Like us on Facebook

SEO in Sinhala 10 - SEO සිංහලෙන් - On Page Optimization - Content-Part 3


අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න..

SEO පාඩම් සියල්ලම..

On Page Optimization - Content-Part 3

කලින් පාඩමේ කරුණු 7ක් ගැන කතා කලානේ. මේ එකේ ලින්ක් එක.
SEO 9 - On Page Optimization - Content-Part 2

අද ඒකේ කතා කරපු කරුණු 7 නිකන්ම කරුණු විදියට දැම්ම මතක් වෙන්න පහලින්.



1. ඔබේම අන්තර්ගතයක්(Content) වීම.(Unique Content)
2. මූලාශ්‍ර යොදා ගත්තනම් ඒවා සඳහන් කරන්න.(Mention the sources)
3. වඩාත් සංවිධානාත්මක සහ ප්‍රමිතියකින් යුතු  අන්තර්ගතයක් හදාගන්න.(Well Organized and Quality Content)
4. ඔබ කතාකරන මාතෘකාවට ගැළපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Relevant Content)
5. අවශ්‍ය ප්‍රමාණයට ආකර්ෂණීය අන්තර්ගතයක් යොදාගන්න.(Attractive Content)
6. ඔබේ වෙබ් අඩවියට, බ්ලොග් එකට එන අයට ගැලපෙන අන්තර්ගතයක් යොදාගන්න.(Appropriate Content)
7. ඔබේ වෙබ් අඩවියට එන පිරිස ගැන මූලිකව සිතා මිසක් Search Engine ගැන විතරක් සිතා අන්තර්ගතයක් සකසා නොගන්න.(Focus on Users not Search Engines)

අද 8 වෙනි එකේ සිට....

8. අදාළ විදියට අවශ්‍ය තැන් වල Links යොදාගන්න.(Use appropriate Links in appropriate places)
               මේකත් යම් ප්‍රමානෙකට අනාගන්න දේවල් වලින් එකක්. අන්තර්ගතයේ තත්වය වැඩි කරන්න කියල හිතලා ඕනා එකටයි එපා එකටයි හැම එකටම Links දාන්න යන්නෙපා. Links මගින් SEO කෙරෙහි යම් බලපෑමක් වෙනවා. ඒ දේවල් ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කෙරෙනවා. එත් Links මගින් SEO සඳහා කරන බලපෑම අධිතක්සේරු කරලා හැම තැනම Links දාලා අනවශ්‍ය විදියට අන්තර්ගතයේ තත්වය අඩු කරගන්න යන්නෙපා.

9. අදාළ විදියට අවශ්‍ය තැන් වල Images, Videos යොදාගන්න.(Use appropriate Images, Videos in appropriate places) 
               මේකත් යම් ප්‍රමානෙකට කලින් එක වගේමයි. අන්තර්ගතයේ තත්වය වැඩි කරන්න කියල හිතලා ඕනා එකටයි එපා එකටයි හැම එකටම Images, Videos දාන්න යන්නෙපා. අනවශ්‍ය විදියට අනවශ්‍ය ප්‍රමාණයෙන් ඒවා යොදාගන්න ගිහින් අන්තර්ගතයේ තත්වය අඩු කරගන්නෙපා. ඔබ යම් දෙයක් පැහැදිලි කරනවානම් ඒවාට අදාලව වඩාත් හොඳින් පැහැදිලි කරන, ගැළපෙන Video එකක් තියෙනවානම් ඒක අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්න ඔබේ අන්තර්ගතයට. අවශ්‍ය තැන්වලදී රුප සටහන්, Images භාවිතා කරන්න. මොකද වචන ගොඩකින් කියන දේ ඊට වඩා හොඳට Image එකකින්, Video එකකින් කියන්න පුළුවන් අවස්ථා බොහොමයි. ඒ නිසා නිසි ලෙස, අවශ්‍ය තැනදී, අවශ්‍ය විදියට ඒවා යොදාගන්න.

10. ඔබ කියනා දෙය අවශ්‍ය පරිදි තහවුරු කරන්න.(Try to prove what you say as necessary.)
               ඔබ කියන කාරනා, ඔබ උගන්නන දේ, ඔබ Market කරන Service එක , Product එක පිලිබඳ ඔබ කියන පෙන්නන දේවල් හැකි හැමවිටම තහවුරු කරන්න. එතකොට කියවන බලන අයට ඒවා ගැන විස්වාසනීයත්වයක් ඇතිවෙනවා. ඒ තුලින් ඔබට නොදැනිම ඔබේ පිරිස(traffic) වැඩිවෙනවා.

11. අන්තර්ගතය තුල Ads අවශ්‍ය නම්, අවශ්‍ය ලෙස Ads මිස, Ads ගොඩක් තුල අන්තර්ගතයක් නොයොදන්න.(Ads inside a content not a content inside a bunch of ads)
               සමහරු තවත් වරද්දගන්න දෙයක් තමයි මේක. වැඩි ආදායමක් ලබන්න ගිහින්, වැඩිපුර දෙනෙක්ගේ අවදානයට ලක්වෙන්න Ads තියෙන්න ඕනා කියලා හිතාගෙන ඕනෑවටත් වඩා කරදරයක් වෙන මට්ටමටම අන්තර්ගතය අස්සේ Ads ඔබනවා. එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද එකෙන් ඔබ වැඩි ප්‍රතිලාභ ගන්න ගිහින් අන්තිමේ උන්නු ප්‍රේක්ෂක පිරිසත් නැතිවෙනවා. ඒ නිසා Content එක සමග Ads යොදද්දී වඩාත් උචිත ලෙස වගේම, කියවන අයට බාධාවක් නොවී ඒ අය ඒවා කෙරෙහි යොමුවෙන විදියට යොදන්න උත්සාහ කරන්න. නැත්නම් Content එකක් තුල Ads වෙනුවට Ads අස්සේ Content එකක් වගේ පෙනෙයි.

