Like us on Facebook

SEO 5 - මොකක්ද මේ Google Page Rank


කලින් SEO ගැන ලිපියෙන් Search Engine Websites පිලිබඳ තොරතුරු ලබාගෙන, ගබඩා කරගෙන Search Results පෙන්නන විදිය ගැන පැහැදිලි කළා. එක නොකියවපු කෙනෙක් ඉන්නවනම් මේ link 1න් යන්න. 


අද අපි කතා කරන්නේ ලෝකේ වැඩිපුරම භාවිතා වන සහ SEO සඳහා ගොඩක්ම වැදගත්වන Google Search Engine එකෙන් හඳුන්වා දුන්නු දෙයක් ගැන.

මොකක්ද මේ Page Rank කියන්නේ..?

ඇත්තෙන්ම  Page Rank කියන්නේ Google Search Engine එකේදී යම් Website එකකට ලැබෙන පිළිගැනීම නැත්නම් තත්වය පෙන්නන්න යොදාගන්න එක දර්ශකයක්. මේක Google හි සම නිර්මාතෘවරයෙකු(Co-Founder) වන Larry Page විසින් හඳුන්වා දුන්නු දෙයක් බවයි සඳහන් වෙන්නේ. මේකෙදි Website සඳහා 0 ත් 10 ත් අතර අගයක් ලබාදෙනවා. අවම අගය 0. උපරිම අගය 10. එත් 10 නම් ලැබුණු Websites නම් මම මෙතෙක් දැකලත් නැහැ. කොටින්ම Google.com සඳහා ලැබෙන්නෙත් 9 (9/10). එක තමයි උපරිම අගය. මේ Page Rank 1න් කියවෙන්නේ Google Search Engine එක මගින් අපේ Website 1ට ලබා දී ඇති තත්වයයි. මෙය ගණනය කරන ක්‍රමය එයාලටම ආවේනික එකක්. කොටින්ම මේ Page Rank 1 ගණනය කරන ක්‍රමේට සහ මේ Google Page Rank කියන 1ට Google සමාගමට Patent බලපත්‍රයකුත් තියෙනවා.

යම් Website එකක Page Rank 1 දැනගන්න මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒකෙ ඔයාලට Page Rank එක දැනගන්න අවශ්‍ය Website එකේ Address එක දීලා බලන්න.

http://www.prchecker.info/check_page_rank.php

පහත රූපේ බලන්නකෝ. ඒකෙ තියෙන්නේ Google.lk එකේ Page Rank එක බලපු අවස්තාවක්. 


සමහරවිට යම් Websites සඳහා Page Rank එක ඉලක්කමක් වෙනුවට N/A කියල එන්න පුළුවන්. ඒකෙ තේරුම ඒ Website එක සඳහා Page Rank එකක් තවම ලැබී නොමැති බවයි. 

Website එකක මේ Page Rank එක කාලයත් එක්කම වෙනස් විය හැකියි. ඇත්තෙන්ම Google Webspam Team හි ප්‍රධානි Matt Cutts පවසන අන්දමට ඔවුන් Website වල Page Rank ආසන්න වශයෙන් මාස 3කට වතාවක් නැවත නැවත ගණනය කරනවා. ඒ නිසා Websites වල PR එක(PR-Page Rank) විටින් විට වෙනස් විය හැකියි. 

Note: මෙතනින් එහාට මම Page Rank කියන එක කෙටියෙන් PR කියලා හඳුන්වනවා.

මූලිකවම මේ PR එක ගණනය කිරීම සඳහා සලකා බැලෙන්නේ අපේ Website එකේ තියෙන links සහ අපේ Website එකට ඇති Backlinks ගැනයි. 

**************************************************
Note: 
Backlink 1ක් යනු සරලව කිව්වොත් වෙනත් Website එකක අපේ Website එකේ ලින්ක් 1ක් දමා තිබීම. ඒ මගින් එම Website එකට පැමිණෙන යම් පිරිසක් අපේ Website එකට පැමිණීම සිදුවෙනවා.
ex:
අපි හිතමු අපේ බ්ලොග් 1ක් තිබුනා Computer Hardware ගැන කියා දෙන. අපි හිතමු ඒකෙ එක පොස්ට් එකක Software ගැන පොඩි විස්තරයක් ගියා කියලා. ඊට පස්සේ ඒකෙ දානවා මෙන්න මෙහෙම.

මේ ගැන වැඩිදුර දැනගන්න මෙන්න මේ බ්ලොග් එකට යන්න.
http://3idiotscs.blogspot.com/

දැන් යම් කෙනෙක් ඒ පොස්ට් එක කියවන් ඇවිල්ල මේ ලින්ක් එක දැකල ඒකට යනවා. එතකොට ඒ ලින්ක් එක නිසා අපේ බ්ලොග් එකට තව කෙනෙක් ආවා. මෙහෙම අපි හදන ලින්ක්ස් වලටයි Backlinks කියන්නේ. Backlinks ගැන මම ඉදිරියේදී වෙනමම පොස්ට් 1ක් දානවා. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න, අවුල් වෙන්න එපා. ලාවට අදහසක් තියාගන්න. ඒ ඇති මේක තේරුම් ගන්න. 

