Like us on Facebook

පොඩි අනං මනං කතාවක්..

















මේ ටිකේ අපේ තුන් කට්ටුවම පොඩ්ඩක් කාර්යබහුල වෙච්චි නිසා පෝස්ටුවක් දාන්න බැරිවුනා. ඉතාමත් ඉක්මනින් පෝස්ටුවක් දාන පොරොන්දුව මත මේ පොස්ට් එක පොඩ්ඩක් දානවා. අපි අපේ පාඩම් ටික දෙන එක පැත්තක තියල වල් පල් කියන්න යනවා කියල වරදවා වටහා ගන්න එපා කියලත් කියනවා. : )


මේක ඇවිල්ලා අපේ එකෙක්ට වුණු අජූත සිද්ධියක්. එත් එකේ පොඩි රහක් තියෙයි කියල හිතුණු නිසා පොඩි වෙනසකටත් එක්ක මේ කතාව දාන්නේ. මේක මෙලෝ රහක් නැති එකක් වගේ කෙනෙක්ට දැනෙන්නත් පුළුවන්. කොහොම වෙතත් බ්ලොග් එක එක්ක දිගට ඉන්න කියලත් ආරාධනා කරනවා. : )

මේ සීන් එක වුනේ අපි A/L කොරන කාලේ. (හෆ්ෆා.. නොමියෙන මතක රැසක් තියෙන කාලයක් තමයි. : D  ) අපේ යාලුවට පොඩ්ඩක් හිත ගිය කෙල්ලෙක් හිටියා අපි ගිය ක්ලාස් එකක. කෙල්ලත් ඉතින් සුදු, ඇහැට කනට පේන මාදිලියේ කොට මොඩ්ල් එකක්. අවුලක් නෑ ලස්සනයි. කොල්ලා ඉතින් මේ කෙල්ල පේන තෙක් මානේ තමයි ක්ලාස් එකේ ඉඳගන්නෙත්. වැඩේ ඉතින් නැගලම ගියා ඒ දවස්වල. හැබැයි නැගල ගියේ ඒක පාර්ශවීකව විතරයි කියන එකත් කියන්න ඕනා. ඒ කිව්වේ කොල්ල වැඩේ ගැන හිතලා හොඳට වැඩේට බැස්සට මොකද කෙල්ල සීන් එක ගැන හාන්කවිසියක් දන්නෙත් නෑ. : D  50% ක සීන් 1ක් තමයි ඉතින් ගියේ. තේරෙනවනේ මම කියන දේ.. : D
ඉතින් ඔහොම යනකොට ඉතින් යාලුවන්ගෙනුත් නොමනා සහයක් කොලුවට හම්බුණා.

"මචං උඹට දාගන්න බැරිවෙන එකක් නෑ. ට්‍රයි එක දාපන්.."
"අපෝ ඕක උඹට දාගන්න පුළුවන් බං. ට්‍රයි එක දාපන්.."
"වෙන කොල්ලෙකුත් නැහැ වගේ බන්. උබට තමයි පුතේ චාන්ස් එක.."
මේ වගේ මොරාල් එක නග්ගන කතා තමයි කොල්ලට මිත්‍ර සංගම් වලින් හම්බුනෙත්. මේ වගේ සීන් 1ක් යද්දී ඒවත් සෑහෙන්න වටිනවනේ. ඉතින් මේ මිත්‍ර වදන් වලට කොල්ලා තවත් ෆෝම් වුනා. දැන් වැඩේ පෙරටත් වඩා නැගලා යනවා. හැබැයි තවමත් 50% කතාවක්ම තමයි. : D

