Like us on Facebook

අපූරු Phone Chargers

ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි. 
මෙන්න තියෙනවා නියම උපාංග ටිකක්.


ඕන නම් ebay එකේ වගේ මේ නම් වලින් search කරලා ගෙන්නාගෙන බලන්න ඕනා කෙනෙක් ඉන්නවනම්. පාඩුවක් වෙන එකක් නැහැ. ගානත් ගොඩාක් සැර වෙන එකක් නැහැ කියල හිතනවා. 


මේවයේ බලය නිපදවෙන ක්‍රම එකිනෙකට වෙනස් අමුතුම ක්‍රම. ඒ නිසා ඔක්කොගෙම ඒවාට අනන්‍ය වුනු ක්‍රම තියෙන්නේ. කොහොමහරි මෙහෙම charge කරගන්න පුළුවන් නම් එක ගොඩක් වටිනවනේ නේද..? එහෙනම් විස්තරේ කියවලම බලන්නකෝ.. 



Hand Turbine Smartphone Charger
ඔබේ ස්මාට් ෆෝන් එක අතින් කරකවන ටර්බයින් එකක් මගින් ආරෝපඅය කරගන්න අවශ්‍ය නම් මේ ඒ සඳහා භාවිත කල හැකි උපකරණයක්. මෙහි රේඩියෝවක්ද අන්තර්ගතයි.
CampStove
තාපය විදුලිය බවට හැරවීම මෙයින් සිදු වෙනවා. ගිනි දල්වා මොබයිල් ෆෝන් එක චාජ් කරගන්න. තාපයෙන් වැඩක් ගන්න පුළුවන් ඔන්න මේකෙන්.
Epiphany one Puck
උණු කෝපි කෝප්පයක රස බලන ගමන් ජංගම දුරකථනය ආරෝපණය කරගන්න. කෝපි එකයි, වැඩ 2යි.
Electree
ඔබගේ නිවස හෝ කාර්යාලයේ අලංකරණයට තැබිය හැකි මේ කුඩා ගස ආලෝකය විදුලියට හරවා දුරකථනය චාජ් කර දෙන්නට සමත්.

PowerTrekk
මෙයින් ජංගම දුරකථනයේ බැටරි චාජ් කර ගැනීමට අවශ්‍ය ජලය පමණයි.
PowerPot
මේ උපකරණයත් තාපය මගින් විදුලිය ජනනය කරන චාර්ජරයක්.

Solar Sunflower
මේ හුරුබුහුටි සූර්ය පැනලය ජනේලයක් අසල තබා පහසුවෙන්ම ස්මාට් ෆෝන් ආරෝපණය කරගන්න පුළුවන්.
BikeCharge
ඔබගේ බයිසිකලයට සම්බන්ධ කළ හැකි මේ චාජරය මගින් බයිසිකල් පදින අතරතුර දුරකථනය ආරෝපණය කරගැනීමට පුළුවන්.

Mini Kin Wind Powered Charger
සුළං බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.
HYmini
සුළං බලයෙන්, සූර්‍ය බලයෙන් හා විදුලි බලය ගබඩා කර තබාගෙන ආදී සියලු ක්‍රම වලින් ජංගම දුරකථනය නැවත ආරෝපණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

Solarmonkey Adventurer
කඳු නගින්නන් ආදී ක්‍රියාදාම වල යෙදෙන අයට ගැලපෙන සූර්‍ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.

Ray Solar Charger
ඕණම එළිය ඇති ජනේලයක් හා සම්බන්ධ කර ජංගම දුරකථනය මේ හරහා ආරෝපණය කළ හැකියි.

WakaWaka Power
සාක්කුවේ ගෙන යා හැකි මේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයෙහි පැය 40ක reading light එකක්ද තිබෙනවා.

Soccket
මේ පා පන්දුවෙන් ඔබ ක්‍රීඩා කරන විට එහි සිදුවන චලනය විදුලිය ලෙස ගබඩා වෙන්වා. පසුව ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකියි.

Window Solar Charger
Ray Solar Charger මෙන්ම භාවිතා කල හැකි ඝණකමෙ අඩු චාජරයක්.

Energizer Dual Inductive Charger
Qi-enabled devices වලට භාවිතා කළ හැකි රැහැන් රහිත චාජරයක්.

