Like us on Facebook

SEO Sinhalen 8 - SEO සිංහලෙන් - On Page Optimization - Content - Part 1


අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..

SEO පාඩම් සියල්ලම..

කලින් පාඩමෙන් අපි On Page Optimization මූලිකව හඳුන්වා දුන්නා.. අද On Page Optimization වල වැදගත්ම කොටසක් වන Content එක නැත්නම් Website එකේ අන්තර්ගතය කොහොමද SEO වලට බලපාන්නේ සහ කොහොමද SEO සඳහා Content එක හසුරුවාගන්නේ කියන කාරණා බලමු.


On Page Optimization - Content-Part 1

මූලිකවම බැලුවොත් Website එකක අන්තර්ගතය තමයි එකේ පැවැත්මට සහ Site එකට එන යන පිරිස ආකර්ෂණය කරගැනීමට වැදගත් වෙන්නේ.(Design එක වගේ තවත් වැදගත් ඒවා තියෙනවා.. එත් ඒවා මීට වඩා ටිකක් වෙනස් කාරණා. ඒවා ගැන පසුවට කතා කෙරෙනවා.) මොකද අපි දෙයක් search කරලා Website එකකට යන්නේ එකේ content එක අපේ අවශ්‍යතාවට ගැලපෙනවා කියල හිතාගෙනයි. 
උදාහරණයක් විදියට හිතමු අපි Web Development ගැන මුල ඉදන් ඉගෙනගන්න හොයනකොට website එකකට ගියා කියලා.. ඒක Search Results වලදී පේන දෙයින් අපිට හිතෙනවා Web Develop වලට ඒක හොඳයි වගේ කියලා.. නමුත් ඊට පස්සේ අපි ඒ site එකට ආවම එකේ තියෙන්නේ එක්කෝ Web Develop වල expert ලට ගැලපෙන ඒවා.. එක්කෝ එකේ අන්තර්ගතය එහෙම නැත්නම් posts හෝ articles දැක්කාම කියවන්න හිතෙන්නැහැ.. නැත්නම් කියවන් යද්දී එපා වෙනවා.. එහෙමත් නැත්නම් Search Results වලදී පෙනුන වගේ හොද විස්තර තියෙන එකක් නෙමෙයි.. ඉතින් අපිට මොකක්ද හිතෙන්නේ ?
එපාවෙනවනේ.. ආපහු ඒ Site එකට යන්න හිතෙන්නෙත් නැහැනේ..
මං හිතනවා මං කියන කාරනාව තේරෙනවා කියලා..

සමහර විට සමහරු කියයි content එකට වඩා Social Media හරහා කරන ප්‍රචාර, Backlinks (වෙනත් Sites වලින් අපේ website හෝ බ්ලොග් එකට තියෙන links.මේවා ගැනත් පසුවට දීර්ඝව කතා කෙරෙනවා.) තමයි වැදගත්ම කියලා.. එත් මං බොහොම වටිනා අවවාදයක් දෙන්නම්. ඒ හැමදේටම කලින් එකටම අන්තර්ගතයට අවදානය දෙන්න. අන්තර්ගතය හොඳ නම් ඒවා එයින් පස්සේ වඩාත් ප්‍රයෝජනවත් විදියට යොදා ගත හැකි වෙනවා.. නැත්නම් කොච්චර ප්‍රචාර කලත්, Backlinks හැදුවත් එක පාරක් එන එකා ආපහු එන්නැහැ.. අපි කරන්න ඕනා site එකට පිරිස ගෙන්වා ගැනීම, ඒ එන පිරිස රඳවා ගැනීම වගේම නැවත නැවත ඒ අය අපේ site එකට එන විදියට අපේ site එකේ තත්වේ තබාගැනීම..

පොස්ට් එකේ දිග වැඩිවීම වලක්වලා මං මේ පොස්ට් එකේදී කෙටියෙන් Content එක මොන වගේ වෙන්න ඔනාද කියල තේරුම් ගන්න කරුණු වශයෙන් වඩාත් වැදගත්ම ඒවා ටික දාන්නම් පහලින්.. 
(මේවා වැඩිදුර විස්තර කරන්නේ 
SEO 9 - On Page Optimization - Content Part-2 
කියන පොස්ට් එකේ. මේක කියවලා ඉවරවෙලා ඒක පළවුණාම ඒකත් කියවන්න. )

1. ඔබේම අන්තර්ගතයක්(Content) වීම.(Unique Content)
2. මූලාශ්‍ර යොදා ගත්තනම් ඒවා සඳහන් කරන්න.(Mention the sources)
3. වඩාත් සංවිධානාත්මක සහ ප්‍රමිතියකින් යුතු  අන්තර්ගතයක් හදාගන්න.(Well Organized and Quality Content)
4. ඔබ කතාකරන මාතෘකාවට ගැළපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Relevant Content)
5. අවශ්‍ය ප්‍රමාණයට ආකර්ෂණීය අන්තර්ගතයක් යොදාගන්න.(Attractive Content)
6. ඔබේ වෙබ් අඩවියට බ්ලොග් එකට එන අයට ගැලපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Appropriate Content)
7. ඔබේ වෙබ් අඩවියට එන පිරිස ගැන මූලිකව සිතා මිසක් Search Engine ගැන විතරක් සිතා අන්තර්ගතයක් සකසා නොගන්න.(Focus on Users not Search Engines)
8. අදාළ විදියට අවශ්‍ය තැන් වල Links යොදාගන්න.(Use appropriate Links in appropriate places)
9. අදාළ විදියට අවශ්‍ය තැන් වල Images, Videos යොදාගන්න.(Use appropriate Images, Videos in appropriate places) 
10. ඔබ කියනා දෙය අවශ්‍ය පරිදි තහවුරු කරන්න.(Try to prove what you say as necessary.)
11. අන්තර්ගතය තුල Ads අවශ්‍ය නම්, අවශ්‍ය ලෙස Ads මිස, Ads ගොඩක් තුල අන්තර්ගතයක් නොයොදන්න.(Ads inside a content not a content inside a bunch of ads)
12. ඔබේ අන්තර්ගතය ගැන අනෙක් අයගේ අදහස් විමසා බලන්න.(Have reviews of others)
13. සෑමවිටම අන්තර්ගතය මගින් ඔබේ බ්ලොග් එක, ඔබේ Service හෝ Products අනිත් අයගෙන් වෙනස්වෙන හැටි අගවන්න.(show the users why your blog or Product, Service different from others)
14. නිතරම අලුත් දේ එකතු කරමින් ඔබේ Blog එක හෝ Website එක අලුත්ම තොරතුරු සමග යාවත්කාලීන කරන්න. (Make your Blog or Website always fresh and update it with latest stuff)

මේ පාඩම දැනට අවසානයි. ඊළඟ පාඩමෙන් මේවා ගැන වැඩිදුර විස්තර කරන්නම්.
ඊළඟට අපි On Page Optimization යටතේ Content ගැන වැඩිදුර කතා කරමු..

SEO 9 - On Page Optimization - Content Part-2 

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.



Written by:  Admin Dila

1 comments :

ගොඩක් වටිනා ලිපියක් .පැහැදිලියි

November 1, 2015 at 9:43 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...