ඉතින් ඔහොම යන අතරතුර කොල්ලට හිතුණා ශේප් එකේ කෙල්ලට වචනේ දාලා බලන්න.
මිත්‍ර අදහස් වලිනුත් කියවුනේ කල් නොදා අහන එක හොඳයි කියන එකයි. කොල්ලත් බැලුවා කල් දදා ඉන්න ගිහින් වෙන එකෙක් කෙලියොත් ඔක්කොම ඉවරයිනේ කියලා. ඉතින් කොලුවත් නළල රැලි කරගෙන, ඔලුවේ අත ගහගෙන, කම්බුලේ අත තියාගෙන ආදී එකී මෙකී නොකී අනේක විධ ඉරියව් වලිනුත් ඉදලා කම්පනා කොරලා කොරලා තීරණයක් ගත්තා. ඔන්න දැන් ගට්ස් එහෙම අරගෙන අද අහනවා කියලා හිතාගෙන ක්ලාස් එකටත් ආවා.

ඔන්න ඉතින් ක්ලාස් එකත් ඉවරවුණා කියමුකෝ. කොල්ලා නැති ගට්ස් එහෙම අරගෙන කොන්ද කෙලින් තියාගෙන, පපුව පෙරට දාගෙන එහෙම ක්ලාස් එකෙන් එලියට බැස්සා අද නම් අහලා දානවා මේක කියලා. පොඩි දණිස් වෙව්ලීමක් සහ හදවත සලිත වීමක් නොතිබුනාම නෙමෙයි. : D
යාලුවන්ගෙනුත් නොමද ෆෝම් කිරීමක් එහෙම අපරාදේ කියන්න බැරිවෙන්නම ලැබුණා අපේ මේ කතා නායකයාට. දැන් ඉතින් යාළුවන් සමඟ එලියට බැහැල යන ගමන් දැන් බැලුවා කෙල්ල එනකන්.
මේ ක්ලාස් එකත් එසේ මෙසේ එකක් නෙමෙයි. ළමයි බර ගානක් හිටියා. ඉතින් ඔහොම බලන් හිටියා හිටියා ඕනා කරන කෙනාව තමයි පෙනුනේ නැත්තේම. අපරාදේ නොකියන්න අනික් හැමෝම නිවෙස් බලා යනවා නම් දැකගන්න ලැබුණා. අෆ්ෆා.. දැන් කොලුවටත් අප්සට්. 

"සිකේ... ගත්තු ගටත් නැතිවුනා.. කෙල්ලත් මිස්වුනා.." තනියම කම්පනා කොරමින් දුක්මුසු සිතින් ගෙදර ගියා. මිත්‍ර පාර්ශවෙන් සෑහෙන සාර්ථක සිත හැදීමක් මෙන්ම ඊළඟ සතියේ කෙල්ලගෙන් අහන්න අවශ්‍ය කරන පසුබිම හැදීමක් වුනා. කොලුවත් හිතට ගත්තා "ලබන සැරේ.. මම අහමි පුතේ.." කියලා සින්දුවක තාලෙට කියන ගමන්.

දැන් ඔන්න ඊළඟ සතියත් උදාවුනා කියමුකෝ. ඔන්න දැන් කොලුවා පැතුම් පොඩි බැඳගෙන, හීන හතක ගැට ගහගෙන එහෙම ක්ලාස් එකට ආවා. ක්ලාස් එකත් ඉවරවුණා. දැන් කොල්ල පෙරදා ගත්තු ගටත් අරගෙන දණිස් වෙව්ලීම්, හදවත ගැහීමේ වේගය වැඩිවීම් නොසලකා හරිමින් එලියට බැස්සා. දැන් මිත්‍ර සංගමේ බුවාලා කිහිප දෙනෙක් පෙරටු කොරන් කෙල්ල එනතුරු ඉන්නවා. එදාත් අනිත් උදවිය යනවා යනවා කෙල්ල නෙමෙයි ආවේ. ඒවුනාට මිත්‍ර පාර්ශවේ ඔත්තුකරුවෙකුගෙන් ලැබුන තොරතුරකින් කියවුනේ කොලුවා ඉන්න හරිය පාස් කොරගෙන ගිහින් නැති බවකුයි. හරි කමක් නෑ තව ටිකක් ඉමුකෝ කියලා හිතාගෙන හිටියා.

