මොකක්ද මේ All-USSD Mobile App එක ..?
කොහොමද කට්ටියට.. ඔයාල ඔක්කොමල හොදින් කියල හිතනව
k එහෙමනම් අපි බලමු අද අපි මොනාද ඔයාලට දෙන්න හදන්නේ කියල. After 3 Months Post එකේදී අපි ඔයාලට කිව්වනේ ඇඩ්මින්ලා
කරපු වැඩ ටිකක් ගැන ඉස්සරහට අපි ඔයාලට කියනව කියල k අද Post එකෙන් අපි ඒ පොරොන්දුව
ඉටු කරන්න යන්නේ. 3idiots ඇඩ්මින්ලා අතුරුදහන් වෙලා තිබුන කාලේ කරපු එක වැඩක් ගැන
තම මේ කියන්න යන්නේ, ඒ Dialog ජංගම දුරකථන බාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන්
නිපදවපු Mobile App 1ක් ගැන.
Article Cover Photo එකෙන්ම ඔයාලට යමක් වැටහිලා
ඇතිනේ k අපි කියන්නම් මොකක්ද මේ විස්තරේ කියල. All- USSD කියන්නේ ජංගම දුරකථන සදහා
නිර්මාණය කරපු Mobile App 1ක් නමුත් මේ App එක අපි නිර්මානය කරලා තියෙන්නේ USSD
App 1ක් විදියට ඒ නිසා මේක ඔයගොල්ලන්ගේ Mobile එකට install කර ගන්න ඕන කමක් නැ App
එකට අදාලව තියෙන Number එක (#771*622#) Dial කරන්න විතරයි තියෙන්නේ.
හොදයි දැන් අපි බලමුකෝ මොකක්ද මේ app 1න් වෙන්නේ,
කොහොමද අපි මේ app එක නිර්මාණය කරල තියෙන්නෙ සහ අනිත් විස්තර හැම එකක්මත්. ඔයගොල්ලෝ
හැමෝම Mobile 1ක් පාවිච්චි කරනව ඇතිනේ එහෙමනම් ඔයාල අනිවාර්යයෙන්ම එකම එක සැරයක්
හරි USSD Mobile App 1ක් පාවිච්චි කරලා තියෙන්න ඕන. k මං කියන්නම්කො හැම ජංගම
දුරකථන ජාලයක්ම USSD තාක්ෂනය බාවිතා කරන අවස්ථාවක් ගැන, ඔයාල ඇමතුමක් ලබාගෙන ඒ
ඇමතුම විසන්දි කරන අවස්ථාවේ ඔයාල ලබාගත් ඒ ඇමතුම සදහා කොපමණ මුදලක් වැය උනාද සහ
ඇමතුමෙන් පසු ඉතිරි මුදල් ප්‍රමාණය කොපමණක්ද යන වග කියල පනිවිඩයක් Mobile Screen
එකේ දර්ශනය වෙනව ඔයාල දැකල ඇති, සුදු (White) පසුබිමක කළු (Black) අකුරු වලින් තම
මේ පණිවිඩය දර්ශනය වෙන්නේ මෙන්න මේ කාර්ය සිදු කරන්නේ USSD කියන තාක්ෂනය බාවිතයෙන්
තමා. දැන් ඔයාලට මතක් වෙන්න ඕන ඔයාල භාවිතා කරලා තියෙන USSD Apps පිලිබදව. USSD
app එකක dial num එක සාමාන්‍ය දුරකථන අංකයකට වඩා වෙනස් බොහෝ දුරට කෙටි අංකයක් වෙන
මේ අංක සමග * හා # යන සංකේත බාවිතා වෙනව ඉතින් ඉතාමත් පහසුවෙන් USSD app සදහා
තිබෙන ඇමතුම් අංකයන් හදුනා ගත හැකියි. හොදයි App Dial Numbers ගැන කතා කල නිසා මෙතනදීම මං කියන්නම්කො
අපි හදපු All-USSD කියන Mobile app එකේ dial Number එක මොකක්ද කියල, #771*622# මේ
අංකය අමතල ඔයගොල්ලන්ටත් පුළුවන් අපි හදපු app එක පාවිච්චි කරන්න.
හොදයි දැන් මං කියන්නම් අපි මේ app එක නිර්මාණය
කරන්න අදහස් කලේ ඇයි කියල, ජංගම දුරකථන ජාලයක එක එක සේවාවන් යටතේ නිර්මාණය කරපු
USSD Apps විශාල ප්‍රමාණයක් තිබෙනවා කියල ඔයාල දන්නවනේ ඉතින් මේ හැම එකකටම වෙන
වෙනම App Dial අංකත් තියෙනවා, ඉතිං පාරිභෝගිකයන් වන අපි මේ සේවාවන් ලබාගන්න නම් මේ
හැම App එකකම Dial Numbers මතක තබා ගත යුතුයි. ඇත්තටම මේ වැඩේ කරන්න පුලුවන්ද...?
