Like us on Facebook

SEO 3 - කොහොමද Search Engines ක්‍රියාත්මක වෙන්නේ..?


කලින් SEO ගැන ලිපියෙන් SEO කියන්නේ මොකක්ද කියන එක වැඩිදුරටත් පැහැදිලි කරගත්තා. ඒ වගේම SEO වල වැදගත්කම ගැනත් අපි ටිකක් කතා කලානේ. ඒක නොකියවපු කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් 1න් ගිහින් එක කියවන්න. මොකද අද මම කියන දේවල් තේරුම් ගන්න කලින් මම කරපු මූලික පැහැදිලි කිරීම් තේරුම් අරගෙන ඉන්න එක ඇඟට ගුණයි.   ; )



දැන් එහෙනම් SEO ගැන යමක් කමක් තේරුනානේ. අපි අද මේක තව පොඩ්ඩක් ඉදිරියට ඉගෙන ගමු. අද අපි කතා කරන්නේ අපි භාවිතා කරන Search Engines ක්‍රියාත්මක වෙන විදිය සහ එක SEO වලට අදාළ වෙන්නේ කොහොමද කියන දේවල්.

මේ වීඩියෝ 1ත් බලලම අපි වැඩේ පටන් ගමු. කට්ටිය වීඩියෝ එක බලලාම ඉතුරු ටික කියවන්න. එතකොට තේරුම් ගන්න ලෙසි වෙයි. වීඩියෝ එකේ කියන දේවල් තේරුනේ නැතත් , රූප මගින් පැහැදිලි කරන දේවල් ටික බලාගන්නකෝ.




හොඳයි. අපි එහෙනම් Search Engines වැඩ කරන විදිය කතා කරමු. ඇත්තෙන්ම Search Engines කියන්නේ වෙබ් එකේ (WWW-World Wide Web එකේ) තියෙන WebSites(වෙබ් අඩවි), Web Pages(වෙබ් පිටු) අතරින් අපිට යම් වැඩකට ඕනෑ කරන Websites හෝ Web Pages හොයා ගන්න තියෙන යම් කිසි ක්‍රමයක්, යාන්ත්‍රණයක්. ඇත්තෙන්ම වර්තමාන ලෝකෙදි Internet එකේ ඉතා බහුලව මේ Search Engines භාවිතා වෙනවා. ඒත් මේ Search Engines ඇත්තටම අපි Search කරපු ගමන් මුළු Internet 1ම පීර පීර Web Pages අපිට හොයලා දෙනවද ? මෙච්චර අඩු කාලෙකින්.. ?

උත්තරේ නැහැ කියන එක තමයි. හේතුව මේකයි, ඇත්තෙන්ම අපි Search Engine එකකින් Search කලාම වෙන්නේ මුළු Internet එකේම තියෙන ඔක්කොම Pages වල අපි හොයන දේ හොයා හොයා ඉන්න එක නෙමෙයි. ඇත්තටම වෙන දේ මෙහෙමයි. එක අපි පැහැදිලි කරගන්න පොඩි උදාහරණයකුත් ගමුකො. අපි හිතමු අපි Search කළා කියලා “Computer” කියලා. එතකොට Search Engine වලින් කරන්නේ Internet එකේ ඔක්කොම Pages අතරේ හෙවීම් වෙනුවට,  ඒ හැම Page එකක් ගැනම වාගේ(ආසන්න වශයෙන්) විස්තර දාගෙන එයාලා ලඟ තියන් ඉන්න දත්ත ගබඩාවෙන් මේ හොයපු වචනෙට(අපේ උදාහරනේ විදියට “Computer” කියන වචනය) අදාළව තියෙන Pages මොනාද කියල හොයලා බලන එකයි. එහෙම බලලා , ලැබෙන ප්‍රතිපලේ තමයි අපිට පෙන්නන්නේ.

පහත රූපේ බලන්නකෝ. (Google 1න්ම Search කලේ ඇයි කියලානම් අහන්නෙපා. මම භාවිතා කරන්නේ ඒක. අනික Google එක තමයි ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන Search Engine එක.) 
පැහැදිලිව ලොකුවට රූපේ බලන්න නම් රූපේ මත click කරන්න.



(ඒ මොකක්ද ඒ දත්ත ගබඩාව..? කොහොමද එහෙම එකක් එයාල ලග තියෙන්නේ ..? මොන මොන Pages වල විස්තරද එකේ තියෙන්නේ..? ප්‍රශ්න ගොඩයි නේද. කලබල වෙන්නෙපා අපි එකින් එක උත්තර හොයාගමු ඒවාට.)

දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ දත්ත ගබඩාව කියලා. ඒ දත්ත ගබඩාව තුල තමයි අපිට ප්‍රතිපල විදියට පෙන්නන තොරතුරු රඳවලා තියෙන්නේ. Search Engines වල මේ දත්ත ගබඩාව හදාගන්න විවධ ක්‍රම භාවිතා වෙනවා. Search Engines අතරින් ප්‍රධානම Search Engine එකක් වුනු Google එක මූලික කරගෙන තමයි මම මේක පැහැදිලි කරන්න යන්නේ. Google එකේදී ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන ක්‍රමයක් තමයි Spiders(Spider bots, Robots, Google bots වගේ නම් වලිනුත් හඳුන්වන්නේ මේවාම තමයි.) කියන Programmes භාවිතා කිරීමේ ක්‍රමය.(අනිත් Search Engines වලත් මූලිකවම භාවිතා වෙන්නේ මේ ක්‍රමේ තමයි.) එකේදී වෙන්නේ මේ Spider Programmes, Internet එකේ හතර අතේ කරක් ගහලා, අලුත් Websites ගැන සහ දැනට එයාලාගේ දත්ත ගබඩාවේ තිබෙන Websites වලත් තොරතුරු එකතු කරන් එන එක. එකේදී මේ bots ලා එකටම යනවා Page එකකට, ඊට පස්සේ එකේ තියෙන links වලින් තව Pages වලට යනවා. ඔහොම ඔහොම දිගට හරහට pages වලට යනවා. මේකට කියනවා crawling කියලා. ඒකට සිංහල වචනයක් දෙන්න නම් මම දන්නැහැ. ඒ නිසා අපි crawling කියලාම කියමු. ඉතින් මේ Spider bots ලා, නිතරම මෙහෙම internet එකේ කරක් ගගහා එයාලගේ දත්ත ගබඩාව අලුත් කරනවා. ඒ අරන් ගිය තොරතුරුත් ආවාට ගියාට දාගන්නැහැ. ඒවත් ක්‍රමවත්ව, ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙන විදියටයි ගබඩා කරගන්නෙත්. නැත්නම් ඉතින් Search 1ක් දැම්මම එකේ reasults එනකන් වෙන වැඩක් කර කර තමයි ඉන්න වෙන්නේ. එහෙම නොවී අඩුම කාලෙකින් ප්‍රතිපල ගන්න ඕනා නිසා මේවා ගබඩා කරගන්නෙත් යම් කිසි පහසු පිළිවෙලකට, ක්‍රමේකට. (ඒ ක්‍රමේ මොකක්ද කියලා නම් අහන්නෙපා. එක දැනගන්න Google එකේ වැඩට යන්න වෙයි. : D )

මම මේ කියපු කතාව මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. මේ වීඩියෝ එක කරන්නේ Google Search Engine එක වැඩ කරන විදිය පැහැදිලි කරන්නයි. මේක අපිට බොහොම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මම කියපු කතාව තේරුම් ගන්න. මේ වීඩියෝ එක කරන මනුස්සයත් සුළු පටු පොරක් නෙමෙයි. SEO කරන අයට අමතක නොවෙන පුද්ගලයෙක්. එයා ගැනත් පස්සේ දැනගමුකො.






ඉතින් අපි Search කලාම Google 1න් කරන්නේ අපි Search කරන දේට අදාල, එයාලාගේ දත්ත ගබඩාවේ තියෙන තොරතුරු අරගෙන අදාළ ප්‍රතිපල පෙන්නන එකයි. එක වෙන විදිය තමයි අපි වීඩියෝ එකකුත් එක්කම ඉගෙනගත්තේ. ඊලගට අපි SEO වල ප්‍රධාන කොටස් 2 ගැන කතා කරමුකෝ. එහෙනම් අපි ඊළඟ ලිපියෙන් තව තොරතුරු කතා කරමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. යාලුවන්වත් අපේ blog එක ගැන දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. හැමෝටම ජය වේවා...!!





Written by:  Admin Dila

9 comments :

hoda pahadili kirimak

Anonymous
April 29, 2013 at 4:52 AM comment-delete

patta macho aneth blog walata wediya hodata seo gena saralawa kiyala thiye aneth ewath liyanakam api balan innawa

Saman Jayawardhana
August 2, 2013 at 12:17 PM comment-delete

@ANONYMOUS and SAMAN JAYAWARDHANA

බොහොමත්ම ස්තූතියි.. දිගටම රැදිලා ඉන්න.. පොඩ්ඩක් ප්‍රමාද වුණා අනෙක් කොටස් ටික දෙන්න.. එත් ඒ ටිකත් අද හෙටම දාන්නම්.. දිගටම අපේ බ්ලොග් එක එක්ක ඉන්න..

September 28, 2013 at 1:58 AM comment-delete

නියම පාඩම් මාලාවක්.

දිගටම හොදට කරන්න සහෝ !! :D

October 30, 2013 at 1:40 AM comment-delete

බොහොමත්ම ස්තූතියි සහෝ.. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැදෙන්න.. අපේ ලිපි කියවන්න.. යාලුවන්වත් දැනුවත් කරන්න අපේ බ්ලොග් එක ගැන.. ජය වේවා!.

November 4, 2013 at 3:22 AM comment-delete

Ela Ela !! :D

November 4, 2013 at 4:43 AM comment-delete

Well done bro....

January 20, 2016 at 10:01 PM comment-delete

😎

September 2, 2016 at 7:38 AM comment-delete

😎

September 2, 2016 at 7:38 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...