එකපාරටම දුටු දර්ශනේ නිසා කොල්ලට මෙහෙම හිතෙන්න ඇති.
"අයියෝ.. සල්ලි.. කෙලවුනා මට මල්ලි.."
(ඇයි මොකක්ද කොලුවා දැක්කේ..?)
කියලා වැඩක් නෑ අප්පා.. කොල්ලා දැක්කේ අර කෙල්ල කොල්ලෙක්ගේ අතේ එල්ලිලා අපේ කතා නායක කොලුවා ඉන්න ඉසව්ව දිහාවට එන ආකාරයයි. යාලුවන්ටත් ඉබේමට ඔලුවේ අත ගහා ගැනුනා ඒක දැකලා.
(හෆෝ..යි..)
මේක ගොඩක් අයට වෙලා තියෙන සිද්දියක් වෙන්න ඇති. ඒත් මේකේ විශේෂත්වේ වෙන්නේ අහිංසකයා අහන්න පැලෑන් කොරගෙන, පෙරුම් පුරාගෙන ආපු දවසෙම කෙල වීම සිදු වුනු එකයි. එහෙම නොවී ඊට කලින්ම වුනානම් එච්චර සීන් 1ක් නැහැ. අපිටත් ඉතින් අස්පට් වුනු දේට. කොල්ලා අන්දපු නැති එක විතරයි. "ඇයි බං මම අහන්න හිතාගේනා ආපු දවසෙම මෙහෙම වුනේ.. ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ.." කොල්ලා ඉතින් අපිට කිය කියා ලතවෙනවා. අපිත් ඉතින් දන්නා පොර ටෝක්ස් සහ තවත් එව්වා මෙව්වා කියලා කොල්ලගේ හිත හැදුවා.

මේකේ ලස්සනම සිද්ධි දෙක කියන්නේ කොල්ලා අහන්න ගිය දවසෙම, අර කෙල්ල කොල්ලත් එක්ක ආපු එක සහ අදටත් අපේ කොලුවා ට්‍රයි කළා කියලා කෙල්ල හාන්කවිසියක්වත් නොදැන සිටීමයි. : D
ට්‍රයි කොරන කෙල්ලටවත් නොදැනෙන පරිදි ටෝක් කිරීමේ කලාව අපි ඉගෙන ගත්තෙත් ඒ කොලුවාගෙන් තමයි. :D

කතාව හොඳයි නම්, හැකි උදවිය කොමෙන්ටුවක් එහෙම දාලා අදහස් පල කරන්න. කතාව අජූතයි කියල හිතුන අයත් අපේ බ්ලොග් එකට එන එක නවත්තන්නේ නැතිවෙයි කියලා හිතනවා. මොකද මේක පොඩි අනං මනං අමතර කතාවක් විතරයි. අපි අපේ පාඩම් මාලාව දිගටම දානවා.

එහෙනම් හැමෝටම ජය වේවා..!!





Written by:  බ්ලොග් එක ලියන තුන් දෙනාගෙන් එකෙක්.. ; )

1 comments :

මේ ගෑනු ළමයා ගැන හැඩරුව විස්තර කරලා තියන විදියට මට මගේ අත්දැකීමක් මතක් වුනා.
හැබැයි ඔයාලා කියලා තියන යාළුවට යාළුවෝ හිටියා.
මම තනියම.
ආදරය නොලැබුනාට සුන්දරයි.
ඒක තමයි ප්‍රථම හා අවසාන ප්‍රේමය.

බ්ලොග් එකේ අනිත් ලිපි කිහිපයකුත් කියෙව්වා.
හොඳයි.
සුභ පැතුම්...!

Anonymous
October 26, 2015 at 4:46 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...