Like us on Facebook

තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එලියට මා මැකුනා ....

Love songs, Sab boy, I miss you


මිස් call එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස්කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔබේ නම එහි ලිව්වා
මගේ දෑස පුරා ඔබ සෙව්ව කතා බොරු බව මට හැගුනා 
ඔබ යන්න ගියත් මට දුක නෑ එක පාරක් මුණ ගැහිලා
එක පාරක් මුණ ගැහිලා......


මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුළු වෙලා
අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා
කවූරුත් දන්නෑ මම දුකින් කියා මම රහසින් දුක් වින්දා
තවමත් මට ඔබ ගැන සිහි වීලා රෑ නින්දෙන් ඇහැරෙනවා
රෑ නින්දෙන් ඇහැරෙනවා......

තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එලියට මා මැකුණා 
අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා
කවදාහරි අත්තටු කැඩිලා යළි මා ලගටම එනවා
ආවත් ඔබ යලි සිනහ වෙලා  මා ඈතට දුව යනවා
මා ඈතට දුව යනවා...

මිස් call එකක් තරමටවත්...





Written By Admin Priya.

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...