Like us on Facebook

අපිටත් 3D පුවත්පත්..??



ඒ මොකක්ද ඒ Title එකෙන් කියන්නේ කියලා හැමෝම හිතනවා ඇති නේද. මේක අපිට නම් අලුත්ම අත්දැකීමක්, එත් ලෝකේ සමහර රටවල්වලට මේවා අලුත් නැතුව ඇති. කොහොමින්හරි සිද්දිය මේකයි. Ceylon Today පුවත් පත ඔවුන්ගේ 2013 මාර්තු 19 දින පුවත්පත ත්‍රිමාන නැත්නම් 3D පුවත්පතක් විදියට පල කරලා තියෙන්නේ. ඔයාලා 3D films බලලා තියෙනවානම් මේ ගැන පොඩි අදහසක් එයි. ඒගොල්ලොන්ගේ මේ පුවත් පත විශේෂ 3D කණ්නාඩියකින් බැලුවම 3D ආකාරයට පේනවා. ඔය 3D මොකක්ද කියලා නම් වචනවලින් පැහැදිලි කරන්න අමාරුයි. එක දැකලාම ලබන්න ඕනා අත්දැකීමක්. ඒ නිසා මම ඒක ගැන විස්තර කියන්න ගිහින් නා ගන්නේ නැහැ. (:D)


කොහොමහරි මේක දීර්ග කාලීන වෑයමක ප්‍රතිපලයක් බව තමයි ඔවුන් කියන විස්තරවලින් පෙන්නුම් යන්නේ. මේක ලෙහෙසි පහසු කාර්යක් නොවන වග තමයි පෙන්න තියෙන්නේ නම්. කෙසේ හෝ ඔවුන් මේක ගොඩක් සැලසුම් කරලා, කාලය අරගෙන කරපු වැඩක් වගේ. මේක කෙලින්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවම මුද්‍රණය කෙරුවලු කියලත් කියනවා. මේ පුවත්පත සමඟ 3D කණ්නාඩියකුත් නොමිලේ දුන්නලු මේ අත්දැකීම හොදින්ම ලබාගැනීම සඳහා. මේක ඇත්තෙන්ම ලංකාවට සහ ලංකාවේ පුවත්පත් මාධ්‍යට වගේම ලංකාවේ මුද්‍රණ කර්මාන්තයටත් වැදගත් දෙයක් වෙයි කියලා මම හිතනවා. බලමුකෝ ඉදිරියේදී.නේද. කොහොම වෙතත් අපිත් අලුත් දේවල් එක්ක යන්න ඕනා කියන කාරනාව තේරුම් අරන් වෙනසකටත් එක්ක කරලා තිබුණ මේ වැඩේ මම පුද්ගලිකව අගය කරනවා. තව කෙනෙක් විවේචනය කරන්නත් පුළුවන් මේ බොරු වැඩ කියලා. එත් මගේ පුද්ගලික අදහසයි මම කිව්වේ. හොඳ නරක තීරණය කිරීම පුවත් පතේ පාඨකයන්ට බාරයි.

ඉහල තියෙන video 1න් තව විස්තර බලාගන්නකෝ.

(ඔක්කොම "ලු" කතානේ කිව්වේ. "තියෙනවලු, දෙනවලු..."

ඔව් ඉතින් මේකනේ සිද්දිය, මමත් තවම පත්තරේ ඇස් දෙකට දැක්කේ නැහැනේ. :D 
දැනගත්තු ගමන් තමයි කස්ටිය එක්ක බෙදාගත්තේ. හම්බුනු කෙනෙක් කොමෙන්ටුවකින් අපිටත් දැනගන්න එක්ක විස්තර දාන්නකෝ. )









Written by:  Admin Dila

1 comments :

Maru seen 1ne. me widiyatama 'ada' paththareth print karala tibuna neda ?

Ashan
March 25, 2013 at 6:37 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...