12. ඔබේ අන්තර්ගතය ගැන අනෙක් අයගේ අදහස් විමසා බලන්න.(Have reviews of others)
               මේක ගොඩාක් හොඳ දෙයක්. ඔබේ පොස්ට් එක පිලිබඳ, ඔබේ හෝ ඔබ හදන වෙබ් අඩවියේ අන්තර්ගතය ගැන යම් අවබෝධයක් ඇති අයගෙන් අදහස් ලබාගන්න. මිතුරන්ගේ අදහස් ලබාගන්න. මං වුනත් මේ දාන පොස්ට් ගොඩාක් වෙලාවට අපේ බ්ලොග් එකේ Admin කෙනෙක්ට කියවන්න දෙනවා පුබ්ලිෂ් කරන්න කලින්. නැත්නම් පුබ්ලිෂ් කරපු ගමන්ම පෙන්නලා අදහස් විමසනවා. මොකද අපි නොදකින වැරද්දක්, අපි නොදකින පැත්තක් තව කෙනෙක් දකින්න පුළුවන්. අපි එකෙන් ප්‍රයෝජන අරගන්න ඕනා.

13. සෑමවිටම අන්තර්ගතය මගින් ඔබේ බ්ලොග් එක, ඔබේ Service හෝ Products අනිත් අයගෙන් වෙනස්වෙන හැටි අගවන්න.(show the users why your blog or Product, Service different from others)
               හැම විටම ඔබගේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ අන්තර්ගතය යොදාගෙන ඔබේ බ්ලොගය හෝ වෙබ් අඩවිය අනිත් ඒවායින් වෙනස්වන හැටි අඟවන්න. පැහැදිලි කරන්න. ඔබේ Service, Products අනික් ඒවායින් වෙනස් වන හැටි පෙන්වන්න. පැහැදිලි කරන්න. වෙනත් බ්ලොග් වලට වඩා ඔබේ බ්ලොග් එක තෝරා ගත යුත්තේ ඇයි කියන දේ පැහැදිලි කරන්න. ඔබ Website එකක් සඳහා SEO කරන්නේ නම් වෙනත් Websites වලට වඩා ඔබ නිර්මාණය කරන වෙබ් අඩවියේ තරඟකාරී සමාගම් වලට වැඩ වෙනසක් ඇති බව අන්තර්ගතය තුල පෙන්වන්න.

14. නිතරම අලුත් දේ එකතු කරමින් ඔබේ Blog එක හෝ Website එක අලුත්ම තොරතුරු සමග යාවත්කාලීන කරන්න. (Make your Blog or Website always fresh and update it with latest stuff)
               ඔබ බ්ලොග් එකක් සඳහා මෙලෙස SEO කරන්නේ නම් නිතර නිතර අලුත් පොස්ට් එක කරමින් හැකි සෑම විටම බ්ලොග් එක යාවත්කාලීන කරන්න. (කරන්න අමාරුම වැඩක් තමයි.අත්දැකීමෙන් දන්නවා. :)  එත් හැකි හැම විටම එසේ කරන්න.)
ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ නම් එහි එම සමාගමේ හෝ ව්‍යාපාරයේ අලුත්ම තොරතුරු අන්තර්ගතයට ඇතුලත් කරන්න. එලෙසින්ම මතුවට සිදු වන අලුත්වීම්, වෙනස්කම් අනුව යාවත්කාලීන කිරීමට පහසුකම් සපයා දෙන්න. නැතිනම් නිතර යාවත්කාලීන කළහැකි වෙන සේ බ්ලොග් අඩවියක් එයට සම්බන්ධ කොට නවතම තොරතුරු එහි ඇතුළත් කිරීමට ක්‍රමවේදයක් සකසන්න.

අවසාන වශයෙන් කෙටි වීඩියෝවක් පොස්ට් එකට එක් කරනවා. කෙටියෙන් විස්තර කිහිපයක් තියෙනවා. 



මූලාශ්‍රය(Source):  Google WebMasters Channel 


පාඩම නම් ටිකක් දිග වුනා. කොටස් 2කට දාන්නත් වුනා. එත් ඔයාලට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා දීමයි මගේ අරමුණ. දිග වැඩි වුනත් වැදගත් යමක් ඔයාලට ලබාදෙන්න ඇති කියලා හිතනවා. අදට හොඳටෝම සෑහේ. ඊළඟ පාඩමෙන් මේවා ගැන වැඩිදුර විස්තර කරන්නම්.
ඊළඟට අපි On Page Optimization යටතේ Titles ගැන කතා කරමු.

අපේ පාඩම් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


Written by:  Admin Dila

4 comments :

සුපිරි ඈ

September 2, 2016 at 8:09 AM comment-delete

ela

January 13, 2018 at 3:05 AM comment-delete

nice aa

August 22, 2018 at 11:40 AM comment-delete

Casinos Near Atlanta - JTM Hub
Harrah's Cherokee Casino Resort has 2,100 slots and 2,800 보령 출장샵 slot 서귀포 출장마사지 machines. A 김천 출장마사지 casino 남원 출장마사지 also has a sportsbook and live bar. All of those are in 경기도 출장샵

March 3, 2022 at 10:49 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...