Like us on Facebook

Software Development methodologys [ හැදින්ව්ම] Introduction


අද නම් පාඩම පටන් ගන්න සුදානමක් නැ. අද පොඩි idea එකක් දෙන්නම් මේ ගැන සහ ඇයි අපි මෙහෙම මාතෘකාවක් තෝරගත්තේ කියලා. අපේ කට්ටිය Java, C# ලෝකේ ඇති නැති ඔක්කොම Computer Programming Languages එහෙම පට්ට ගහල ඇති. එත් ඔයාලා ආපෝ මේවා පට්ටම Theory කියල වැඩි අවදානයක් නොදුන්නු මාතෘකාවක් උනත් වැදගත්කම ඉතා ඉහලයි. ඒ නිසයි මේ ගැන අපි කතා කරන්න යන්නේ.


දෙයක් කරන්න නියමිත ක්‍රමයක් තියනවා. එතනින් පටන් ගමු,
පොඩි උදාහරණයක් කියන්නම්. ඔයාලා project එහෙම කරද්දී අන්තිමට වැඩ අනාගන නාගන කරන්න ඕනේ නිසා නිදි මරාගන කරන්නේ ඇයි. නිසි සැලසුමක් ක්‍රමයක් නැති නිසා. මේවයේ මුල් කාලේ හිටපු කට්ටිය අපි දැන් වැඩ නාගන්නවා වගේ නාගත්ත නිසා තමයි සුදුසු ක්‍රම හොයල බලලා අපිට නාන්න වෙන් නැති වෙන්න මේ වගේ ක්‍රම හදලා තියෙන්නේ. ඒ නිසා මේවා ගැන දැනගන්න එක සැහෙන්න වැදගත් කියල තේරෙනවානේ. 
මේවා ඉතාම කාලීනයි වගේම ප්‍රයෝජනවත්. ඒ නිසයි අපි මේ මාතෘකාව ගැන අපේ කට්ටිය දැනුවත් කරන්න හිතුවේ.

පාඩම ගැන දල අදහසක් දුන්නොත් අපි කතා කරන්න සුදානම් වෙන්නේ Software එකක්  Develop කරන ක්‍රියාවලිය කරන විදි ගැනයි. සාර්ථක නිමැවුමක් ලබාගන්න අනුගමනය කරන්න ඕනේ ක්‍රියාකාරකම් වල එකතුවක් තමයි මේ SD(System Development) model එකක් කියන්නේ. ඒ වගේ එක එක model ගැන තමයි අපි ඉදිරි පාඩම් වලදී කතා කරන්න සුදානම් වෙන්නේ.

මේ පාඩම් මාලාවෙන්,

Waterfall Method
Iterative Development
Incremental Development 
RAD (Rapid Application Development) ගැන පුංචි හැඳින්වීමක්
Agile ගැන ටිකක් විස්තරාත්මකව 
සහ 
අවසාන වශයෙන් Agile method එකට අනුව Software Quality Assurance  කරන විදිහත් අපි කතා කරන්න සුදානම් වෙනවා.

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


-A-

Written by:  Guest Blogger Ala

4 comments :

Thumb Up Bro..
Go on!

August 21, 2014 at 4:44 AM comment-delete

Thanks bro.. keep in touch with our blog.. just for mention i'm saying this. Actually the writer of this post is a girl who is a guest blogger for our blog. Anyway thanks for the comment and stay tuned. All of us will try on our best to give the best things for our readers. Thnak you.

August 24, 2014 at 10:01 AM comment-delete

බලමු බලමු :D

September 1, 2014 at 7:01 PM comment-delete

Pls continue this series...

March 24, 2017 at 9:54 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...