Like us on Facebook

තප්පර 60ක් සහ අන්තර්ජාලය..




අන්තර්ජංජාලය හෙවත් අන්තර්ජාලය ගැන නොදන්න කෙනෙක් අද කාලේ නම් හොයාගන්නත් අමාරුයි. හැබැයි සමහරු හිතන් ඉන්නේ නම් අන්තර්ජාලය කියන්නේ මූණු පොත(ෆේස්බුක්) සහ Google අයියටයි කියලයි. අපහාසෙකට කිව්වා නෙමෙයි ඇත්ත කතාවක් කිව්වේ. : )


මොකද ගොඩක් අය අන්තර්ජාලය භාවිතා කරන්නේ ෆේස්බුක් යන්නයි, සින්දුවක් දෙකක් අරගන්නයි විතරයි. එත් මේ අන්තර්ජාලය ඇවිල්ලා මිනිසා අතින් බිහිවුණු අද්විතීය නිර්මාණයක් කිව්වොත් මම වැරදි නැහැ. හේතුව මේ අන්තර්ජාලය විසින් මිනිසාගේ ජීවන රටාවට කර ඇති බලපෑම සුළු පටු නැහැ. (ඒ අතරේ මිනිසුන්ට හිරිහැර වෙන විවිධ ජංජාල සහ තවත් කරදර ඇති කිරීමටත් සමහරු මෙය භාවිතා නොකරනවාම නෙමෙයි. නමුත් මෙහි ප්‍රයෝජන ඊට වඩා ප්‍රමුඛයි.)
අන්තර්ජාලය මිනිසුන්ගේ ව්‍යාපාර කටයුතු, එදිනෙදා කටයුතු, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්, අධ්‍යාපනික කටයුතු වැනි එකී මෙකී නොකී අනේකවිධ කටයුතු, පෙරට වඩා කිහිප වාරයකින්ම පහසු කරලා තියෙනවා. ඉතින් මම මේ පෝස්ටුවෙන් කතා කරන්න යන්නේ මේ අන්තර්ජාලයේ එක විනාඩියක් තුළ සිදුවන ප්‍රධාන කාරණා කීපයක් ගැනයි.

මේ තියෙන්නේ මෑතකදී Intel ආයතනය විසින් කල සමීක්ෂණයක ප්‍රථිපලයි.




Wikipedia විශ්ව කෝෂය වෙත නව ලිපි 6ක් එකතු වේ.

ඊ මේල් ලිපි මිලියන 204 හුවමාරු වේ.

දුරකථන භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන්නන්(Mobile users) 1,300ක් අලුතින් එකතු වේ.

47,000 ක් App ඩවුන්ලෝඩ් කිරීම් සිදුවේ.

Amazon වෙබ් අඩවිය තුල $83,000 ක මිලදී ගැනීම් සිදුවේ.

අලුත් Linkedin ගිණුම් 100 කට වැඩි ප්‍රමාණයක් සෑදේ.

Flickr වෙබ් අඩවිය තුල චායාරූප මිලියන 20 ක් දර්ශනය කෙරෙන අතර අලුතින් චායාරූප 3,000 ක් අප්ලෝඩ් වීම සිදුවේ.

අලුත් Twitter ගිණුම් 320 කට වැඩි ප්‍රමාණයක් සෑදෙන අතර අලුත් Twitter පණිවිඩ (Tweets) 100,000ක් එකතුවේ.

Facebook දර්ශණය වීම් (Facebook views) මිලියන 6ක් සිදුවන අතර 270,000 ක් දෙනා තම Facebook ගිණුම් වලට ලොග් වෙයි.

මිලියන 2කට අධික සෙවුම් ප්‍රමාණයක් (Search queries) Google සෙවුම් යන්ත්‍රය මගින් සිදු වේ.

YouTube වෙබ් අඩවිය තුල වීඩියෝ මිලියන 1.3 ක් දර්ශනය කෙරෙන අතර අලුතින් එකතුවන වීඩියෝ  සියල්ල එකකට වීඩියෝවකට ගතහොත් එහි කාලය පැය 30ක් පමණ වේ.

මේ අයුරින් මිනිත්තුවක් තුළදී අන්තර්ජාලයේ 639,800 GB ධාරිතාවයක දත්ත හුවමාරු වෙයි.

මේ ආකාරයෙන් තොරතුරු හුවමාරුවන අන්තර්ජාලයේ කටයුතු සඳහා ලොව ජන ගහනයට ආසන්න ලෙස සමාන (බිලියන 7) ජාලගත උපාංග(Networked devices) ප්‍රමාණයක් ලොව වටා ක්‍රියාත්මක වෙයි. 

මේ සියල්ල එක විනාඩියක් තුල සිදුවන දේවල්... එතකොට එක පැයක් තුල, එක දවසක් තුල... හිතලා බලන්නකෝ. : )

මේ තියෙන්නේ මීට ටික කලකට පෙර (ඉන්ටෙල් සමාගමේ සමීක්ෂණයට කලකට පෙර) go-globe.com අඩවියෙන් පල කරන ලද සමීක්ෂණ වාර්තාවක්. ඒකත් බලන්නකෝ.



එහෙනම් තවත් පොස්ටුවකින් හමුවෙමු. ජය වේවා..!!





Written by:  Admin Dila

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...