01. HTML5 මුලසිට ...
HTML5 යටතේ අපි සාකච්චා කරන කොටස් ටිකේ විස්තරේ
පහලින් දානවා මුලින්ම එක බලල අදහසක් ගන්නකො අපි මොනාද මේ කරන්න හදන්නේ කියල :D
    01.  
Basic Tags
    02.  
Multimedia
    03.  
Connectivity
    04.  
Offline Storage
    05.  
Device Access
    06.  
Graphics
    07.  
Semantics
    08.  
Performance
    09.  
HTML5 Tips & Techniques
    10.  
Finally CSS3
ආයෙත් සැරයක් මතක් කරන්නම් කලින් පොස්ට් එකේදී
කිව්ව වගේම ඔයාලට XHTML , CSS ගැන හොද දැනුමක් නැත්නම් මුලින්ම ඒ ටික හදාගෙන තමා
මෙතෙන්ට එන්න ඕන (මේ සදහා පළමු POST එක බලන්න.) මොකද HTML5 කියන්නේ Web
Technologies වලට  අත්පොත් තියන්න හොද තැන
නෙමෙයි. (Javascript දැනුමත් අවශ්‍යයි ඔයාල Javascript ගැන මුකුත්ම දන්නේ නැත්නම්
ඒ ගැන බය වෙන්න එපා අපි අවශ්‍ය තැනේදී ඒ ටිකත් හරිගස්සන්නම්
) k එහෙමනම් අපි වැඩේ
පටන් ගන්නවා අයන්නේ ඉදන්ම පටන් ගන්නම්කො.
) k එහෙමනම් අපි වැඩේ
පටන් ගන්නවා අයන්නේ ඉදන්ම පටන් ගන්නම්කො.
  01.  
Basic Tags
* File Save
HTML page කලින් Save කල විදියටම “Filename.html” OR
“Filename.htm” ලෙස.
* Doctype
අපි කලින් පොස්ට් එකෙන් HTML මුලික කොටස් ඉගෙන
ගන්න ලබා දුන්න Links වලින් කට්ටිය ඉගෙන ගන්න ඇතිනේ අපි HTML page 1ක් පටන්
ගන්නකොටම ලියන මේ <! DOCTYPE html >  කියන එකෙන් මොකද වෙන්නේ කියල k එහෙමනම් අපි බලමු
HTML5 වලදී මේක වෙනස් වෙන්නේ කොහොමද කියල.
HTML 4.01 වෙනකම් <! Doctype > යෙදීම ආකාර
3කට බවිත උනා නමුත් HTML5 සමග මෙය බාවිතය ඉතාමත් සරල වී තිබෙනවා දැන් මෙය බාවිතා වන්නේ
<! DOCTYPE html > යන ආකාරයෙන් පමණයි. වැඩි විස්තර යෙදීම
අවශ්‍ය වන්නේ නැ.
The HTML 2
standard is:
<!DOCTYPE
HTML PUBLIC “-//IETF//DTD HTML 2 //EN”>
The HTML 3.2
standard is:
<!DOCTYPE
HTML PUBLIC “-//W3C//DTD/ HTML 3.2 Final//EN”>
The HTML 4
standard is:
<!DOCTYPE
HTML PUBLIC “-//W3C//DTD/ HTML 4 Final//EN”>
New HTML5
Standard is:
<!
DOCTYPE html >
* <html> ටැගය
මෙම ටැගය යටතේ වැදගත් වෙන attribute
1ක් තම lang="" කියන එක මෙම attribute එක යෙදීම වඩාත් සුදුසුයි කියල W3C එකෙන්ම නිර්දේශ කරලා තියෙනවා  අපි මෙය බාවිතයෙන් අපේ වෙබ් පිටුවේ බාශාව හදුන්වා දෙනවා මෙමගින් SEO
සදහාත්
සහය දැක්වීමක් සිදු කෙරෙනවා සිංහල බාෂාව සදහා මෙය බාවිතා
වන අයුරු පහත උදාහරණයෙන් තේරුම් ගන්න.
<html lang=”si”>  si for Sinhala,  English සදහා මෙය en ලෙස බාවිතා කල හැකියි.
References:
http://www.w3.org/WAI/ER/IG/ert/iso639.htm
http://www.w3.org/WAI/ER/IG/ert/iso639.htm
* <meta>  ටැගය
meta Tag එකේ යෙදීමත් HTML5 වලදී වෙනස් වෙල
තියෙනවා. අපි meta ටැගය බාවිතා කරන්නේ ඇයි කියලත් ටිකක් පැහැදිලි කරන්නම්කො මොකද
අපේ SEO පාඩම් මාලාව සමගත් මේ meta ටැගය බොහෝ සම්බන්දකම් පවත්වන නිසා,
! අපි හදන වෙබ් site එකේ අඩංගු දේවල් සම්බන්ද
සාරාංශගත විස්තරයක් අපිට මේ meta ටැගය යටතේ ඇතුලත් කල හැකියි.
! ඒ වගේම Search Engine සදහා Keywords අපිට මේ
meta ටැගය යටතේ ඇතුලත් කරන්න පුළුවන්.
! ඒ වගේම වෙබ් පිටුවේ නිර්මාතෘ සහ ඒ සම්බන්ද
විස්තරත් අපිට මේ meta ටැගය යටතේ ඇතුලත් කල හැකියි.
! වෙබ් පිටුව Refresh විය යුතු කාලසීමාව ලබා දීමද
මේ යටතේ ලබා දිය හැකියි.
! ඒ වගේම අපේ වෙබ් page එකට එන කෙනෙක් තවත් වෙබ්
පිටුවකට Redirect කිරීමද meta ටැගය බාවිතයෙන් සිදු කල හැකියි.
