Like us on Facebook

පරිගණක ක්‍රීඩා නිර්මාණය - Game Development Tools - පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ මෙවලම් - 1



Game Development(පරිගණක ක්‍රීඩා නිර්මාණය) යනු සුළු ප්‍රමාණයෙන් පටන් ගෙන අද වන විට වෙනමම කර්මාන්තයක් දක්වා දුරට සංවර්ධනය වුනු දෙයක්. මම මේ ලිපිය සහ ඊට පසු පළ කරන්නට ඉන්න ලිපි වලින් උත්සාහ කරන්නේ Game Development පිළිබඳ උනන්දු අය සමග මං දන්න දේවල් හැකි අයුරින් බෙදා ගැනීම සහ Game Development සඳහා තියෙන Tools කිහිපයක් හඳුන්වා දීම. ඊට අමතරව වෙලාවක් ලැබෙන හැටියට Game Development සම්බන්ධ තව කරුණු කාරණා සහ විස්තර ලබාදෙන්න උත්සාහ කරන්නම්. වෙලාව ලැබෙන විදිය අනුව තමයි ඉතින්.




අද ලිපියෙන් මම Game Development පිලිබඳ කරුණු හෝ Theories(සිද්ධාන්ත) ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට Game Development Tool එකක් අඳුන්වා දෙන්නයි කල්පනා කලේ. මගේ අරමුණ මේ Tool එක පිළිබඳ මූලික අදහසක් ලබා දීම සහ මෙම Tool එක පිලිබඳ තියෙන Tutorials කිහිපයක් ලබා දීම. එතනින් එහා කොටස මේ සම්බන්ධව උනන්දු අයට භාරයි. වෙලාවක් ලැබුනොත් මේ Tool එක ගැන පාඩමක් දෙකක් දාන්න උත්සහ කරන්නම්.

ආ තවත් කිව යුතුම කාරණාවක් තමයි අපේ රටෙන් බිහිවෙච්ච පළමු ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාව විදියට හැඳින්වෙන ජේමිස් බණ්ඩා(Jamis Banda) ක්‍රීඩාව නිර්මාණය වුණෙත් මේ මෘදුකාංගයෙන්.

Game Maker


Game Maker යනු මූලිකවම ද්විමාණ ක්‍රීඩා (2D Games) නිර්මාණය කිරීම සඳහා නිපදවුණු Tool එකක් නැත්නම් මෘදුකාංගයක්. නමුත් මෙහි ත්‍රිමාණ ක්‍රීඩා නිර්මාණය සඳහාද පහසුකම් ලබා දෙනවා. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණයක් මූලිකවම ලබා දෙන අතර මුදල් ගෙවා ත්‍රිමාණ ක්‍රීඩා නිර්මාණය කිරීමේ පහසුකම සහ තවත් පහසුකම් කිහිපයක්ම ලබා ගැනීමට හැකියි. සාමාන්‍යයෙන් Game Development කිව්වම අපිට හිතෙන්නේ අප්පෝ Programming තමයි ඉතින් කියලයි. එත් මෙම මෘදුකාංගය මගින් Programming ගැන දැනුමක් නොමැති අයට වුවත් ඉතාම පහසුවෙන් Game නිර්මාණය කල හැකියි.

පහතින් දැක්වෙන්නේ මෙම මෘදුකාංගයේ පින්තූර(Screenshots) කිහිපයක්.




(පැහැදිලි මදිනම් පින්තූරය මත ක්ලික් කරන්න.)

ද්විමාණ ක්‍රීඩා නිර්මාණය සඳහා නම් මේ තරම් හොඳ මෘදුකාංගයක් තවත් නැති තරම්. ඒ වුනත් ත්‍රිමාණ ක්‍රීඩා නිර්මාණය සඳහාත් සැලකිය යුතු මට්ටමේ පහසුකම් ලබා දීල තියෙනවා. මුලදී මේ මෘදුකාංගයෙන් නිර්මාණය කළහැකි වුනේ PC Games පමණයි. පසුව සියලුම Platforms සඳහා Games නිර්මාණය කිරීමට හැකිවන පරිදි මෙහි නිර්මාපකයන් මෙම මෘදුකාංගය වැඩිදියුණු කොට Game Maker Studio නමින් නිකුත් කරනු ලැබුවා. ඒ නිසා ඔබේ අවශ්‍යතාවය අනුව Game Maker හෝ Game Maker Studio යන්න තෝරාගත යුතුයි. 

