Like us on Facebook

01. Java Script ආරම්බය...












Hi යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ JavaScript ගැන,  මම හිතනවා ඔයාලට JavaScript  ගැන පොඩි අදහසක්වත් තියෙනවා කියල. එත් මොන දේ උනත් මම මුල ඉදන් වැඩේට Enterවෙන්නම්.

*** විශේෂයෙන් කියන්න ඕන යාලුවනේ JavaScript ඉගෙන ගැනීමට අනිවාර්යෙන්ම HTML(Hyper Text MarkUp Language) ගැන.  මුලික දැනුමක් තියෙන්න ඕන ඒක නිසා ඔයාලට යාලුවනේ ඒ සම්බන්දයෙන් මුලික දැනුමක් නොමැතිනම් අපේ HTML පිලිබදව ලියැවුණු ලිපි පළමුව කියවන්න. ***

ම්ම්..  ඔයාල දන්නවනේ වර්තමානයේ WebSite වල ගොඩාක් ප්‍රයෝජනවත් Features තියෙනවා, 

                         Ex: Graphics
                               Sounds
                               Animation
                               Video
                               සහ බොහෝවිට ප්‍රයෝජනවත් අන්තර්ගතයක්.

                              එත් World Wide Web(WWW) ආරම්බයේදී නම් වෙබ්අඩවියක තිබුනේ Font විතරයි, අඩුම තරමේ  Photo එකක්වත් තිබුනේ නැ ඒ සදහා විවිද හේතු තිබුන ඒ අතර Brouser එක Support කරන්නේ Fonts Display කිරීමට පමණක් වීමද එක හේතුවක්, හැබැයි යාලුවනේ තාක්ෂණයේ දියුනුවත් සමග ඉහත මම කියපු සියලුම  Features අත්විදින්න පුළුවන්වුනා.  මොනා නැතත් අපිට නම්  ( සමහර WebSites වලට යද්දී ) Vedio සහ  Pictures Display වෙනවා නම්    එයිට වඩා දෙයක් නැ නේද?(hikzz..). 

                                                         අ අ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒ වගේම විශේෂයෙන් Web scripting languages  ත් බාවිතා කිරීමට හැකියාව තියෙනවා. ම් ම් මෙතනින් තමා යාලුවනේ අපේ කතාව පටන් ගන්නේ මොකද JavaScript  කියන්නෙත්  Web scripting languages ගණයට වැටෙන languages එකක්.  ඒ කියන්නේ JavaScript භාවිතා කරලා අපිට පහසුවෙන්ම පුළුවන් web page එක සහ user අතර සබදතාවයක් තියාගන්න.  ඒ නිසා JavaScript ගොඩාක් වැදගත් වෙනවා WebSite එකක් නිර්මාණයේදී,  


***   JavaScript වලට හැකියාවක් නැ  Browser එකට පිටතින් run කිරීමට මොකද ඒක Client-Side Scripting Language එකක් නිසා.

***  JavaScript කියන්නේ Case-Senstive language එකක්.
***   ඒ වගේමJavaScript කියන්නේ Object-based Scripting language එකක්.


JavaScript වල Script එකක් HTML තුලට ඇතුලත් කරගැනීම.


Syntax: 

        <Script lnguage="javascript" type="text/javascript" Src="URL" >
        -------------
        -------------
        </script>

මේ සදහා ක්‍රම 3ක් ඇත.

HTM5 සමග JavaScript බාවිතයේදී නම් type="text/javascript" යන කොටස අවශ්‍ය වන්නේ නැ, මේ පිළිබද වැඩි විස්තර අපේ HTM5 පාඩම් මාලාවත් සමග සම්බන්ද වීමෙන් ඔයාලට දන ගන්න පුළුවන්.

 1) In line   ( HTML Body Tag එක තුල ලිවීමට)


         <html>

         <head>
         <title>In line</title>
         </head>
         <body>
         <h1>Event Test</h1>
         <Script lnguage="javascript" type="text/javascript >
         -----------------
         -----------------
         </script>
         </body>
         </html>


 2) emboded    (HTML Head Tag එක තුල ලිවීමට)  
   
         
          <html>
         <head>
         <title>emboded</title>
         <Script lnguage="javascript" type="text/javascript" >
         -----------------
         -----------------
         </script>
         </head>
         <body>
         <h1>Event Test</h1>
         </body>
         </html>


 3) external


මෙහිදී අප විසින් සකස් කර ගන්නා ලද .js extention එකක් සහිත js file එකක්  සාදා එහි  location එක HTML හි  Head Tag එක තුල ලිවීමට embod කිරීම.

       
         <html>
         <head>
         <title>emboded</title>
         <Script src="location/name.js" lnguage="javascript" type="text/javascript" >
         </head>
         <body>
         <h1>Event Test</h1>
         </body>
         </html>


                                හරි යාලුවනේ දැන් නම් අමාරුම හරිය ඉවරයි.(hikzz..) ඒ කියන්නේ මුලික theory part එක නම් ඉවරයි.  දැන් ඉදන් ඉස්සරහට උදාහරණ සමගම Script Code පැහැදිලි කරන්නම්, අදට මේ ලිපිය ප්‍රමාණවත් කියල හිතෙනවා.

ඒ වගේම ගොඩාක් අයට නම් මේ වන විට මේ මුලික දැනුම ඇති, ඉදිරියදී එන ලිපි මගින් ඔයාලට  JavaScript සම්බන්දයෙන් විශාල දැනුමක් ලැබෙයි කියල මම විශ්වාස කරනවා. එහෙනම් යාලුවනේ අපි ගියා ඉක්මනින්ම නැවත හමුවෙමු.

***ඔයාලට මේ සම්බන්දයෙන් ඕනෑම ගැටළුවක් තියෙනවා නම්  Commnet මගින් අපගෙන් විමසන්න.





Written By Admin Thisa.

3 comments :

වැඩේ එල මචංලා.... දිගටම කරගෙන යන්....
සුභ පතනවා!!

October 12, 2013 at 1:34 AM comment-delete

එල එල දිගටම ලියපං....

October 12, 2013 at 5:14 AM comment-delete

ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම, ඔයාලගේ සහයෝගය අපිට ගොඩාක් වටිනවා..

October 13, 2013 at 9:00 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...