Like us on Facebook

02.A to Z කියාදෙන C language සම්බන්ධව තවදුරටත්....



Hi!!! Friends ඉතින් කොහොමද??? ඔන්න අදත් මම අවා ඔයාලට වැදගත් වෙන තොරතුරු ගොඩක් අරගෙන c language එක සම්බන්ධව මම එදා කිව්වා වගේම අපේ බ්ලොග්1ත් එක්ක රැදිලා ඉන්න අපේ c language එක ගැන basic knowledge එක තියෙන යාළුවන්ට කියන්න ඕන තරහ වෙන්න එපා යාලුවනේ මුලින් අපි මේ කරගෙන යන මුලික පාඩම් මාලාව ගැන,අපි c ගැන A 2 Z කරන නිසා හැමෝගෙම අවශ්‍යතා මේ පාඩම් මාලාව අවසන් කරනකොට ඉවර කරනවා කියල පොරොන්දු වෙනවා.ඒ නිසා ඔයාල අපේ පාඩම් මලව එක්ක දිගටම රැදිලා ඉන්න කියල මම ඉල්ලනවා.හරි ඒ මතක් කිරීමෙන් පස්සේ අපි වැඩි කතා නැතුව අපේ පාඩමට දැන් අනුගත වෙමුකෝ.
අපි කලින් දවසේ අන්තිමට කියල දුන්න මතක ඇති ඔයාලට c භාෂාවේ එන characters සහ ටෝකෙන් පත් ගැන.අද අපි එදා ඒ කියපු ටෝකෙන් පත් වලින් මොනවද වෙන්නේ කියල උදාහරණ කීපයක් අද්‍යනය කරලා එතන ඉදන් ඉදිරියට අපේ පාඩම කරගෙන යමු.


1.) Constants

මොකක්ද මේ Constants එකක් කියන්නේ කියල ඔයාල හිතනවා ඇති,ඔව් Constants එකක් කියන්නේ යම්කිසි c programme එකක්  තුල ඇති content එකක අගය එම c programme එක execute වන කාලය ඇතුලත වෙනස් නොවන්නේ නම් එම content Constants යනුවෙන් හදුන්වනු ලබයි.

                                                                                                                  
ඒ වගේම අපට Constants වර්ග කීපයක් දකින්න පුළුවන්,
                         
* Integer constant in C programming language

Integer constant සඳහා නීති පද්ධතියක් පහත රුපයෙන් දැකගත හැකිය.

                                
                              
                                Integer constant සම්බන්ධ තවත් කරුණු,

1) Integer constant පරාසයක් සෑම විටම එහි සංග්‍රාහකය (compiler) එක මත රඳා පවතී.එම       අන්තර්ගත පරාසය 16-bit compiler එකක් සඳහා විය යුතුය.
2) Integer අගයක් සඳහා දශමස්ථාන නොමැති විය යුතුය.
3) Integer අගයක් ඕනෑම විටෙක ධන හෝ ඍන විය හැකිය,තවද 0 ද Integer අගයක් ලෙස         සලකනු ලබයි.
4) Integer constant value එකක් Integer variable එකක් බවට පත් වේ.
5) අංක ගණිතමය හා ත්වර්කික සුළු කිරීම් වලදී මෙම කියන ලද Integer value යොදා ගත           හැකිය.
6) memory එකෙන් බයිට් 2ක ප්‍රමාණයක් මෙම Integer valuesසඳහා වෙන් කර ගනී.


* Signal Character Constants in C programming language

1) Character Constants සඳහා තනි Character එකක් එක මොහොතකදී රඳවා තබා ගැනීමේ     හැකියාවක් ඇත.
2) single character එකක් සෑම විටම single quote marks යුගලයක් තුල පිහිට තිබිය යුතුය.
3) single character c හි කුඩාම character data type එක ලෙස සැලකිය හැකිය.
    Character types සඳහා උදාහරණ- ‘a’ , ‘1’ , ‘#’ , ‘>’ , ‘X’

* String Constant in C programming language

1)  String   යනු Characters කීපයක අනු පිළිවෙලයි.
2)  String Constant , Double quotes යුගලයක් අතර ලියනු ලබයි.
3)  String , array of characters  ලෙස අර්ථ දක්වනු ලැබේ.
4)  C language හිදී string data type දැකිය නොහැක.
5)  Single character String එකකට ASCII Value එකක් නොමැත.



































