Like us on Facebook

SEO 2 - SEO (Search Engine Optimization) ගැන හැඳින්වීම වැඩිදුරටත්..





කලින් මම දාපු SEO ගැන ආරම්භක ලිපිය නොකියවපු අය මේ ලින්ක් 1න් ගිහින් එක කියවන්න. මොකද අද මම කියන දේවල් තේරුම් ගන්න කලින් මම කරපු මූලික පැහැදිලි කිරීම තේරුම් අරගෙන ඉන්න එක වැදගත්.


දැන් එහෙනම් මුල්ම ටික තේරුනානේ. අපි අද මේක තව පොඩ්ඩක් ඉදිරියට ඉගෙන ගමු.
SEO වලදී අදාළ Website එකේ හෝ අදාළ Blogsite එකේ තියෙන content එකේ (අන්තර්ගතයේ) සිට Site එකේ Codes සම්බන්ධ කාරනා, අනිත් Sites ඔබේ Site එකට Link වී ඇති ආකාරය සහ ඒ link මොනාද කියන දේ දක්වා දේවල් වැදගත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට කරන්න වෙන්නේ Site එක ක්‍රමානුකූලව පිළිවෙලට, සමහර සම්මත ක්‍රම වලට අදාළ විදියට හදලා පොඩ්ඩක් වැදගත් විදියට තත්වයක් දෙන එකයි. මොකද කිව්වොත් මම කලින් එකේදී කිව්වා වගේ SEO වලදී වෙන්නේ තන්කිකරම Search Engine සම්බන්ධ කාරනාවම විතරක්ම නෙමෙයි. එක තමයි අපි කරන දේ, නමුත් එක කිරීමේදී අපේ Site එක භාවිතා කරන්නන්ට වඩාත් පහසු වෙන විදියට, බොහොම වැදගත් විදියට, පිළිවෙලට සැකසීමකුත් වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ Site එකේ තත්වය වගේම ජනප්‍රියත්වයත් ඉහල යනවා.

ඇයි අපිට SEO ඕනා වෙන්නේ කියන එක යම් දුරකට මම කලින් ලිපියේදී කිව්වනේ. ඒ නිසා ඒක මම අපහු පැහැදිලි කරන්න යන්නේ නැහැ. සරලව කිව්වොත් අපි ගොඩක් දුරට යම් කාරණාවක් සම්බන්දයෙන් තොරතුරක් හොයාගන්න, නැත්නම් මොනා හරි අලුතින් දැනගත්ත Website එකකට පිවිසෙන්න වගේ ඔනෑම දේකදී ඒ Website එකේ Address එක හරියටම මතක තියාගෙන ඇවිත් ඒක Address bar එකේ ගහනවට වඩා කරන්නේ , Google Search එකට ගිහින් ඒකෙ මේ Website එකේ නම ගහනවා. එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ. වැඩියේ ඕනා නැහැ මම දැකලා තියෙනවා සමහරු Facebook.com කියන Address එක දැන දැනත් Google එකට ගිහින් “Facebook” කියලා ගහලා එකෙන් එන එක අරගන්නවා. ඉතින් එහෙව් තත්වයක් තියෙද්දී අපේ Website එකත් එහෙම පෙන්නගන්න ඕනා වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ. ඒ නිසා මේ SEO කියන දේ ඉතාමත් වැදගත් වෙනවා.

ඇයි ඉතින් Search Engine වලට ඒ ටිකත් කරගෙන අපේ Sites පෙන්නන්න බැරිද ?
Search Engine කියන්නේ අන්තර්ජාලයේ ඉතා දියුණු මට්ටමේම තියෙන Web Application 1ක්(වෙබ් මෘදුකාංගයක්). ඒවා දිනෙන් දින දියුණු වෙන ඒවා. එත් ඒවාට අපේ උදව්වත් ඕනා වෙනවා වඩාත් නිවැරදි, උසස් තත්වයේ Search Results(සෙවුම් ප්‍රතිපල) ලබා දෙන්න. ඉතින් හොඳින් SEO කිරීම සිදුවුනොත් එක උදව් වෙනවා බොහෝ දෙනෙකුගේ අවදානයක් ඔබේ Site එකට ලබාදෙන්න. එකේ අනිත් පැත්ත, හරියට SEO නොකලොත්, නැත්නම් SEO කරලාම නැත්නම් වෙන්නේ ඔබේ site එක Search Results අතරේ නොපෙන්වීම හෝ අන්තිම Search Results ගොඩට වැටිලා මිනිසුන්ගේ අවදානයට ලක් නොවී තිබීමයි. ඒ නිසා Site එක පොඩි company 1ක එකක් වුනත් , ලොකු company 1ක එකක් වුනත්, තමන්ගේම site එකක් වුනත් SEO කියන දේ ගොඩාක් වැදගත් වෙනවා.

පහල තියෙන්නේ SEO අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරන්න හදපු පොඩි animation කිහිපයක්. ඒවත් බලන්න. අන්තිමට පොඩි Advertisement කොටස් එහෙමත් තියෙයි. මේවා හදලා තියෙන්නේ SEO කරන company කීපෙකින්. ඒ නිසා ඒක ගණන් ගන්නෙපා. වීඩියෝ එකේ පැහැදිලි කරන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. හැබැයි කඩ්ඩෙන් තමයි තියෙන්නේ. නොතේරුනා කියල අවුලක් ගන්නෙපා. animation එක්ක යන නිසා අවුල් වෙන 1ක් නැහැ. අනික මේවා කරන විදිය ගැන අපි ඉදිරියේදී කතා කරන නිසා වීඩියෝ එකේ කියන ඒවා නොතේරුණත් fun 1ට වගේ බලන්නකෝ.  :D







ඊළඟ ලිපියෙන් අපි පොඩ්ඩක් Search Engines වැඩ කරන විදිය සහ SEO වල ප්‍රධාන කොටස් ගැන කතා කරමු. එතෙක් හැම දෙනාටම ජය වේවා..!!



Written by:  Admin Dila

3 comments :

ela// digatama dapan wistare me wage..

Anonymous
May 8, 2013 at 6:15 AM comment-delete

බොහොමත්ම ස්තූතියි.. දිගටම රැදිලා ඉන්න.. පොඩ්ඩක් ප්‍රමාද වුණා අනෙක් කොටස් ටික දෙන්න.. එත් ඒ ටිකත් අද හෙටම දාන්නම්..

September 28, 2013 at 1:57 AM comment-delete

Mama outsourcing Karanna hithagena inne. Mata SEO gena Aiyya dena lipi malawa godak watinawa. Thank you very much ��.

Anonymous
August 6, 2016 at 11:10 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...