Like us on Facebook

SEO 1 - මොනාද අප්පේ මේ SEO කියන්නේ ?



මොකක්ද අප්පා මේ අපි නොදන්න SEO ? ගොඩක් අයට ප්‍රශ්නයක් නේද ? හැබැයි සමහරු මේ වෙනකොටත් දන්නවත් ඇති. සමහරු මේ සම්බන්ධව වැඩ කරනවත් ඇති. කොහොමහරි හැමෝටම දැන ගන්නත් එක්ක SEO ගැන මම දන්නා දේවල් ටිකක් කියලා දෙන්නම්කො.

SEO(Search Engine Optimization) සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය වගේ එකක් තමයි සිංහල යෙදුම. මම වැරදි නම් නිවැරදි කරන්න කියලා නිහතමානීව ඉල්ලා හිටිනවා කියවන ඇත්තන්ගෙන්.



SEO කියන්නේ අපේ වෙබ් අඩවියක් හෝ පිටුවක් සෙවුම් යන්ත්‍ර (Search Engine) මගින් ඉහල වටිනාකමක් සහිත තත්වයකින් පෙන්වීමට සලස්වා ගැනීම. (මොකක්ද ඒ කිව්වේ ?)  ඒ කිව්වේ සෙවුම් යන්ත්‍ර මගින් අපේ වෙබ් අඩවිය ඉහල ස්ථානයක් ලබාදී , ඔවුන්ගේ සෙවුම් ප්‍රතිපල වල පෙන්වීම දක්වා රැගෙන එන ක්‍රියාවලිය. තවත් සරලව කියනවනම් සිද්දිය මෙහෙමයි. දැන් අපි Google එකේ search 1ක් දැම්මා කියල හිතන්න. එතකොට ඒ search results(සෙවුම් ප්‍රතිපල) අතරේ යම් වෙබ් අඩවි පෙන්වන පිළිවෙලක් තියෙනවනේ. ඒ පෙන්වන පිළිවෙල නිකන් අහම්බෙන් ආපු පිළිවෙලක් නෙමෙයි. ඒ පෙන්වන පිළිවෙල ලොකු ක්‍රියාවලියක ප්‍රතිපලයක්. ඉතින් මේ පිළිවෙල ඇතුලේ සමහර වෙබ් අඩවි මුලිනුත් සමහර වෙබ් අඩවි ඊට පසුවත් පෙන්නනවනේ. (සමහර වෙබ් අඩවි පෙන්වන්නේ අන්තිම හරියේ. ඒවා දකින්න වෙනම වෙලාවක් search results ගොඩක් බලන්න වෙනවා.) ඉතින් මේ කියන පිළිවෙල ඇතුලේ අපේ වෙබ් අඩවියටත් යම් වටිනාකමක් ස්ථානයක් තියෙනවා. එක තවත් වැඩි කරලා , ඉහල වටිනාකමක් ලබාදීලා search results අතරේ හොද ස්ථානයක් ලබාගැනීම තමයි SEO කරනවා කියන්නේ.


(ඉතින් ඔය අපබ්‍රංස නොකරත් අපේ Websites යස අගේට තියෙනවනේ.)

ඔව් තියෙනවා තමයි. එත් ඒවා හොයාගන්න වෙනම මහන්සියක් දරන්න වෙනවා. අපේ Website එක අපිම නම් search results පීරලා පිටු ගණන් හොයල හරි අරගනියි. එත් හිතන්න ඔයා වෙන කෙනෙක්ට ඔයාගේ Website එක ගැන කියනවා කියලා. එතකොට කියන්න පුලුවන්ද "අම්මෝ Google එකෙන් නම් හොයන්න යන්නෙපා. Website එකේ address එක ගහලම යන්න." කියලා. ඕක යාලුවෙක්ට කිව්වට නම් කමක් නැහැ කියලත් හිතමුකෝ. එත් හිතන්න ඔයාල පොඩි Company එකකට Website එකක් හැදුවා කියලා. දැන් ඔයාට පුලුවන්ද කියන්න "අම්මෝ Google එකෙන් නම් ගන්න යන්නෙපා. හැමවෙලේම address එක ගහලම යන්න." කියලා ?   බැහැනේ නේද ? අන්න ඒ නිසා තමයි අපිට SEO ඕනා වෙන්නේ. අපි අපේ Website එක හොදින් SEO කලොත්, අපේ Website එකට අදාළ දෙයක් කෙනෙක් search කරනකොට අපේ Website එකත් search results වල මුල් එවයේම පෙන්වයි. 

උදා: 
අපි හිතමු අපේ Website එක Chocolate ගැන කියලා. (ආසයිනේ.. :D)

දැන් අපි හිතමු කෙනෙක් Sri Lankan Chocolate කියලා Google search 1ක් දැම්මා කියලා. අපි හිතමු එතකොට අපේ Website එක ඉතාමත් ඉහල මට්ටමෙන්, හොඳටෝම හොඳට SEO කරලා Google අයියගෙන් හොඳ rank 1ක්, තත්වයක් අරන් තියෙනවා කියලා. එහෙම තිබුනොත් අර කලින් කියපු කෙනා search කලාම එයාට් පෙන්නන search results අතරේ මුල්පෙළේ අපේ Website එකත් පෙන්නයි. (පළවෙනියටම පෙන්නන Website එක නොවෙන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම search result එකක අංක 1 හිමි කරගන්න නම් මාරම ගේමක් තියෙන්නේ, එක සුළු පටු නැහැ. එත් අඩුම ගානේ search results වල මුල්ම පිටුවට රිංගගන්න පුළුවන්. )
අන්න එහෙම search engine වල හොඳ පිළිගැනීමක් ඇති තත්වෙකට අපේ Website එක ගැනීම තමයි මූලිකව SEO කියන්නේ.

