Like us on Facebook

ජීවිතය සහ අපි...



සා පෙළ අපි අබරලා මිරිකලා ගත්තා
උසස් පෙළත් එහෙම කරන්නම හිතුවා
අනිතිමේදී ඒක අපිව ඈඹරෙව්වා
වුනු දේ තේරෙන්නට කල් ගත වූවා....


දෙන්නම් ඔබට උපදෙස අත්දැකීමෙන්
උසස් පෙළත් කටු අත්තකි හැගීමෙන්
එහෙත් මෙවන් පෙළක් හොඳට කිරීමෙන්
හොඳක්ම සිදුවේවී ජය ගැනීමෙන්...

ඔබත් වරක් හෝ දෙවරක් අසමත් නම්
කරනෙපා ඔහේ තවත් සිතීමක්
අදින් ගන්න නවතම ඇරඹුමක් දැන්
ගන්න පියවරක් යළි නැත පැරදීමක්...

වැටීම්, හැපීම් , පෙරලී ඇම්බරී යාමන්
කොතෙකුත් එනවා ජිවිතයට කවදත්
බාදක හමුවේ නොසැලී සිටීමත්
අපහසු වූවද කල හැකි නම් ජය ගැන්මක්...

සුබ පතනවා නොසැලී ඉදිරියටම යන්න
සැමදා එක ලෙස අප හා රැදෙන්න
අපෙන් ලැබෙන දැනුමත් හොඳටම ගන්න
ජිවිතයට අරුතක් එක් කර ගන්න...







Written by :  Admin Dila

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...