Like us on Facebook

SEO Sinhalen 9 - SEO සිංහලෙන් - On Page Optimization - Content-Part 2


අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..

SEO පාඩම් සියල්ලම..

කලින් පාඩමෙන් අපි On Page Optimization වල වැදගත්ම කොටසක් වන Content එක නැත්නම් Website එකේ අන්තර්ගතය කොහොමද SEO වලට බලපාන්නේ සහ කොහොමද SEO සඳහා Content එක හසුරුවාගන්නේ කියන කාරණා මූලිකව සලකා බැලුවා. අද අපි ඒවා වඩාත් විස්තරාක්මකව බලමු.


On Page Optimization - Content-Part 2

කෙනෙක්ට හිතෙයිද දන්නැහැ මේ යකා මේ එකම මගුල මේ තව පොස්ට් එකකත් දාන්නේ මොන මගුලකටද කියලා. එත් මං කලින් පොස්ට් එකේ දැම්මේ සාරාංශයක්. ඒ කාරනා හරියටම මොනාද කියල තේරුම් කරන්නේ මේ පොස්ට් එකෙන්. මොකද යම් විදියකින් මං කෙටියෙන් කිව්ව කාරණා වල නියම අදහස කෙනෙකුට ගියේ නැතිවෙන්න පුළුවන්. එත් ඔබට මේ දේවල් ගැන නියම අදහස කෙටියෙන් කියපු එකෙන්ම තේරුණා නම් මේ පාඩම  මග හැරලා ඊළඟ එක බලන්න පුළුවන්.  :)

මං කලින් පාඩමේ කිව්ව කාරණා එකින් එක විස්තරාත්මකව බලමු අද. ඔයාලා බ්ලොග් එකත SEO කලත්, ඔයාලා හදන Website එකේ SEO කලත් මේ කාරණා හැම එකම වගේ වැදගත් වෙනවා.
පාඩමේ දිග වැඩිවීම වලක්වන්න ඕන නිසා මේ විස්තරත් කොටස් 2කත දෙන්න හිතුවා. නැත්නම් පොස්ට් එකේ දිග වැඩිවෙලා කියවන්න ගියාම එපාවෙනවා.
මේ කොටසේ කියන්නේ මුල්ම කාරනා 7.

1. ඔබේම අන්තර්ගතයක්(Content) වීම.(Unique Content)
               මේකෙන් මං අදහස් කරන්නේ වෙන තැනකින් හෝ පොස්ට් එකකින් හෝ කිසිම දෙයක් ගන්න එපා කියලා නම් නෙමෙයි. ඒ ගන්න දේ ඔබේම දෙයක් කරගන්න. ඔබේම වචනවලට පෙරලන්න. ඔබේම අදහසකින් ඒ දේ පැහැදිලි කරන්න කියන එකයි. ඔබ බ්ලොග් පොස්ට් එකක් දැම්මත්, ඔබ හදන Website එකේ යම් Service එකක් හෝ Product එකක් ගැන Article එකක් ලිව්වත් ඒ විදියට කරන්න.

2. මූලාශ්‍ර යොදා ගත්තනම් ඒවා සඳහන් කරන්න.(Mention the sources)
               හැකි හැම විටම ඔබ යම් තැනකින් යම් දෙයක් උපුටා ගත්තා නම් ඒ දේට Link එකක් යොදන්න. හැබැයි අපි ඉගෙන ගත් දෙයක් වෙන තැනකින් දැනගත් දෙයක් අපේම විදියට අපේම අදහසකින් ඉදිරිපත් කරද්දී නම් එහෙම ඕනා නැහැ කියන එකයි මගේ නම් හැගීම. ඒක ගැන ඔයාලට වෙනත් මතයක් තියෙනවනම් Comment එකකින් ඒ ගැන දාන්න. මමත් කැමති විවිධ අදහස් වලට ඉඩ දෙන්න. මම නොදකින පැති දකින්න.

3. වඩාත් සංවිධානාත්මක සහ ප්‍රමිතියකින් යුතු  අන්තර්ගතයක් හදාගන්න.(Well Organized and Quality Content)
               මේකෙන් මං අදහස් කරන්නේ ඔබේ අන්තර්ගතය(Content) පිළිවෙළකට නිසි ක්‍රමේකට තියෙන්න ඕනා කියන එකයි. ඒවගේම හොඳ ප්‍රමිතියකින් යුතු අන්තර්ගතයක් හදාගන්න. එහෙම නැත්නම් ඒක කියවන අයට එපා වෙනවා. සරලව කිව්වොත් මුලින් කියන්න ඕන දේ මුලිනුත්, මැදින් කියන්න ඕනා දේ මැදිනුත්, අවසානෙට කියන්න ඕනා දේ අවසානේටත් කියන්න. මුල, මැද, අග පටලවාගන්නෙපා. ඔබේ අන්තර්ගතය නැවත නැවත කියවලා බලලා එක තහවුරු කරගන්න. 

