න් කරන්නේ අපි Search කරන දේට අදාල, එයාලාගේ දත්ත ගබඩාවේ තියෙන තොරතුරු අරගෙන අදාළ ප්‍රතිපල ලෙස Websites list 1ක් පෙන්නන එකයි. දැන් මේ රූපේ පේනවද මුලින්ම google.lk ඇවිල්ලා. ඊට පස්සේ en.wikipedia.org/wiki/Google කියන එක ඇවිල්ලා. ඒ කියන්නේ Google Search Engine එකේ google.lk එකේ Rank 1 හෙවත් ස්ථානය අනිත් එකට වඩා වැඩියි. 3 වෙනියට සහ ඊට පසු තියෙන ඒවායේ Ranks en.wikipedia.org/wiki/Google කියන එකටත් වඩා අඩුයි. ඒවා ඊටත් වඩා පහලින් පෙන්නන්නේ ඒකයි. ඉතින් මෙහෙම පෙන්නන පිළිවෙල Search Engine එක විසින් සකසාගැනීම තමයි මේ 3 වෙනි පියවර හෙවත් Ranking. ඉතින් අපි SEO වලදී කරන්නෙත් අපේ Website එක හොඳ rank 1ක පෙන්නන්න සලස්වලා users ලාට අපේ Website එක දිස්වීමට වැඩි අවස්තාවක් ලබාගැනීමයි. මොකද අපේ Website එක Search Results වල අන්තිම හරියේ නම් පෙන්නන්නේ, අපේ Website එක Search Results වලින් කෙනෙක් දකින්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි. එත් අපේ Website එකට හොද තත්වයක් ලැබිල Search Results වල මුල් හරියෙම පෙන්නනවානම් අපිට වැඩි පිරිසක් Search Results හරහා ගෙන්නගන්න පුළුවන්.

ඉතින් මේ Rank කිරීම සඳහා සලකා බලන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා. ඒවා අතරින් ගොඩක් දෙනෙක් කතා කරන සහ සමහරු වරදවා වටහාගෙන ඉන්න දේකුත් තමයි Google Page Rank කියන්නේ. මේ Google Page Rank කියන්නේ මොකක්ද සහ මොකක්ද ඒ වැරදි වැටහීම කියලත් අපි බලමු ඊළඟ ලිපියෙන්. මේකෙන්ම එකත් කියා දෙන්න ගියොත් පොස්ට් එක ගොඩාක් දිග වෙනවා වගේ. ඒකත් දවසක් 2ක් ඇතුලත දානවා ඉක්මනින්ම. ඒ නිසා කලබල වෙන්නෙපා. දිගටම අපිත් එක්ක රැඳීලා ඉන්න.


එහෙනම් අපි ඊළඟ ලිපියෙන් තව තොරතුරු කතා කරමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. යාලුවන්වත් අපේ blog එක ගැන දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. හැමෝටම ජය වේවා...!!





Written by:  Admin Dila

6 comments :

සුපිරි සුපිරි !!

දිගටම හොදට කරන්න සහෝ !! :D

October 30, 2013 at 1:40 AM comment-delete

බොහොමත්ම ස්තූතියි සහෝ.. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැදෙන්න.. අපේ ලිපි කියවන්න.. යාලුවන්වත් දැනුවත් කරන්න අපේ බ්ලොග් එක ගැන.. ජය වේවා!..

November 4, 2013 at 3:20 AM comment-delete

Ela Ela !! :D

November 4, 2013 at 4:42 AM comment-delete

Wedagath post ekak yaluwa digatama karanna me wagema. Oyata wish karanawa.

November 26, 2013 at 4:00 PM comment-delete

thanks!

Anonymous
August 10, 2014 at 5:44 PM comment-delete

Kistlak Rajapaksha, Shashi Kamal, Anonymous
බොහොමත්ම ස්තූතියි. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැදෙන්න.. ඉතාමත් ඉක්මනින් මේ සෙට් එකේ 6 වෙනි ලිපිය දානවා.. අපේ ලිපි කියවන්න.. යාලුවන්වත් දැනුවත් කරන්න අපේ බ්ලොග් එක ගැන.. ජය වේවා!..

August 17, 2014 at 10:36 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...