* Floating point constants in C programming language

Integer part එකත් සමග ඇති ධන සහ ඍන දශම ඉලක්කම් කොටස මේ ලෙස හඳුන්වනු ලැබේ. A decimal point and a fractional part…  

Examples – const double val = 0.5877e2 ; (stands for 0.5877 * 102)


2.) Operators
Operator එකක් යනු එක්තරා විදියක ගණනය කිරීමක් හෝ යම්කිසි ක්‍රියාවකට variables හෝ ඒවායේ expression සඳහා භාවිත කරන මුක්‍යාංග භාජනය කිරීමට ටෝකන් පත් යොදා ගැනීම මේ ලෙස හඳුන්වයි.

* Examples of Operators = . , * , + , - , / etc.

* Example for usage ={ result =  total1 + total2 ; }

* Types of Operators
    
    1. Arithmetic
    2. Assignment
    3. Logical / Relational
    4. Bit wise
    5. Odd and ends


3.) Punctuates

* c programme එකකදී  භාවිත කරන එකිනෙකට වෙනස් Symbols මේ ලෙස හඳුන්වයි.

* Examples for punctuates = [] , () , {} , , , ; “”, : , * , #

* Examples for usage
                     Void main (void)
                     {
                     Int num = 10 ;
                     Printf( “%;”,num);
                     }


4.) String literals
Double quotation marks තුල අනුපිළිවෙලින් පිහිට ඇති අංක කීපයක් හෝ අකුරු මේ ලෙස හදුන්වයි.

Examples – “REFORMASI”


5.) Identifiers

සමහර programme වල වස්තුන් පිළිබඳව represent කිරීම සඳහා මෙම වචන භාවිත කරයි.

Examples – * int my-name
                         my-name is an identifier use as a program variables
         
                     * void calculate total (int value)
                                calculate total is an identifier use as function names


6.) Reserved Words

* lower case එක තුල ටයිප්  විය යුතුය

* compiler එක සඳහා විශේෂිත වූ  තේරුමක් ඇති අතර අපේ program එකක් සඳහා භාවිත        කල නොහැක.

key board එක identify කල ගත භාෂාවකි, ඒවා statements , data types , language 
   attributes etc. සඳහා යොදා ගනී.

* Example – const , double , int , main , void , while , for , else etc.


ඔන්න දැන් තමයි ටෝකන් පත් හඳුන්වල දීල ඉවර වුනේ අපි අයෙමත් c භාෂාවේ තවත් ඒ වගේම තොරතරු කීපයක් බලමු,



11. Variable ( විචල්‍ය )

Variable යනු නාමික අර්ථයක් දෙන ලද නිස්චිත memory location address (මතක පිහිටුම් ලිපිනයකි). විචල්‍ය යොදාගැනිමෙන් අපට පහසුවෙන් දත්ත තාවකාලිකව ගබඩාකරගනිමින් ක්‍රමලේඛය තුල ඒවා හැසිරවිය හැක. එමගින් දත්ත හැසිරවීම වඩාත් ඵලදායි වේ.
Variable එකක් හදුන්වා දෙන්නෙ මෙලෙසය.

data_type variable_name;
eg:
int myVariable;

* මෙහිදී variables හඳුන්වා දීමේදී අප alphabetic characters , digits හෝ underscore              පමණක් භාවිත කල යුතුය.

* තවද නාමික පදයක් digit එකකින් පටන්ගත නොහැක.

* case sensitive වන බැවින් කැපිටල් හා සිම්පල් සම්බන්දව සලකිලිමත් විය යුතුය.

* key word එකක් variable name එකක් සඳහා භාවිත කල නොහැකිය.

