Like us on Facebook

Web Technologies in 10 minute.. වෙබ් තාක්ෂනයන් සාරාංශය...



ආයුබෝවන්.. 
බ්ලොග් ලිපියකින් කාලෙකින් හමුවන නිසා ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනයත් එක්කම ලිපිය පටන් ගන්නම්. මුලින්ම එකතුව බ්ලොග් සැණකෙළියේදී අප හට ලබා දුන් ජයග්‍රහණය වෙනුවෙන් නැවත වාරයක් අපගේ මිතුරන් හැමෝටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම බ්ලොගය නිතරම යාවත්කාලීන කරමින් ලිපි පල කල ඇඩ්මින් Dilaටත් ස්තුති වන්ත වෙනවා. හොදයි අද ලිපියෙන් ඔයාලට ලබා දෙන්න යන්නේ මොනවද කියන එක ගැන විමසල බලමු. මේක බොහොම කලින් බ්ලොග් එකෙන් දෙන්න හිටපු දෙයක්. වෙබ් තාක්ෂනයන් පිළිබද සාරාංශ ගත තොරතුරු ඇතුලත් Presentation 1k. මේ Presentation එක 3 idiots බ්ලොග් එකේ මිතුරන් හදාරන උපාධියේ පළමු වසර විෂයක් සදහා 2013 අවුරුද්දෙදි නිර්මාණය කරපු එකක්. මෙහි එක් එක් මාතෘකා යටතේ බොහොම කෙටි විස්තර තමා Presentation එකේ නම් ඇතුලත් වෙලා තියෙන්නේ. මොකද ඉදිරිපත් කරන්නා විසින් මාතෘකාවට අදාලව කරුණු විස්තර කරන නිසා ඉතාමත් කෙටි විස්තර හා පින්තුරයන් යොදා ගෙන තමයි Presentation එක නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම මෙය නිර්මාණයේදී මා විසින් ඉතාමත් වැදගත් කෙටි වීඩියෝ කොටස් ඇතුලත් කර තිබෙනවා. ඒවා යොදාගෙන තියෙන්නේ සරලව නරබන්නෙකුට කරුණු තේරුම් ගැනීමට හැකි වන ලෙසයි. Paragraph ලෙස ගොඩක් කරුණු ඇතුලත් නොවුනත් වෙබ් තාක්ෂනයන් පිළිබද ඉගෙන ගැනීමට උනන්දු අයෙක්ට තමන් දැනට දන්නා කරුණු හා ඒවාට අදාල වෙබ් ත්ක්ෂණයන් පිළිබද පැහැදිලි අවබෝදයක් ලබා ගැනීමට නම් මෙය උපකාරී වන බව නිසැකවම කිව හැකියි. මොකද මෙහි පෙළගැස්ම වෙබ් තාක්ෂනයන් පිළිබද සම්පුර්ණ අදහසක් ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකුට උචිත අයුරින්ම සැකසිලා තියෙනවා.


අන්තර්ගතයන් හා පෙළගැස්ම..,

1. හැදින්වීම හා අන්තර්ජාලය තුල විනාඩියක්
2. HTML & CSS
3. Web Servers
4. Client & Server Side Technologies
5. Database Management Systems
6. Blog Systems
7. Forum Systems
8. Web Frameworks
9. Content Management Systems (CMS)
10. E-Commerce Systems
11. Payment Gateways
12. Deep Web
13. Future Web Technologies
14. HTML5 & CSS3
15. Mobile Web Technologies
16. Responsive Designing
17. jQuery Mobile
18. Phonegap

වැදගත්:
මෙම Presentation ගොනුව 160MB පමණ වන අතර වඩාත් හොදින් නැරබීම සදහා Microsoft Office 2013 සංස්කරණය පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි. මෙහි එක් එක් මාතෘකාවට අදාලව ඉතාමත් කෙටි විස්තර ඇතුලත් බව සලකන්න. අපගේ බ්ලොග් අඩවියේ දැනට පලවී ඇති Web Development හා සබැදි ලිපි හා E-Books පරිශීලනය කරන්නන්ට හා Web Development සම්බන්දව උනන්දු සියලුම දෙනාට මෙය වඩාත් උචිතයි.


ඉහත සදහන විශේෂයෙන්ම යෙදුවේ බාගත කරගැනීමට පළමුව හැමෝටම  මේ ගැන හොද අදහසක් ලබා ගැනීමට හා මෙය වඩාත් වැදගත් වන අපේ මිතුරන්ට තෝරා බේරා ගන්න. පහතින් Screenshots කිහිපයක් ඇතුලත් කර තියෙනවා.

Presentation Screenshots








Presentation එකේ සදහන් මාතෘකා පිළිබද තව දුරටත් කරුණු දැන ගන්න ඕනනම් පහතින් කොමෙන්ටුවකින් අපට දන්වන්න. අවශ්‍ය මාතෘකා සදහා නව ලිපි පෙළක් හා මාතෘකාවට අදාලව දැනුම ලබාගත හැකි විධික්‍රම සියල්ල ඔයාලට ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනව Presentation එක පහලින් බාගත කරගන්න. හොදයි එහෙමනම් නැවතත් අලුත් ලිපියකින් හමු වනතුරු හැමෝටම ජය වේවා..!




Written By Admin Priya.

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...