Energi+ Backpack
ඔබගේ ඕණෑම ආකාරයක ජංගම උපකරණයක් ආරෝපණය කර දෙන්නට මේ බෑගයේ ඇති තාක්ෂණය සමත්.

Everpurse
ජංගම දුරකථනය පර්ස් එකේ දාගෙන ගිහින් පුරුදු අයට වටිනා චාජරයක්.

PowerKiss
වයර් තියන චාර්ජර් භාවිතා කරල ඇති වෙලා නම් මේ වගේ එකක් භාවිත කරන්න.

Phorce
එකවිට උපකරණ තුනක් චාජ් කිරීමේ පහසුකම මේ බෑගයට තිබෙනවා.

POP
මේ චාජරය මගිනුත් උපකරණ කිහිපයක් එක විට ආරෝපණය කළ හැකියි.

TYLT VU Wireless Charger
ජංගම දුරකථනය චාජ් වන විට එහි තිරය පහසුවෙන් නැරඹිය හැකි පරිදි නිමවා තිබෙන මෙය රැහැන් රහිත චාර්ජරයක්.

Nokia Wireless Charging Pillow by Fatboy
ඔබේ නොකියා ලුමිනා දුරකථනයට අදිමට ගැලපෙන චාජරයක්.

BrightBox
අවන්හල් හිමියන්ට තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම සදහා ලබා දිය හැකි කදිම සේවාවක්.


Thermoelectric Converter
ෆූජි ආයතනය විසින් නිශ්පාදිත මේ චාජරය මගින් ඔබගේ ශරීර උණුසුම විදුලිය බවට හරවනවා.


Orange Power Wellies
ඔබගේ යටි පතුලේ උණුසුම විදුලිය බවට හරවා ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට මෙය භාවිතා කරන්න.

InStep NanoPower
ඇවිදීමේදී හෝ දිවීමේදී උපදින ශක්තිය දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකි සපත්තුවක්.


Orange Power Pump
පාදය මගින් ක්‍රියාත්මක කරවිය හැකි මෙය තවත් කදිම චාජරයක්.


Cube Magic
ක්‍රීඩාවක් කරමින් දුරකථනය ආරෝපණය කරගන්න.


Gotwind Dance Charger
ඔබ නටන අතරතුර හෝ ව්‍යායාමයේ යෙදෙන අතරතුර ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට මේ හරහා පුළුවන්.


ආ.. තව වැදගත් කාරනාවක් කියන්න ඕනා. මේක අන්තර් ජන්න්ජාලේ සැරිසරද්දී හමුවුණු තොරතුරු වගයක්. කාගේවත් දෙයක් දාන්න නෙමෙයි ඇත්තෙන්ම ඕන වුනේ. අපි දන ගත්තු දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්නයි මේ විස්ටරේ දැම්මේ. අනික වෙන කෙනෙක් දාපු ඒවා දැම්මයි කියලත් අපිට කිසි දෙයක් හම්බෙන එකක්යැ  ඔන්න එහෙම කලාම කවුරුහරි ඇවිත් අපිට තෑග්ගක්වත් දීලා යනවානම් මොකක්හරි ජිල්මාර්ට් එකක් දාල කොරන්න තිබුන එහෙම එකක්. :D :)  .


අන්තර්ජාලය ඇසුරිනි.

4 comments :

අර ෆුට් බෝල් චාර්ජරයටයි සපත්තුවේ චාර්ජරයටයි නම් මං ලයික් :)

කැමැත්තෙ හැටියට නම් මඩිස්සලේ නිශාන් හොද Football ක්‍රීඩකයෙක් වගේ :D

DtoReals
May 12, 2013 at 1:07 AM comment-delete

ෆුට් බෝල් ගහන ගමන්ම 4n battery 1ත් charge කර ගත්ත හැකි ;-)

DtoReals
May 12, 2013 at 1:20 AM comment-delete

කොමෙන්ටුවට බොහොම ස්තූතියි. ඔව් එක නියමයි තමයි. මටත් හිතෙන්නේ පාපන්දුවලට කැමතියි වගේ තමයි.

AST ComSci
May 12, 2013 at 3:06 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...