ඔබට අවශ්‍ය PC Games නිර්මාණය කිරීමට පමණක් නම්, නැතිනම් ඔබ මෙම ක්ෂේත්‍රයට ආදුනිකයි නම් Game Maker සාමාන්‍ය සංස්කරණය මෙම ලින්ක් එකෙන් ලබාගන්න.
http://yoyogames.com/legacy

ඔබට PC Games වලට අමතරව Mobile Games, Web Games සෑදීමට අවශ්‍යනම් Game Maker Studio මෙම ලින්ක් එකෙන් ලබා ගත හැකියි. එහි Standard සංස්කරණය නොමිලේ ලබාදෙයි.
http://yoyogames.com/studio

---------------------------------------------------------------------------------------------------
Game Maker Studio මෘදුකාංගයෙහි Torrent කිහිපයක්.
http://adbla.us/u8TnJ

http://adbla.us/6otMX
---------------------------------------------------------------------------------------------------

මෙම සංස්කරණයන් දෙකෙහි වෙනස්කම් පිලිබඳ තවත් දැනගැනීමට අවශ්‍ය නම් මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
http://adbla.us/HapFV


පහත දැක්වෙන්නේ Game Maker Studio හි විශේෂතා කිහිපයක්..

1. ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකිවීම සහ පහසුවෙන් වැඩ කළහැකි අතුරුමුහුණතක් තිබීම.(User-Friendly Interface).
http://adbla.us/xP6dI

2. Programming දැනුමක් නොමැති අයෙකුට වුවත් පහසුවෙන් ක්‍රීඩා නිර්මාණය කල හැකිවීම.

3. Programming පිලිබඳ දැනුමක් ඇති අයෙක් නම් මෙම මෘදුකාංගයෙන් තවත් ප්‍රයෝජන ගත හැකිවීම. 
(මෙහි අඩංගු වෙනවා Java වලට තරමක් සමාන ආකාරයේ Programming Language එකක් Game Maker Language හෙවත් GML කියලා. ඒ නිසා Programming පිළිබද යම් අවබෝධයක් ඇති අයට වඩාත් දියුණු මට්ටමේ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට මෙමගින් හැකියි.)
http://adbla.us/gTgdk

4. Source Control පහසුකම නිසා එකවර කිහිප දෙනෙකුට සම්බන්ධ වී එක Game එකක් නිර්මාණය කිරීමට හැකිවීම.
http://adbla.us/fC6JI

5. Platforms කිහිපයක් සඳහා Games නිර්මාණය කිරීමට හැකිවීම. (Windows/Mac/Android/iOS/Playstation etc..)
http://adbla.us/uPz5y

6. ඔබ නිර්මාණය කරනු ලබන ක්‍රීඩා මගින් මුදල් සෙවීමට ලබාදී ඇති පහසුකම්.
මෙහිදී ඔබ නිර්මාණය කරණු ලබන ක්‍රීඩාවේ Ads පලකිරීම සහ ක්‍රීඩාවේ යම් යම් පහසුකම් ලබා ගැනීම සඳහා ක්‍රීඩා කරන අයගෙන් අය කිරීම(In-App purchases) යන ක්‍රම මගින් මුදල් ඉපයිය හැකිවන අතර මෙම පහසුකම මූලිකවම Mobile Games ඉලක්ක කොට ලබා දී ඇත.
http://adbla.us/7gqvR

මේ මූලිකම විශේෂතා ටික විතරයි. අත්දැකීමෙන් මං දන්නවා මෙම මෘදුකාංගය හොද බව. Game Development සඳහා අලුතින්ම පිවිසෙන අයට වුනත් මේක යොදාගෙන වැඩ ඇරඹීම හොද ආරම්භයක් වෙයි. 

මෙම මෘදුකාංගයෙන් වැඩ කිරීමට ඔබ කැමති නම් මෙම Tutorials සහ දැනුම බෙදාගන්නා වෙබ් අඩවි ඔබට බොහෝ උදව් වේවි..

1. Game Maker Studio Documentation
http://docs.yoyogames.com

2. Game Maker Studio Knowledgebase
http://adbla.us/oYOXD

3. Game Maker Community

http://gmc.yoyogames.com/

4. Game Maker Developer Tutorials
http://adbla.us/dB1TG

5. Game Maker Tutorials
http://adbla.us/Fmf0K

6. Game Maker Studio Youtube Tutorials
http://adbla.us/2FS1o

7. Game Maker Studio for Dummies eBook
http://adbla.us/odzhm


එහෙනම් Game Developing ගැන උනන්දු අය මේ Tool එක නැත්නම් මෘදුකාංගය අරන් භාවිතා කරලම බලන්න. ඒක ඉගෙන ගන්න මං ලබාදීලා තියෙන ලින්ක්ස් වල Tutorials යෝදාගන්න. නැවතත් තවත් මෙවැනි මෘදුකාංගයක් හඳුන්වා දෙන්නම් ඉක්මනින්ම.


අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

1 comments :

Game Maker eke Windows installer eka ewannakoo....me mac eke ekane

December 25, 2015 at 5:42 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...