**************************************************

ඉතින් ඒ විදියට අපේ Website එකට හැදෙන Backlinks සහ අපේ Page එකේ ඇති ලිනක්ස් පිලිබඳ යම් සලකා බැලීමක් PR එක සඳහා කරනවා. ඕකයි ඉතින් විස්තරේ. :D 

දැන් අපි සලකා බලමු කලින් පොස්ට් එකේ මම කිව්වා වගේ මේ PR එක ගැන තියෙන වැරදි වැටහීම් මොනාද කියලා. 
ඇත්තෙන්ම සමහරු හිතන් ඉන්නේ Google Search Engine එකේ හොද තත්වයක් ගන්න අවශ්‍ය එකම දේ හොඳ PR අගයක් කියලයි. එක තමයි අපිට මේ PR එක ගැන තියාගන්න පුළුවන් ලොකුම වැරදි වැටහීම වෙන්නෙත්. මොකද මේ ගැන Google එකෙන්ම පුන පුනා කියනවා මේ PR අගය මත පමණක්ම රැදිලා නෙමෙයි එයාලා Websites වල තත්ත්වය මැනගන්නේ  කියලා. ඒ සඳහා කරුණු කාරණා 200ක් පමණ සලකා බලනවා කියල එයාලා කියනවා. ඒත් ඒ කරුණු කාරනා හරියටම මෙන්න මෙව්වයි කියලා එයාලා ඒ ඔක්කොම කියලා නැහැ. මූලිකව සලකා බැලෙන දේවල් ගැන තමයි SEO කරන අය සලකා බලන්නේ. ඉතින් කොහොමින් හරි අපි මේ PR එක මත තමයි හැමදේම රැදෙන්නේ වගේ තියෙන වැරදි මතයට නම් අහුනොවී ඉන්න ඕනා. ඒකයි SEO ගැන කියා දෙන ගොඩක් අය මේක ගැන නිතරම කියන්නේ. එකෙන් කියවෙන්නැහැ අපි PR එක කියන දේ නොසලකා හරිය යුතුයි කියලා. නමුත් තව සලකා බැලිය යුතු කරුනුත් සමගම PR අගය ගැන සලකා බලන්න කියලයි මම කියන්නේ.  Google Webspam Team හි ප්‍රධානි Matt Cutts පවා එයා කරන උපකාරක Videos වල මේ ගැන නිතරම කියනවා. එය කියන්නේ PR එක මත පමණක් රැඳිලා SEO කරන්න උත්සහ කරන්නෙපා. PR එක වගේම අනිත් කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න කියලා. ඒ සැලකිලිමත් විය යුතු අනික් කරුණු ගැනත් අපි එකින් එක ඉගෙන ගමු. :)  පොස්ට් එක ටිකක් දිග වැඩිවුනා නම් සමාවෙන්න. කියන්න හිතන් උන්නු, පැහැදිලි කරන්න උන්නු දේවල් ටික කිව්වා අමතර කරුනුත් සමගම වැඩි දුර දැනුමට. මේ කියදුන්නු දේවල් වල නොතේරුණු යමක් තිබේනම්, එහෙම නැත්නම් මොන හෝ ප්‍රශ්නයක් මේ ගැන තිබේ නම් Comment 1කින් ඒ ගැන අහන්න අපෙන්. :)

එහෙනම් අපි ඊළඟ ලිපියෙන් තව තොරතුරු කතා කරමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපේ පොස්ට් වලින් ඔයාලා යමක් ඉගෙනගන්නවා කියල හිතනවානම්, අපි වැදගත් යමක් කියා දෙනවා කියල හිතනවානම්, අපේ Facebook Page එකට Like 1ක් දාල, යාලුවන්වත් අපේ blog එක ගැන දැනුවත් කරන්න. හැමෝටම ජය වේවා...!!





Written by:  Admin Dila

5 comments :

එකම ටික සැරින් සැරේ කියන්න එපා බන් SEO කරන විදිය කියපල්ලා. නැත්නම් කට්ටියට එපා වෙයි.

February 18, 2014 at 9:54 PM comment-delete

saralawa ketiyen qwoth meeta wada hoda wei. nethnam kammeliy.

Anonymous
March 14, 2014 at 2:01 AM comment-delete

comments වලට බොහොම ස්තූතියි.. ඔනෑම කෙනෙක්ට තේරෙන්න හන්දයි සරලව ගොඩාක් පැහැදිලි කලේ.. ඒවුනාට ඉදිරි ඒවායේදී මීට වඩා කෙටියෙන් පැහැදිලි කරන්නම්.. අද හෙටම අලුත් පොස්ට් එකක් දානවා 6 වෙනි එක.. දිගටම රැඳිලා ඉන්න.. :)

August 17, 2014 at 10:34 AM comment-delete

Itha Watina Lipiyak

April 26, 2015 at 3:55 AM comment-delete

oya me karana widiya hodai wenas karanna epa . mehema pahadikiwa piliwelakata kiyana eka hodata therenawa. ekai godak watina wadak.

November 1, 2015 at 8:39 PM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...