උදාහරණයක් විදියට Dialog පාරිභෝගිකයන් සදහා හදුන්වා දී තිබෙන Credit Services සදහා
#356# කියන ඇමතුම් අංකය මේ විදීයටම Love Reload සදහා #678# යන අංකය etc... ඉතින්
මේ විදියට App Numbers 50ක් 60ක් මතක තිය ගන්න උනොත් එක ලේසි වැඩක් වේවිද..?
හොදයි
අපි හිතමු මීට විකල්පයක් විදියට අපි A pp Numbers මතක තිය ගන්නේ නැතිව Internet
එකෙන් Search කරලා ගන්නවා කියල (මොකද All-USSD
app එක භාවිතයට පෙර Dialog ආයතනයේ රැකියාව කරන මා දන්නා ගොඩ දෙනෙක්මත් තමන්ගේ
මතකයේ නොමැති Dialog App ඇමතුම් අංක සහ විස්තර ලබා ගැනීමට ඉන්ටෙර්නෙට් එකේ Dialog
වෙබ් අඩවියේ සහය පැතුවා. ) නමුත් අපිට හැම මොහොතකම මේ දේ සිදු කරන්න පුලුවන්ද හදිසි
අවස්ථාවක අපි නෙට් ලොග් වෙලා search කරලා මේ App numbers සහ විස්තර හොයනවා කියන එක
දුෂ්කර කාර්යයක්. ඉතිං මේ හැම දුෂ්කරතාවකටම පිලියමක් ලෙස තමයි අපි All-USSD mobile
App එක නිර්මාණය කලේ. Dialog ජංගම දුරකථන ජාලය යටතේ පාරිභෝගිකයන් හට සපයන සෑම USSD
App සේවාවකම සාරාංශගත විස්තර සහ සෑම App එකකටම අදාල ඇමතුම් අංක එකම තැනකින් ඉතාමත්
ඉක්මනින් පාරිභෝගිකයන්ට ලබා ගන්නට පුළුවන් වෙන විදියේ සේවාවක් ලබා දෙන mobile App
එක තමයි All-USSD නමින් අපි නිර්මාණය කලේ. දැනට All-USSD Version 1.0 අපි නිකුත්
කරලා තියෙනවා.

*** All-USSD Version 1.0 Features ***
01. පාරිභෝගිකයන් නිතරම බාවිතා කරන වඩාත් ප්‍රචලිත Apps
පිළිබද සාරාංශගත විස්තර සහ ඇමතුම් අංක “Populer Dialog Services” යටතේ පෙළගස්වා තිබීම.
Note :- භාවිතා කරන අයුරු Dial #771*622# >
Select 1 > Choose Any App
02. නවතම USSD Apps පිළිබද සාරාංශගත විස්තර සහ ඇමතුම්
අංක “New Dialog Services” යටතේ පෙළගස්වා තිබීම.
Note :- භාවිතා කරන අයුරු Dial #771*622# >
Select 2 > Choose Any App
03. සියලුම Apps වර්ගීකරණය කර 3 සිට 9 දක්වා අංක
යටතේ ඇතුලත් කර තිබීම.
Note :- භාවිතා කරන අයුරු Dial #771*622# >
Select
3
for Call Management
4.Messaging
5.Mobile Entertainment
6.Information Services
7.Account Specific
8.Mobile Commerce
9.Other
5.Mobile Entertainment
6.Information Services
7.Account Specific
8.Mobile Commerce
9.Other
10.About
>>Then Choose Any App
04. මීට අමතරව පාරිභෝගිකයන්ට App එකෙහි ප්‍රදාන මෙනුව සහ එක් එක් වර්ගීකරණයන් යටතේ පවතින සේවාවන් පහසුවෙන් බාවිතා කල හැකි වන පරිදි "99" අංකය බාවිතයෙන් පසු පසට හා "00" අංකය බාවිතයෙන් App එකෙන් ඉවත්වීමට පහසුකම් සලසා තිබීම.>>Then Choose Any App
Note :- 99 for BACK
&
00 for EXIT
All-USSD V1.0 යටතේ Dialog පාරිභෝගිකයන්ට දැනට App එක බාවිතයෙන් මෙම පහසුකම් ලබාගත හැකියි. All-USSD App V1.1 සංස්කරණය යටතේ "App Numbers" නමින් නව විශේෂාංගයක් එක් කරමින් App බවිතා කරන්නන්ට වඩාත් ඉක්මනින් සියලුම Dialog USSD Apps සමග සම්බන්ද වීමේ පහසුකම් සලසා දීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සෑම නව තොරතුරක්ම අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝම එක්ක බෙදා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
ඉතින් අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම පුළුවන් Dialog Mobile බාවිතා කරන ඔයාලගේ යාළුවන්වත් මේ පිලිබදව දැනුවත් කරන්න. ඒ වගේම All-USSD Facebook Page 1ත් එක්කත් එකතු වෙන්න කියල අපේ බ්ලොග් එක කියවන හැමෝටම ආරාධනා කරනවා.
All-USSD Facebook Page: https://www.facebook.com/AllUSSD
Written By Admin Priya.
0 comments :
Post a Comment