හැබැයි මෙහෙම සිද්දියකුත් තියෙනවා. එක්තරා ආකාරෙකට SEO කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශවයක් පිට කහා ගැනීමක් වගේ දෙයකුත් තමයි. :D  (ආපහු බහුබූත කියනවා.)

ඒ කිව්ව කාරනාව මෙහෙමයි. Search Engine වලින් අපේ Website වලට හොඳ rank 1ක් ලබාදෙනවා(හොඳ ශ්‍රේණීගතකිරීමක් කරනවා.) ඒ වෙනුවෙන් එයාලා කියන විදියට අපේ Website අපි පිළිවෙලට, සම්මතයන්ට අනුව සකසනවා. එකෙන් Search engine වලින් පෙන්නන search results වල තත්වය ඉහල යනවා. ඒකෙන් Search Engine එකේ තත්වය,පිළිගැනීම වැඩිවෙනවා. අනික් පැත්තට අපේ Website එකට එවැනි පිළිගත්, හොඳ Search Engine එකකින් ඉහල rank 1ක් ලැබෙනවා. ඒකෙන් අපේ Website එකේ පිළිගැනීම, වටිනාකම ඉහල යනවා. ඒවගේම අපේ Website එක Search results වල පෙනීමේ සම්භාවිතාව වැඩිවෙලා අපේ Website එකට එන පිරිස වැඩිවෙනවා.

ආ.. තේරුනාද ? මම හිතනවා තේරුණා කියලා. ඉතින් මේ search results වල ඉහලටම අපේ Website ගැනීම තමයි SEO කියන්නේ. එකට මොනාද කරන්න ඕනා කියලා මම හිමීට කියලා දෙන්නම්කො. තියෙන ගැටළු ගැන කොමෙන්ටුවකින් අහන්නකො. හැබැයි මම SEO ගැන සියල්ලම දත් කෙනෙකු නොවන බවත් බොහොම නිහතමානීව කියනවා මුලදීම. මමත් සමහර දේවල් තවම ඉගෙන ගන්නවා මේ සම්බන්ධවත්. ඒ අතරතුර තමයි පුළු පුළුවන් හැටියට මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මට වඩා දන්නා අය තව ඇතිනේ. ඒ අයත් මේ වැඩේට උදව් වෙයි කියලාත් හිතනවා. 

එහෙනම් අපහු අලුත් ලිපියකින් හමුවෙමු. ජය වේවා!!




Written by:  Admin Dila

12 comments :

Watch videos online free on www.nookivideo.com Find Sinhala Teledrama Videos, sinhala music videos, Films, Gossip,News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos including the latest news videos Search through hundreds of millions of breaking news, hot viral, TV show music videos from all over the Web.sinhala music videos,Films,Gossip, News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos latest news videos breaking news, hot viral, TV show music videos Sinhala Teledrama Videos, Sri Lankan News Video Sri Lanka online Sri Lankan Web Channel,WebHosting Service

June 20, 2014 at 9:22 AM comment-delete

ela

November 13, 2014 at 6:47 AM comment-delete

ස්තූතියි හැමෝගෙම අදහස් වලට..

November 14, 2014 at 3:53 AM comment-delete

හොද විස්තරයක්. ස්තුතියි බෙදා ගත්තට. පහලින් මගේ ලින්ක් එකක් දාගෙන යනවා. අවුලක් නෑ නේ. :-D
------------------------------------------------------------------------------------------------------------
Gossip Lanka Sinhala News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news written in Sinhala with the support of Sinhala. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites.

November 14, 2014 at 11:40 PM comment-delete

niyamayi hode
mekatath awith yana...
tecadawiya.blogspot.com

July 4, 2016 at 8:29 AM comment-delete

ela seo kiyana eka theruna. thanx..

August 1, 2016 at 7:02 AM comment-delete

Bohoma sthuthyi mcn.

Anonymous
August 6, 2016 at 11:01 AM comment-delete

ගොඩක් වටිනා ලිපි පෙලක් මන් Sinhala Blogger අඩවියෙ SEO පිරික්සුම් ලැයිස්තුව ලිපියෙත් මේ ලිපි පෙල ගැන කියන්නම්.

August 12, 2016 at 9:47 AM comment-delete

බොහොම ස්තූතියි සහෝ. මම දැන් ලිපි ටික පිළිවෙලින් කියවගෙන යනවා.

September 29, 2016 at 1:46 AM comment-delete

patta saho thanks........

December 17, 2016 at 12:54 AM comment-delete

thanks

Anonymous
January 27, 2017 at 8:33 AM comment-delete

Thanq Machan

February 28, 2018 at 2:52 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...