Like us on Facebook

එකතුව බ්ලොග් සම්මාණ සැණකෙළියේ ජයග්‍රහණය කල වගයි..

ඉතාමත් සතුටින් සහ නිහතමානීව දන්වා සිටින්න කැමතියි ekathuwa.org වෙබ් අඩවිය මගින් පවත්වන ලද බ්ලොග් සම්මාණ සැණකෙළිය 2014 තරගයේ අධ්‍යාපනික අංශයෙන් පළමු ස්ථානය අපේ බ්ලොග් එක දිනාගත් බව. ඒ ජයග්‍රහණය අපිත් එක්ක රැඳිලා ඉන්න, අපේ බ්ලොග් එක බලන සහ අපිට සහයෝගය දෙන හැමෝමත් එක්කම බෙදාගැනීමයි මේ පොස්ටුවේ අරමුණ. පළමුවෙන්ම එම තරගය සංවිධානය කල ekathuwa.org අඩවියටත්, Radio කළුතර (radiokalutara.com) ආයතනයටත් අපගේ ස්තූතිය පිරිනමනවා. ඊට අමටරව මෙම තරගය සඳහා නං අයුරින් සහය වී ඇති හැමෝටමත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒ හැමෝම නොසිටින්න මේ වගේ තරගයක් සංවිධානය නොවෙන්න තිබුණා. අපිත් එක්ක රැඳිලා ඉන්න, අපේ බ්ලොග් එක බලන සහ අපිට සහයෝගය දෙන හැමෝමත් නිසා තමයි ඇත්තෙන්ම අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. ඒ වෙනුවෙන් ඒ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා අපේ බ්ලොග් එකෙන්.

එම තරගයෙන් ජයග්‍රහණය කල හැමෝටම සුබ පතනවා අපේ බ්ලොග් එකේ අපි හැමෝම. ඒවගේම ඉදිරිපත් වුණු සියලුම දෙනාටත් අපි සුභ පතනවා.

ඉහතින් තිබෙන්නේ අධ්‍යාපනික අංශයේ ජයග්‍රාහකයන් ගැන විස්තරය අඩංගු පින්තූරය.

එම තරගයේ ජයග්‍රාහකයන් පිලිබඳ තොරතුරු පහත වෙබ් පිටුවෙන් ඔබට බලාගත හැකියි.
http://goo.gl/w10rnk

ඉතින් අපිට සහය දීපු අපිත් එක්ක රැදී ඉන්න ඔබ හැමෝටම ස්තූතියි. හැමෝටම ජය වේවා.. !!

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.




Written by:  Admin Dila and Admin Priya

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...