4. ඔබ කතාකරන මාතෘකාවට ගැළපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Relevant Content)
               මේකෙන් මං අදහස් කරන දේ සරලව කිව්වොත් ඔබ බල්ලෝ ගැන නම් කතා කරන්නේ දිගටම බල්ලෝ ගැන කතාකරන්න. බල්ලෝ ගැන කතාකරන්න පටන් අරන් අවසානයේ බලු මැක්කෝ ගැන විස්තර වෙන විදියේ අන්තර්ගතයක් හදාගන්නෙපා. ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. අදාළ නැති දේවල් ගැන සඳහන් කරන්නෙපා සුළුවෙන් වත් අදාළ නැත්නම්. සුළුවෙන් හෝ අදාළ දේ අදාළ තැනදී සඳහන් කිරීමට වග බලාගන්න.

5. අවශ්‍ය ප්‍රමාණයට ආකර්ෂණීය අන්තර්ගතයක් යොදාගන්න.(Attractive Content)
               ඔව් අවශ්‍ය ප්‍රමාණයට කියන එකෙන් මං අදහස් කරේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් කියන එක තමයි. නැත්නම් ඕනාවට වඩා ආකර්ෂණීය කරගන්න ගිහින් අනවශ්‍ය දේවල් වැඩිවෙන්න පුළුවන්. ඒකෙන් අන්තර්ගතයේ තත්වය බාල වෙන්න පුළුවන්. ආකර්ෂණීය වෙන්න ඕනා අනිවාර්යෙන්ම අන්තර්ගතය. ඒත් ඒ දේ පරිස්සමෙන් කරන්න ඕනා.

6. ඔබේ වෙබ් අඩවියට, බ්ලොග් එකට එන අයට ගැලපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Appropriate Content)
               ඔබේ වෙබ් අඩවියෙන් ඉලක්ක කරන පිරිසට ගැලපෙන විදියට හැම විටම අන්තර්ගතය සකසන්න. නිසි ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරලා ඔබේ අන්තර්ගතය හදන්න.(Target the correct audience)

7. ඔබේ වෙබ් අඩවියට එන පිරිස ගැන මූලිකව සිතා මිසක් Search Engine ගැන විතරක් සිතා අන්තර්ගතයක් සකසා නොගන්න.(Focus on Users not Search Engines)
               මේක ගොඩ දෙනෙක් පොට වරද්දගන්න දෙයක්. හැම විටම මූලික අවධානය ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ ප්‍රේක්ෂක පිරිසට දෙන්න. ඔවුන්ට ගැලපෙන ලෙස මිසක් තනිකරම Search Engines ගැන හිතලා අන්තර්ගතය සකසන්න යන්නෙපා. ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. අනික දැන් Search Engines පවා උත්සහ කරන්නේ භාවිතා කරුවන්ට හොඳම දේ දෙන ගමන්ම අනික් තාක්ෂණික කරුණු ගැනත් සලකා බලල තියෙන Websites වලට ඉහල පිළිගැනීම ලබා දෙන්න. ඒ නිසා භාවිතා කරුවන්ට හොඳ ප්‍රමිත්යක් ලබාදෙන ඒවා තොරාගැනීමටයි මූලිකත්වය දෙන්නේ. ඒ මිසක් , තාක්ෂණික කරුණු හොඳින්ම සපුරන ඒවාට විතරක් පිළිගැනිම දෙන්නෙ නැහැ.


පාඩම නම් මැද්දෙන් නැවැත්තුවා පොස්ට් එක ගොඩාක් දිග වෙන නිසා. එත් වැදගත් යමක් ඔයාලට ලබාදෙන්න ඇති කියලා හිතනවා. අදට සෑහේ. ඉතුරු කරුණු 7 ඊළඟ පොස්ට් එකෙන්. මේ එකේ ලින්ක් එක. එකත් කියවන්න. මොකද මේ බාගයයිනේ.
SEO 10 - On Page Optimization - Content - Part 3

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


Written by:  Admin Dila

3 comments :

http://www.edudept.up.gov.lk/forum/ or http://www.uvapde.com. onna mulma rajya ict forum eka avith ekathu wenna

Anonymous
November 19, 2014 at 11:02 PM comment-delete

ela site ekak. thanx post ekata...
http://www.ginidal.top/2016/08/the-best-site.html

September 9, 2016 at 2:43 AM comment-delete

super

December 21, 2017 at 9:26 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...