HTML 4.01: <meta http-equiv="content-type" content="text/html; charset=UTF-8">
HTML5: <meta charset="UTF-8">
HTML5
වලදී meta ටැගයේ බාවිතයත් පහසු කරලා තියෙනවා. මෙහිදී charset Attribute 1ක පමණක්
බාවිතයෙන්  Character Encoding ලබා දිය
හැකියි. හොදයි අපි මෙය බාවිතයේ වැදගත්කම පිළිබද තව ටිකක් ගැබුරට සලකා බලමු. අපි charset="UTF-8" යන්නෙන් අපි වෙබ් අඩවියේ බවිතා කරන  Character Encoding එක ගැන
නිශ්චිතවම කියනවා මොකද වෙබ් අඩවි නිර්මාණයේදී අපිට Character Encoding කැමති ඕනෑම විදියකින්
බාවිතා කරන්න පුළුවන් නමුත් Web Browsers වලට මේ හැම එකක්ම අදුනගන්න පුළුවන්කමක්
නැ අන්න ඒ නිසා තම අපි නිශ්චිතවම අපි බවිතා කරන Character Encoding පිළිබද ලබා දිය
යුත්තේ. මේ විදියට හරි විදියට අපි වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් වෙබ් අඩවියේ තියෙන
අන්තර්ගතය අපිට හැම උපාංගයකින්ම එකම විදියට බල ගන්න පුළුවන්. තවත් වැදගත් කරුණක් වන්නේ අපි නිශ්චිතවම අපේ වෙබ් අඩවියේ බාවිත කරන Character Encoding ලබා දී නොමැති
අවස්ථාවක Hakker කෙනෙක්ට පහසුවෙන්ම UTF-7 encoded scripts ඇතුලත් කිරීමෙන් පහසුවෙන්ම අපේ වෙබ් අඩවියේ
අන්තර්ගතය අවුල් කරලා දන්නා පුළුවන් අපි දැන් ඒ ගැන වැඩියේ කතා නොකරමු මොකද එහෙම
උනොත් Haking පාඩමකුත් කරන්න වෙන නිසා
. Character Encoding සදහා සාමාන්‍යයෙන්
නිතරම බවිත වෙන්නේ යුනිකෝඩ් සදහා බවිත වෙන UTF-8 යන්න තමයි මීට අමතරව
. Character Encoding සදහා සාමාන්‍යයෙන්
නිතරම බවිත වෙන්නේ යුනිකෝඩ් සදහා බවිත වෙන UTF-8 යන්න තමයි මීට අමතරව
ISO-8859-1 - Character encoding for the Latin alphabet
UTF-16 - Character
encoding for Unicode යන Character Encoding විදිත් බාවිතා වෙනවා.
References:
UTF-8.
http://www.unicode.org/standard/standard.html
http://www.utf-8.com/
http://en.wikipedia.org/wiki/UTF-8#Compared_to_other_multi-byte_encodings
UTF-8 and UTF-16
http://en.wikipedia.org/wiki/Unicode
http://en.wikipedia.org/wiki/Unicode_plane
http://www.unicode.org/standard/standard.html
http://www.utf-8.com/
http://en.wikipedia.org/wiki/UTF-8#Compared_to_other_multi-byte_encodings
UTF-8 and UTF-16
http://en.wikipedia.org/wiki/Unicode
http://en.wikipedia.org/wiki/Unicode_plane
හොදයි අපි එහෙනම් ඉක්මනටම ඉතිරි
කොටසටත් යමු. කියල දෙන්න ගියාම බාගෙට උගන්නන්න බැරි නිසා හැම දේම වගේ කියන්න වෙනවා
වැඩි දුර විස්තර අවශ්‍ය අයට තම links ටිකත් දාල තියෙන්නෙ.
* link and Script Tag 
External
Stylsheet link
කිරීම.
HTML 4.01: <link rel=”stylesheet” type=””text/css” href=” Directory/Filename.css” />
HTML5: < link rel=”stylesheet” href=”Directory/Filename.css” />
HTML 4.01: <link rel=”stylesheet” type=””text/css” href=” Directory/Filename.css” />
HTML5: < link rel=”stylesheet” href=”Directory/Filename.css” />
External
Javascript link කිරීම.
HTML 4.01: <script type=””text/javascript” src=”Directory/Filename.js”></script>
HTML5: <script src=”Directory/Filename.js”></script>
HTML 4.01: <script type=””text/javascript” src=”Directory/Filename.js”></script>
HTML5: <script src=”Directory/Filename.js”></script>
හොදයි වෙබ් පිටුවක <html> ටැගය සහ <head>
ටැගය අතර බවිතා වෙන බොහොමයක් මුලික tag HTM5 වලදී වෙනස් වන ආකාරය පිලිබදව මේ
පොස්ට් එකෙන් ඔයාලට කියල දුන්න. හොදයි එහෙමනම් කට්ටියම අද පාඩමේ සාරාංශය බලමුකෝ
සද්ද නැතිව

<! DOCTYPE html >
<html lang=”en”>
<head>
<title>3 Idiot’s ComputerScience</title>
<meta charset=”UTF-8”>
<link rel=”stylesheet” href=” Directory/Filename.css” />
<script src=”Directory/Filename.js”></script>
</head>
<body>මේ යටතේ යෙදෙන HTM5 කොටස් පිලිබදව ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වන්න.</body>
</html>
ඊලග පොස්ට් එකෙන් Basic Tags යටතේ ඉතිරි ටික දාන්නම්,
කට්ටියටම ජයවේවා...!!
Written By Admin Priya.




0 comments :
Post a Comment