* එමෙන්ම C භාෂාවෙ variable හදුන්වාදෙන ආකාර දෙකක් පවති.
   1.  Local Declaration
   2.  Global Declaration

                                           Local variable Declaration

යම් කිසි Function එකක් තුලට පමණක් වලංගුවන ලෙස variable හදුන්වාදීම වේ. Function block එකෙහි ඉහලින්ම variable හදුන්වාදීම සිදු කෙරෙයි. මෙම විචල්‍ය භාවිතා කල හැක්කෙ එම function තුලදි පමණක් වේ. ඒවාට පිටත සිට දත්ත ඇතුලු කිරීම වෙනස් කිරීම ආදි කිසිවක් සිදුකල නොහැක.
Local variable අප විසින් initialize කල යුතුය.


                                         Global Variable Declaration

ක්‍රමලේඛයේ සියලුම function ලිවීමට පෙර include විධානයට පසු variable declare කිරීම වේ.
මෙලෙස හදුන්වාදෙන විචල්‍ය ඊට පසු ඇති ඕනැම function එකකින් පහසුවෙන් ඇතුලු වී, දත්ත ඇතුලු කිරීම වෙනස් කිරීම ආදිය කල හැකිය.


12. C හි භාවිතා වන මූලික data types පහත ආකාර වේ.

*int
Integer(නිඛිල) සංඛ්‍ය සඳහා භාවිතා වේ. මෙහි -32768 සිට  +32767 දක්වා වූ ඉලක්කම් ගබඩාකරගත හැක.

{
int count;
count = 5;
}


*float
Floating point(දශමය) සංඛ්‍යා සඳහා භාවිතා වේ. 

{
float miles;
miles = 5.6;
}


*double
විශාල දශමය සංඛා සඳහා භාවිතා වේ.

{
double atoms;
atoms = 250000000;
}


*char
Characters (අක්ෂර) සඳහා භාවිතා වේ.

{
char letter;
letter = “x”;
}

මීට අමතරව ඉහත සඳහන් data type සඳහා modifier යොදාගත් අවස්ථා දැකිය හැක.
·                     short
·                     long
·                     signed
·                     Unsigned

මේවා මගින් විචල්‍ය සඳහා වෙන්කල යුතු ඉඩ ප්‍රමාණය හදුන්වා දෙයි. මේ පිළඹදව දල අදහසක් පහත වගුව පිරික්සීමෙන් ලබාගත හැක. 


   Type Bytes                            Range
---------------------------------------------------------------------
            short int  2          -32,768 -> +32,767          (32kb)
   unsigned short int  2                0 -> +65,535          (64Kb)
         unsigned int  4                0 -> +4,294,967,295   ( 4Gb)
                  int  4   -2,147,483,648 -> +2,147,483,647   ( 2Gb)
             long int  4   -2,147,483,648 -> +2,147,483,647   ( 2Gb)
          signed char  1             -128 -> +127
        unsigned char  1                0 -> +255
                float  4
               double  8 
          long double 12

අදට මෙම ලිපිය ප්‍රමාණවත් කියල හිතනවා. තවත් C language එක සම්බන්ධ තොරතුරු සහ  programming කරන්නේ කොහොමද යනාදිය අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ගොඩාක් අයට මේ වන විට යම් මුලික දැනුම ඇති, ඉදිරියදී එන ලිපි මගින් ඔයාලට C language සම්බන්දයෙන් විශාල දැනුමක් ලැබෙයි කියල මම විශ්වාස කරනවා.
එහෙනම් යාලුවනේ මම ගියා අපි ඉක්මනින්ම නැවත හමුවෙමු.

***ඔයාලට මේ සම්බන්දයෙන් ඕනෑම ගැටළුවක් තිනයනවා නම් Comment මගින් විමසන්න.


Written by Sami

3 comments :

විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

December 13, 2013 at 9:46 PM comment-delete

thanx! :)

Anonymous
October 2, 2014 at 1:41 AM comment-delete

thank u 4 all these things...... next lesson eka thaama dala nedda? neththm eka hoya ganne khomada

Anonymous
September 21, 2018 at 12:56 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...