Like us on Facebook

SEO Sinhalen 7 - SEO සිංහලෙන් - On Page Optimization - Keywords


අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..

SEO පාඩම් සියල්ලම..

කලින් පාඩමෙන් අපි On Page Optimization මූලිකව හඳුන්වා දුන්නා.. අද On Page Optimization යටතේ Keywords ගැන කතා කරමු.


On Page Optimization - Keywords

මූලිකවම බැලුවොත් Website එකක අන්තර්ගත දේ කෙටි කරලා දැක්විය හැකි වචන Keywords විදියට හඳුන්වන්න පුළුවන්. ඒවගේම අන්තර්ගතයේ භාවිතා වන වචනම වෙන්නත් පුලුවන්.

මේක වචන වලින් කියනවට වඩා මේ ගැන හොඳින්ම තේරුම් ගන්න ලේසියි මේ උදාහරණය එක්ක පැහැදිලි කලොත්. හිතන්න අපි Google Search එකේ sri lankan food කියලා ගැහුවා කියලා.

ඒ තියෙන්නේ එතකොට මට ලැබුණු ප්‍රතිඵල. බලන්න ඒ පෙන්නන Search Results වල ගොඩක් Pages වල Title එකේ සහ Content එකේ මං හොයපු වචනය තියෙන ඒවා පෙන්නන හැටි බෝල්ඩ් අකුරුවලින්. ඉතින් මේ අපි Search එකට භාවිතා කරපු වචන දෙක තමයි අපි Keywords කියන්නේ. එතකොට මේ පෙන්නන Website හදපු අය sri lankan food කියලා Search වෙයි කියලා කලින් වචන තෝරාගෙන ඒවා Title සහ Content සමඟ ගලපලා දාලා තියෙනවා. ඒ නිසා Search වුණාම ඒවා එනවා Bold අකුරුත් එක්කම.
(සමහර අවස්ථාවලදී Google Search Engine එක විසින්ම වෙබ් අඩවි වර්ග කරගැනීමේදී ඒවායේ Content එක අනුව Keywords විදියට යම් වචන එක්ක ගලපාගන්නවා. එක ගොඩක් දුරට Content එක අනුව තමයි වෙන්නේ. )

ඒකේ තේරුම මේ Sites හදපු අය ඒවා හදද්දී sri lankan food කියන වචන 2 ගැන අවධානයක් දෙමින් එයාලගේ Titles සහ Content හදලා තියෙන්නේ. සමහරවිට ඒ ගොල්ලෝ අවධානෙ දුන්නු ප්‍රධානම වචන මේවා වෙන්නත් පුළුවන්.

එහෙම ප්‍රධානම වචන නැත්නම් Keywords වලට Primary Keywords කියනවා. ඊට වඩා අඩු අවධානයක් ලැබෙන ඒවාට Secondary Keywords කියනවා.

අපි මේ විදියට අපේ බ්ලොග් එකට, Website එකට Keywords තෝරාගද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනා. ඒවාගේම ඒ තොරගත් ඒවා භාවිතා කරන තැන් සහ විධි වලදීත් ප්‍රවේසම් වෙන්න ඕනා. මේ Keywords ගැලපෙන ලෙස තෝරාගන්නේ කොහොමද කියන කාරනාව සහ මේ Keywords තොරාගද්දී සැලකිලිමත් විය යුතු කරුණු වගේ වැඩිදුර විස්තර ගොඩාක් කතා කරන්න බලාපොරොත්තුවෙනවා Keywords එක්කම යන Meta Keyword ටැග් එක ගැන කතා කලාම. අද කොටසින් මං උත්සහ කලේ කෙටියෙන් Keywords කියන්නේ මොනාද කියල දල අදහසක් ලබා දෙන්නයි. මොකද ඒ දැනුම අවශ්‍ය වෙනවා ඊලග පාඩම් කිහිපයකටම.

මේ පාඩම දැනට අවසානයි. ඊළඟ පාඩමෙන් අපි On Page Optimization යටතේ Content ගැන කතා කරමු..

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.

Written by:  Admin Dila

5 comments :

ඉතාමත් හොද ලිපියක්...ඔබට ස්තූතියි

June 13, 2015 at 8:18 PM comment-delete

ඇත්තටම ගොඩක් වටිනා වැඩක් . ඔබට ස්තුතියි !!!!

November 1, 2015 at 8:54 PM comment-delete

බොහොම ස්තුතියි මචං. මේ පාඩම් ටික ගොඩක් වටිනවා

June 8, 2016 at 1:46 AM comment-delete

Thank you වේවා

September 2, 2016 at 7:53 AM comment-delete


ඉතාමත් හොද ලිපියක් Thank you

August 22, 2018 at 11:12 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...