Like us on Facebook

SEO Sinhalen 6 - SEO සිංහලෙන් On Page Optimization - Introduction



මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා 6 වෙනි පාඩම දාන්න මෙච්චර කල් ගත්තට සහ බ්ලොග් එකේ පොස්ට් එකක්වත් දාගන්න බැරිවුනාට.. Exams, Projects අරවා මෙව්වා අනේක විධ වැඩ සහ හේතු නිසා මේක දාන්න ගොඩාක් කල් ගියා. මේ පොස්ට් එක හදාගෙනත් උන්නේ කලින්. එත් වැඩ එක්ක ඒ හදන් උන්නු විස්තර දාලා පොස්ට් එකක් හදාගන්න බැරිවුනා. 5 සහ 6 පාඩම් අතර ලොකු කාල පරාසයක් හිටිය. හැමෝම මට සමාවෙන්න ඒ ගැන. අපි වැඩේ නවත්තල කියල වරදවා හිතන්නෙපා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. තියෙන වෙලාව Manage කරගෙන තමයි මේ ටික දාන්නේ. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න කියල ඉල්ලනවා. ඔන්න ඒකටත් එක්කම අද පොස්ට් 2ක්ම වැටෙනවා SEO වල 6 වෙනි එක සහ අලුත්ම මාතෘකාවක් ගැන තව කෙනෙක්ගෙන්. 

අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න.. 

SEO පාඩම් සියල්ලම..

අපි අද ඉදන් හැකි තාක් ප්‍රායෝගික භාවිතය එක්කම තමයි SEO ගැන කතා කරන්න බැලුවේ.. Theory වගේ දෙවල්මනේ ගොඩක් කිව්වේ මේ වෙනකන්. ඇත්තෙන්ම කිහිප දෙනෙක්ම comments වලිනුත් ඉල්ලලා තිබුනා වඩාත් සරලව කෙටියෙන් විස්තර දෙන්න කියලා.. ඒවගේම ඉක්මනින් SEO කරන හැටි ගැන දාන්න කියල. නැත්නම් බලන අයට වුනත් කම්මැලි වෙයි කියල. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් මූලික දේවල් නොදන්නා කෙනෙකුට වුනත් SEO ගැන දැනගන්න ඒ දේවල් කියා දෙන්නත් ඕනානෙ. ඒ නිසයි එහෙම දැම්මේ. එත් මෙයින් පස්සේ Theory කොටස් අවම කරලා Practical දේ එක්කම කරන් යන්නම් පාඩම්. එත් අත්‍යාවශ්‍යම දේවල් සහ මූලික දේවල් කියන්නම එපැයි. එකෙන් පාඩම් ටිකක් දික් වෙනවානම් සමාවෙන්න.   :)

SEO වල මූලික කොටස් 2ක් සලකා බැලෙනවා 
1. On Page Optimization
2. Off Page Optimization

1.) On Page Optimization

On Page Optimization කියන්නේ සරලව කිව්වොත් අපේ Website එක තුල අපි කරනු ලබන දේවල් මගින් SEO කිරීම. ඒ කියන්නේ අපේ Website එකේ තත්වය(Quality) අපේ Website එකේ User Friendly බව, User experience(UX) එක හොද මට්ටමක තබාගැනීම, Search Engines වලට අපේ Website එක වඩාත් හොදින් හඳුන්වා දීම වගේ කරුණු කාරනා ගොඩක් මේකට අදාලයි. මේවා ගැන විස්තරාත්මකව අපි කතා කරනවා. ඒ නිසා වචන දැකල බයවෙන්නෙපා දැන්මම ඒවා ගැන නොදන්නවානම්.

On Page Optimization යටතේ මූලිකව මෙන්න මේ  කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තුවෙනවා.
1.   Keywords
2.   Content
3.   Titles
4.   Meta tags
        a). Meta Description

        b). Meta Keywords & Keywords Research(Keywords Analyzing)
5.   Microdata and Rich Snippets
6.   Headers     
7.   Images and SEO
8.   URLs and Navigation
9.   User Interface and SEO
10. User Experience and SEO

මූලිකවම මේ දේවල් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ On Page Optimization යටතේ.. මීට අමතරව තවත් වැදගත් වෙන දේවල් ගැනත් අපි කතා කරමු..

අද ඉදන් ටිකක් කෙටියෙන් පාඩම් ටික දෙන්න හිතුවේ හැමෝටම ඒක පහසුවෙයි වගේ නිසා.. අනික බ්ලොග් එක බලන අපේ කට්ටියගෙන් කිහිප දෙනෙකුත් එහෙම ඉල්ලලා තිබුණා. මටත් හිතුන ඒක හොඳ වෙයි කියලා.. ඒ නිසා අදට සෑහේ..  :)
ඊළඟට අපි On Page Optimization යටතේ Keywords ගැන කතා කරමු..

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

3 comments :

බ්ලොග් එක නියමයි..

එකතු වෙමුද..??? එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

අහ්. ඒවගේම එකතුව බ්ලොග් සම්මාන උලෙලට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරන්න.

http://ekathuwa.org/discussion/161/%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B1%E0%B7%8F

August 20, 2014 at 10:35 PM comment-delete

anton wade niyamai machan !!!

August 24, 2014 at 9:18 AM comment-delete

@Tharindu Pinnaduwa
අනිවා සහෝ.. අපි බ්ලොග් එක Add කරන්නම්.

@Yohan
ස්තූතියි මචං..

August 24, 2014 at 10:04 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...